IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට කැත්තකින් කොටන්න යයි

(අමදෝරු අමරජීව)
 

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට කැත්තකින් පහරදිමට තැත් කළ බව කියන පුද්ගලයෙකු අග්බෝපුර පොලිස් වසමට අයත් අග්බෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

 
මන්ත්‍රිවරයා රැගත් වාහනය එළුවන් සමූහයක් මැදින් ධාවනය වීමෙන් එළුවන් කුලප්පුවීම නිසා කෝපයට පත් එළුවන් දක්කාගෙන ගිය පුද්ගලයා  බීමත්ව   පහරදීමට තැත්කර ඇති බව මන්ත්‍රීවරයා  පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 
අත්අඩංගුවට ගත් පුද්ගලයා පැවසුවේ මන්ත්‍රීවරයා සමඟ පැමිණි පිරිසක් තමන්ට පහරදුන් බවත් ඒ හේතුවෙන් තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගනිද්දී පොලිසියෙන් පැමිණ අත්අඩංගුවටගත් බවත් ය.

 
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා එම පහරදීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ කැත්තක් රැගෙන තමන්ට පහරදීමට පැමිණි පුද්ගලයා  තම ආරක්ෂක නිලධාරීන් විසින් මෙල්ල කළ බවය.

 
ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කන්තලේ මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
අග්බෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (18)

මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට කැත්තකින් කොටන්න යයි

Raveendra Monday, 21 January 2019 07:28 AM

අපගේ මතකය නිවැරදි නම් අඟල් 5 ඇණ සිහියට අාවා...

:       14       260

KANDEPOLAMonday, 21 January 2019 07:52 AM

ඇයි නාලන්ද එල්ලාවල ඝාතනය?

:       50       227

ධනුෂ්කMonday, 21 January 2019 11:33 AM

එ් කාලේ තක්කඩි වැඩ කරපු ගොඩක් අයට. මේ අාත්මය තුළදීම ස්වභාවධර්මය විසින් දැඩි දඬුවම් ලබා දුන්නා. සමහරු බෝම්බ වලින් කුඩුපට්ටම් වෙලා ගියා. මෙතනත් හෙඩ්ලයින් එක දකිද්දිම එකපාරම හිතුනේ මෙතුමටත් කලකම් පල දීලා කියලා. පස්සෙයි දැක්කේ තාම නෑ කියලා

:       0       125

Amila Monday, 21 January 2019 07:50 AM

අනිවා ඒ අහිංසක මනුස්සයා මේ මදාවි මන්ත්‍රී ගහන්න ඇති. මාධ්‍ය පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මෙයාගේ ඉතිහාසයේ එච්චර හොඳ නෑනේ...

:       48       304

ජයන්ත මිලානෝ Monday, 21 January 2019 07:55 AM

අඟල් පහේ පරාල මොනවද? ඊට වඩා දේවල් මෙතුමා කරලා තියෙනවා... ඇයි මගේ මතකයේ හැටියට කතානායක තුමාගේ බෑණා වෙන්න හිටිය කෙනාවත් මෙතුමා... අනේ මන්දා නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. අනේ අහිංසක එලුරාල...

:       55       203

Hafeel Monday, 21 January 2019 07:57 AM

නාලන්ද එල්ලාවල ඝාතනයත් මතකයට එනවා.

:       66       303

wedage Monday, 21 January 2019 08:04 AM

පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි පහාත් තැනින් යයි ගලා ජලේ

:       0       133

hemantha Monday, 21 January 2019 08:12 AM

දේශපාලකයන්ට ඕනෑම බොරුවක් ගොතලා පොලිසියට කියලා සාමාන්‍ය මිනිස්සු අත්අඩංගුවට ගන්න පුළුවන්.

:       0       187

Buddika Monday, 21 January 2019 08:19 AM

අහිංසක මිනිහෙකුට බොරු චෝදනා කරන්නේ කවුරු කියලා හිතාගෙනද? ත්‍රිමාවිතාන, නාලන්ද එල්ලාවල කොහොමද මැරුණේ? ඇණ ගහලා, සිගරට් කොටවලින් පුච්චලා, රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ ඇදගෙන ගියේ කව්ද? මුන්ට හෙණ ගහන්න ඕනේ...

:       0       321

ජයන්ත මිලානෝ Monday, 21 January 2019 08:23 AM

ගම් පාරවලින් යනවිට ඕනෑම සංවර රියදුරකුම දන්නවා එලු හරක් පට්ටි පාරෙ යනවිට කොහොමද වාහනය හසුරවන්නෙ කියලා.

:       74       141

Hafeel Monday, 21 January 2019 11:23 AM

අනික ආරක්ෂක නිලධාරීන් ඉඳිද්දී කව්රුහරි මෙහෙම කරාවිද?

:       47       151

nihal Monday, 21 January 2019 08:44 AM

ඇග තිබුනට මොලේ නැත්නම් මොකද කරන්නේ

:       0       78

mahinda Monday, 21 January 2019 08:51 AM

මීලග මැතිවරනයේදී ත්‍රීකුණාමලයෙන්ම ඉහල මනාපය දී පාර්ලිමේන්තුවට එවන්න

:       8       81

Saranapala-Kuruwita Monday, 21 January 2019 09:22 AM

ලෝක කපටියෙක් සහ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මොහුගේ මස්සිනාට ත්‍රිකුණාමලයෙන් මුහුද අයිනේ රජයේ ඉඩම් නොමිලේ ලබාදීලා තියෙනවා. වගකිව යුත්තන් සොයා බලන්න...

:       92       357

dias Monday, 21 January 2019 11:23 AM

මේවගේ මැරයෝ තමා අද පාර්ලිමේන්තුවට රිංගලා ඉන්නේ. ඉතින් රටට සෙතක් වෙයිද?

:       200       352

Sumal Monday, 21 January 2019 11:38 AM

නාලන්ද වගේ වැදගතෙක් නැති වුණා. රටට ලොකු හානියක් වුණේ...

:       203       289

Saman Monday, 21 January 2019 03:28 PM

මෙයානම් හරිම අහින්සකයි.

:       0       0

nihal Tuesday, 22 January 2019 04:57 AM

හලෝ සුසන්ත තමුන් මන්ත්‍රී උනේ ජනතාවට සේවය කරන්නද ....ජනතාවගෙන් සේවය ලබන්නද ..........ඒ රටේ මැතිවරු තනිකර කෙලින්නේ පිස්සු ......

:       0       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 87 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 121 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 235 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 75 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 240 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 437 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site