IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන්ත්‍රීට පහරදුන් 13 දෙනා 26 දක්වා රිමාන්ඩ්

(  ඉන්දික අරුණ කුමාර)

ලග්ගල - තෙල්ගමු ඔයේ දිය නෑමට පැමිණි කඩවත ප‍්‍රදේශයේ  පිරිසක් හා ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රිවරයෙකු ඇතුළු පිරිසක් සමඟ ඇති වු ගැටුමට සම්බන්ධ පිරිසෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා ලබන බදාදා (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලූෂිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (24) නියෝග කළාය.

ලග්ගල ප‍්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති කඩවත හා අවට ප‍්‍රදේශවල පදිංචිකරුවන් දිය නෑම සඳහා තෙල්ගමු ඔයට ගිය අවස්ථාවේ දී පැවති මත්පැන් සාදයක් අතර තුර එහි පැමිණ ඇති ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට අයත් මන්ත‍්‍රි වරයෙකු වන පී.ජී. ජයම්පති බණ්ඩාර නැමැති අයට පහර දි තුවාල සිදුකළේ යැයි සඳහන් කරමින් ලග්ගල පොලිසිය නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික සෙනවිරත්න මහතා අධිකරණයේ දී කියා සිටියේ සැකකරුවන් රැදී සිටි තෙල්ගමු ඔයට ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සමග රෝහල් ගතවී සිටින මන්ත‍්‍රිවරයා  සමග 6 දෙනෙකුගෙන් පමණ පිරිසක් පැමිණ මත්පැන් ඉල්ලා ඇති බවයි.

සැකරුවන්ගේ මත්පැන් පානය කරන අවස්තාවේ දී ඇති වු බහින් බස් වීමකින් අනතුරුව සිය සේවා දායකයින් 13 දෙනාට අතින් පයින් හා යකඩ පොලිවලින් පිරිස පහරදී ඇති බව ද අධිකරණයේ දී නිතීඥ ඉන්දික සෙනවිරත්න මහතා කියා සිටියේය.

කඩවත ප‍්‍රාදේශයෙන් පැමිණි පිරිස අතර එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මාතලේ රෝහලට ඇතූළත් කර ඇති බව ද නිතීඥ ඉන්දික සෙනවිරත්න මහතා අධිකරණයේ දී කියා සිටියේය.

කරුණු සියල්ල සැලකිල්ලට ගත් නාඋල මහේස්ත‍්‍රාත් ලූෂිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය සැකකරුවන් හ`දුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළේය.

මීට අමතරව සැකකරුවන් සම්බන්ධයෙන් අදාල වෛද්‍ය වාර්තා, නඩු දිනයට අධීකරණයට ඉදිරිපත් කරන ලෙස ලග්ගල පොලිසියට මහේත‍්‍රාත් වරිය නියෝග කළාය.

ලග්ගල පොලිසිය බී 503/18 බී වාර්තාව යටතේ සැකකරුවන් ආවරණය කර අධ්කරණයට ඉදිරිපත් කර තිබිණි.

ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රි පී.ජී. ජයම්පති බණ්ඩාර මහතා සිද්ධියෙන් තුවාල ලබා ලග්ගල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද ලග්ගල පොලිසිය සඳහන් කළේය.

ලග්ගල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ.එම්.ජේ.ඩබ්ලිව්.කේ. අමරසිංහ මහතාගේ උපදෙස් යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.

 

 



අදහස් (1)

මන්ත්‍රීට පහරදුන් 13 දෙනා 26 දක්වා රිමාන්ඩ්

විජිත් Monday, 24 September 2018 07:24 PM

මන්ත්‍රීට මිනිස්සු නිකම්ම ගහන්නේ නැහැනේ. මන්ත්‍රී මොකක් හරි දෙයක් කරන්න ඇති. හිරේ ගියත් මේ අය හොඳ ආදර්ශයක් ලංකාවේ මිනිස්සුන්ට දීලා තියෙන්නේ. මන්ත්‍රීලා ඇමතිලා හිතාගෙන ඉන්නේ ඕන දෙයක් කරන්න පුළුවනි කියලා.

:       1       108

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 804 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 285 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 346 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 302 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 488 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4160 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site