IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන්ත්‍රී සිද්ධාර්ථන්ගෙන් ජනපතිට ලිපියක්

(එෆ්.අස්ලම්)


නව රජය වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීමෙන් පසු යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් කේන්ද්‍රගතව මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.


නව රජයේ මෙම තීරණයෙන් පසු උතුරේ ප්‍රදේශ ගණනාවක පස් වැලි ගොඩදැමීම් සහ ප්‍රවාහනයන් ජාවාරම් වශයෙන් සිදුවන බවද සිද්ධාර්ථන් මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම්වත් කර ඇති මන්ත්‍රීවරයා  දිනකට ලොරි සහ ට්‍රැක්ටර් රථ සිය ගණකින් වැලි ප්‍රවාහනය කරන බවටද එහි සදහන් කර ඇත.

යාපනය කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල පිහිටි මරුදංකේනි,පලෙයි,කරෙයිචි යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ කේන්ද්‍රගතව පස් හා වැලි ගොඩදැමීම් ජාවාරම් ලෙසින් සිදුවන බවද පෙන්වා දී ඇත.


පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලාලි, අල්ලිපලෙයි, පූලෝපලෙයි, ඉයක්කච්චි,මන්දුවිල්,සුන්ඩිකුලම් ආදී ප්‍රදේශවල පෞද්ගලික ඉඩම්වල මෙම ගොඩදැමීම් සීඝ්‍ර වශයෙන් සිදුවන බවත් රජය මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් සිය ලිපියෙන් තවදුරටත් අවධාරණය කර තිබේ.


දිනකට 100 කට වැඩි ට්‍රැක්ටර් හා ලොරි රථ වලින් මෙලෙස පස්,වැලි ප්‍රවාහනය කිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද බලාපොරොත්තු වෙනවා යැයි ද සිද්ධාර්ථන් මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.



අදහස් (17)

මන්ත්‍රී සිද්ධාර්ථන්ගෙන් ජනපතිට ලිපියක්

ලුම්බිණි Friday, 13 December 2019 07:57 AM

මේක තමයි වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීමෙන් බලාපොරොත්තු වුනේ... මොකටද කලබල වෙන්නේ?

:       239       429

Bamunuarachchi Friday, 13 December 2019 08:22 AM

හලෝ වැලි ප්‍රවාහන පමණයි බලපත්‍ර ඉවත් කලේ වැලි ගොඩ දැමීමට බලපත්‍ර ඕනේ... ඒ නිසා කියනවා හැම තැනම බලපත්‍ර රහිතව වැලි ගොඩදානවා කියලා... ප්‍රශ්නය එතැනයි තිබෙන්නේ. මම මහියංගනයේදී දැක්ක පොලිස්කාරයන් හැම හන්දියකදීම පගාව ගන්නවා. ඒවා කිසිකතාවක් නැතුව ලොරිකාරයන් ගෙවනවා. නමුත් ඒවා අයවෙන්නේ පාරිභෝගිකයාගේ බිලෙන්... මේ වැලි ගෙනියන්නේ ගොඩනැගිලි හදන්න මිස වෙන බම්බුවකට නොවෙයි. බලපත්‍ර ඉවත් කිරීම නිසා පාරිභෝගිකයාට අඩුමිලට වැලි ලැබෙනවා. හැබැයි වැලි ප්‍රවාහනයෙන් අධික ලාභ ලැබූ ටික දෙනකුට කෙළවුණා.

:       444       516

dumindaFriday, 13 December 2019 10:29 AM

මිල වැඩි වෙන්න හේතුව පොලිසිය නම්, තමන් යටතේ තියන පොලිසිය හදන්නයි ඕනෑ. බලපත්‍ර අයින් කළා කියලා අඩුවට වැලිගන්න තැනක් තියනවා නම් කියන්න මාත් ගේ හදන ගමන් ඉන්නේ...

