(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ කෝප් කමිටු සාමාජිකයින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට කොමිසමේදී හෙළි වු කරුණු ගැන දේශපාලනඥයින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ බොහෝමයක්ම පදනම් විරහිත බව බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (20) කීවේය.
කොමිසමේදී හෙළි වු කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයින් මාධ්‍ය වෙත කරන ලද විවිධ ප්‍රකාශ කෙරෙහි කොමිසම අවධානය යොමු කළ බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා මෙම ප්‍රකාශ බොහෝමයකටම පාදක වී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් සහ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් අතර ද සිදුවු දුරකතන සංවාද පිළිබඳව යැයිද පැවසීය.
කොමිසමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් අතර සිදුවු දුරකතන සංවාද පිළිබඳව සහ අනෙකුත් ඩිජිටල් උපකරණ පිළිබඳව පරීක්ෂා කළේ යැයි සඳහන් කළ සභාපති විනිසුරුවරයා මෙම පරීක්ෂණයෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් විශාල පිරිසක් පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව හඳුනාගනු ලැබු බවද සඳහන් කළේය.
අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් නමැත්තන්ගේ දුරකතන දත්ත මත පදනම්ව විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් විසින් සපයන ලද තොරතුරු මත මෙම ක්‍රියාවලිය සිදු කරනු ලැබු බවත් සඳහන් කළ සභාපති විනිසුරුවරයා කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දුරකතන සංවාද පිළිබඳ තොරතුරු ලබා ගැනීමක් හෝ පරික්ෂා කිරීමක් සිදු නොකළ බවත් සඳහන් කළේය.
දුරකතන සංවාද වල අඩංගු වී ඇති දෑ හෝ සංනිවේදනය කරන ලද කිසිවක් සාක්කි වශයෙන් කොමිසම වෙත ඉදිරිපත් නොකළ බවද සඳහන් කළ සභාපති විනිසුරුවරයා සමහරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී තොරතුරු ලබාගත් බවට සමහරක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ සම්පුර්ණ අසත්‍ය බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද පරීක්ෂා නොකළ බව කොමිසම කියයි
නිතිය නැවීම Monday, 20 November 2017 11:05 AM
කොමිසම නීතිය කඩලා වගේ පේන්නේ.
SATHYAPALA Monday, 20 November 2017 11:06 AM
මේක බරපතල වැරදි අර්ථකතනයක්. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී හොරකම්, වංචා, දුෂණ මිනීමැරුම් ගැන නොසොයා සිටිය යුතුයි කියන්නේ මොන පදනමකින්ද? නීතිය ඇත්තේ යහපත වෙනුවෙන් මිස අයහපත වෙනුවෙන් නොවේ. වහා නීතිය ඉදිරියට ගොස් මේවා වහා පැහැදිලිකරගත යුතුමය. මේ හදන්නේ තමන් බෙල්ලෙන්ම අසුවී ඇති මොහොතක ගැලවීමට උපක්‍රම සෙවීමයි.
කොමිසම නිතිය කඩල Monday, 20 November 2017 11:12 AM
"දුරකතන දත්ත මත පදනම්ව විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් විසින් සපයන ලද තොරතුරු මත මෙම ක්‍රියාවලිය සිදු කරනු ලැබු බවත් සඳහන් කළ සභාපති විනිසුරුවරයා" "දුරකතන දත්ත මත පදනම්ව" කොමිසම නිතිය කඩලා. දඬුවම බරපතලයි. හිටපු ජනපතිද මෙයට විරුද්ධයි.
ravin Monday, 20 November 2017 12:59 PM
කොමිසම පත් කරද්දී ලබාදුන් නීති රාමුව තුල පමණක් කරුණු කාරණා සොයා බැලුවා නම් කිසිවරදක් නැත. එසේ නැතුව තමන් නිවැරදියි කියලා දේශපාලකයෝ කියන පලියට නොපිළිගත යුතුයි. දේශපාලකයෝ රටේ තියන සේසතම හුරා කාලා අපි නිවැරදි කියලා කියන එක ඊයේ මලගිය මහල්ලයි, අද ඉපදුනු ළදරුවයි නෑර හැමෝම දන්නා දෙයක්....
chanda daayakayaa Tuesday, 21 November 2017 12:31 AM
නීති ආයතනයක් විසින් හොරෙක් , හොරකමක් හෝ මිනීමැරුමක් ගැන හොයනකොට දුරකතනයක් හරහා දේශපාලකයෙක් සම්බන්ධ නම් වරප්‍රසාද යටතේ හොරකම හෝ මිනීමැරුම සෙවිය නොහැකිද?
pali Tuesday, 21 November 2017 02:36 AM
දැන් ප්රශ්නය, මේ බලු හොරකම කරපු පාදඩයින්ටඅච්චු කිරීීමට වැඩකිරීම නොවෙයිි, හොරා බව ඔප්පු කරපු එකයි ,ඒකෙන් උන්ට සිදදුවුවායයි කියවෙන හානිය ගැනයි,ජාතියට වු හානිය නිසා දුප්පතාට විදින්නට වී තිබෙන විනාශයත් ගැන ,පිටරට ඩොළර් වලින් යැපෙන අපේ ඡන්දය මුන්ට දෙවවීමට මහ කථා කළ සිවිල් සංවිධාන දැන් සැනසිල්ලේ නිදි වගේයි
Anura Tuesday, 21 November 2017 04:22 AM
දේශපාලකයෝ රැකෙන්නේඅපේ මුදල්වලින්. ඒ නිසා ඔවුන් කරන සියලුම කාර්යයන් දැන ගැනීම මහජනතාවගේ අයිතිවාසිකමකි. එයට අකමැති නම් පාර්ලිමේන්තුවට නොපැමිණ වෙනත් රැකියාවක් කරන්න තිබුණා.