(නිමන්ති රණසිංහ)
කර්මාන්ත හා වාණීජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වූ උතුරු මැද පළාත් පළාත් සභා මන්තී‍්‍ර රිෆ්ඛාන් බදියුදීන් මහතා විසින් රුපියල් ලක්ෂ 240ක් වටිනා මන්නාරම තෙලෙයිමන්නාරමේ පිහිටි අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගත්තැයි කියන සිද්ධියකට අදාළ සාක්ෂිකරුවන්ගේ සම්පිණ්ඩන වාර්තාවක් ලබන අගෝස්තු 22 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මෙම සිද්ධියේ රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සදහන් කර සිටියේ තම සේවාදායකයා මෙම සිද්ධියේ අගතියට පත්වී ඇති බැවින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.
මෙම සිද්ධියේ අගතියට පත්වී ඇත්තේ මුල් පැමිණීලිකරු විනා එම ඉඩමට බලෙන් ඇතුළු වූ රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා නොවන බැවින් අගතියට පත් පාර්ශවය ලෙස සළකන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය.
එසේම, මේ වන තෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් නොකළේ මන්දැයි අද (18) මහෙස්ත්‍රාත්වරිය එම දෙපාර්තමේන්තුවෙන් විමසුවාය.
මෙම සිද්ධියට අදාළ රිෆ්කාන් බදුර්දීන් සම්බන්ධයෙන් මන්නාරම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් වාර්තා කැඳවූ බවත් එහිදී ඉඩම් 23කට අදාළ තොරතුරු වාර්තා වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්නාරමේ අක්කර 40ක ඉඩම ගැන සාක්කිකරුවන්ගේ වාර්තා කැඳවයි
jagathwana Thursday, 18 July 2019 12:04 PM
ඇයි එදා කොමිසම හමුවේ කිවේ රිෂාඩ් බදුයුදීන්ට ඉඩම් නෑ කියල, තියනවානම් ඔක්කොම රජයට පවරගන්න කියල. දැන් ඉතින් ඔය ඔක්කොම ඉඩම් විල්පතුවත් ඇතුළුව රජයට පවරගන්න තමයි තියෙන්නේ.
jagathwana Thursday, 18 July 2019 12:11 PM
ඇයී රජයේ තක්සේරුව මෙච්චර අඩු, අක්කරේ රු 60,000 යි, පර්චස් එකක් වෙන්නේ රු 375 යි.
Asanka Thursday, 18 July 2019 12:59 PM
මොකටද බොරුවට උසාවියේ කාලේ නාස්ති කරන්නේ