:       16       188

MaheeFriday, 13 December 2019 02:15 PM

ඔව් ඔව් බමුණු, රෙදි නැතුව පාරේ යන්න බලපත්‍ර වුවමනා නොවුණාට රෙදි නිෂ්පාදනය කරන්න බලපත්‍ර ඕනෑතමයි. වැලි ප්‍රවාහනයට නිදහස දුන්නාම ඒ වැඩේ කරන ව්‍යාපාරිකයන් අහසින් වැලි ගන්නේ නෑ. හොරෙන් ගොඩදාන වැලිත්, බලපත්‍ර වැලිත් කියන දෙකම හිතේ හැටියට ප්‍රවාහනය කරනවා. අතරමගදී ඇල්ලුවට කරන්න දෙයක් පොලිසියටවත්, දිසාපතිටවත් නෑ. ඇයි, ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නැති නිසා...

:       0       159

sumaneFriday, 13 December 2019 06:32 PM

බමුණාගේ මොලේ අප්සට්.. වයසයිනේ දැන්...

:       1       135

BamunuarachchiSaturday, 14 December 2019 09:39 PM

හොරෙන් වැලි ගොඩදාන එකයි, වැලි ප්‍රවාහනයයි දෙකක්. එහෙනම් වැලි ප්‍රවාහනයට බලපත්‍ර දීලා වැලි ගොඩ දැමිල්ලට බලපත්‍ර නොදී ඉමු. ඉස්සෙල්ලා ප්‍රශ්නය තේරුම් ගන්න. වැලි ප්‍රවාහනයට බලපත්‍ර ඉවත්කලේ ඒ ගැන රජය කිසියම් හේතුවක් නිසා. ඒ තීන්දු ගත්තේ ඔයාලා වගේ මිනිසුන් සමග කතකොරලා නොවෙයි.

:       1       0

BamunuarachchiSunday, 15 December 2019 04:05 AM

ජනතාව හැටියට මට ගේ හදා ගන්න වලිටික තරඟ කාරී මිලකට අඩුවෙන් ලැබෙනවානම් වැලි ටික කොහෙන් ලැබුනාම මට මොකෝ. ඒවා හොයන්න රජයෙන් නිලදාරී පත් කොරලා තිබෙනවා.ඒ ගොල්ලන්ගේ රාජකාරිය අපි කරන්න ඕනේ නැහැනේ. ඒ ගොල්ලෝ හොරෙන් වැලි ගොඩ දාන්න ඉඩදීලා තිබෙනවානම් ප්‍රවාහනය කර ගත්තාම ඇති වැරැද්ද මොකක්ද?

:       1       0

69 ලක්ෂයෙන් එකෙක්Friday, 13 December 2019 09:53 PM

බමුණා හෙළුවෙන්. මට පෙන්නේ බමුණත් අපේ අලුත් විද්‍යාත්මක ඇමති මණ්ඩලේ උපදේශකයෙක්ද කොහෙද. එකනේ ජාවාරම් කාරයින්ට ඕනි ලෙස ඉක්මන් තීරණ අරන් වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර ඉවත් කලේ, වාරයේ ක්න්ටේනර් ස්කෑන් එක නවත්තල දැම්මේ.

:       0       136

BamunuarachchiSunday, 15 December 2019 04:00 AM

වැදගත් අදහසක් වැදගත් විදිහට ඉදිරිපත් කරන්න කාගෙවත් පස්සේ දුවන්නේ නැතුව. කියන අදහසට හේතු සහිතව විරුද්ධවන්න. වැලි ගොඩ දැමීමට බලපත්‍ර අවශ්‍ය නම් ගොඩ දාපු වැලිටික ගෙනියන්න බලපත්‍ර මොකටද? මම ගෙයක් හදනවානම් මට අඩු මුදලට ලොරියක් සොයා ගන්න පුළුවන් නම් මම ගිහිල්ලා අවශ්‍ය තැනකින් වැලි ප්‍රවාහනය කර ගන්නවා. අදාළ නිලදාරීන් මගේ ඇසුවානම් වැලිගත්තේ කොහෙන්ද කියලා මම කියනවා අහවල් තැනින් වැලි ගත්තේ කියලා. ඔවුනට පුළුවන් වැලිගොඩ දැම්මේ බලපත්‍ර ඇත්තේ කොහෙන්ද කියා සොයා බලන්න. ප්‍රශ්නයේ මුල එතනයි. අනිවාර්යෙන්ම වැලි ලාබෙට හම්බ වෙනවා. මේ අය හොරට වැලි ගොඩදාන එක ගැන කතා කරන්නේ නැහැ. වැලි ප්‍රවාහනය ගැනයි කතාව. පොලිස්කාරයෝ පමණක් නොවෙයි බලපත්‍ර කෙරුවාවෙන් බොහෝ අය සන්තොසම් ලබනවා. එය නැතිවෙනවාටයි මේ හොරු කෑගහන්නේ. දැන් ඒ බර ජනතාවට නැහැ මැට්ටෝ.

:       1       0

Dasa PSaturday, 14 December 2019 03:50 PM

අපේ නැන්දම්මත් ඉස්සර බමුණා විදිහට හිතුවා නම් බඳින්න කලින් අපිට ඕන ඉලව්වක කරක් ගහන්න ඉඩදෙන්න තිබුණා.

:       0       2

beeau Friday, 13 December 2019 09:32 AM

වැලි සහ පස් ගොඩදැමීමට බලපත්‍ර ඕනේ... හැමතැනම වැලි පස් ගොඩ දානවා නම් බලපත්‍ර නැතුව එක නීති විරෝධීය. ඒ ගොල්ලන්ට නීතිය අනුව අත්අඩංගුවට ගෙන දඬුවම් කරන්න. ව්‍යාපාරය වසාදමන්න.

:       0       114

සිසිලින්Friday, 13 December 2019 12:23 PM

දැන් දැන් බලපත්‍ර කිසිවක් නැතිව බොහෝ ඇල දොලවල වැලි ගොඩදානවා. ඒවා ගැන කියන්න බිය නිසා මිනිසුන් නිහඬව ඉන්නවා. පරිසරය දැඩිසේ විනාශ වෙනවා. වැලි මිල නම් අඩුවීමක් නැහැ.

:       1       71

lankasri Friday, 13 December 2019 02:33 PM

බාගෙන කනවල දැන් ඉතින් ඉහගෙන කනවා.

:       0       44

වෙනස මාරයි පරිසරය හමාරයි Friday, 13 December 2019 09:58 PM

ඡන්දෙදි පරිසර හිතකාමී. ගොන්නු ඇඳිලා පැල හිටවනවා. පවු දෙයියනේ 69 ලක්ෂයෙන් කීදෙනෙක් ජාවාරම් කාරයෝද ජාවාරම් කාරයින්ට නම් ඉක්මන් ප්‍රතිලාබ වරායේ ක්න්ටේනර් ස්කෑන් කිරීම ඉවරයි, වැලි පස් ප්‍රවාහනය බලපත්‍ර නැතිව. වෙනස මාරයි පරිසරය හමාරයි. ඡන්දෙ කාලේ හිටවපු ගස් ටික තියෙනවද. 71 වසරක් ඇදගෙන තවත් 5 වසරක් එලෙසම

:       8       5

BamunuarachchiSunday, 15 December 2019 04:09 AM

දන්න දෙයක් බම්බුවක් කතා කරන්න. බුලත් කාලා පාරපුරාම කෙල ගහලා පරිසරය ගැන කතා කොරනවා. මෙයා විතරයි පරිසරය ගැන උනන්දු. රජය ඔය කිසිවක් නොදන්නා බබ්බුනේ.

:       1       0

වෙනස මාරයි පරිසරය හමාරයි Friday, 13 December 2019 09:58 PM

ඡන්දෙදි පරිසර හිතකාමී. ගොන්නු ඇඳිලා පැල හිටවනවා. පවු දෙයියනේ 69 ලක්ෂයෙන් කෙදෙනෙක් ජාවාරම් කාරයන්ද ජාවාරම්කාරයින්ට නම් ඉක්මන් ප්‍රතිලාබ වරායේ ක්න්ටේනර් ස්කෑන් කිරීම ඉවරයි, වැලි පස් ප්‍රවාහනය බලපත්‍ර නැතිව. වෙනස මාරයි පරිසරය හමාරයි. ඡන්දෙ කාලේ හිටවපු ගස් ටික තියෙනවද. 71 වසරක් ඇදගෙන තවත් 5 වසරක් එලෙසම

:       116       32

Anura Bandara Friday, 13 December 2019 11:57 PM

මෙම තීරණය නිසා රටෙි බොහෝ පළාත්වල පරිසර විනාශය උග්‍ර වී තිබෙනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1659 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 815 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 672 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 338 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 579 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 533 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site