(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුලු වග උත්තරකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොලොන්නරුව මහාධිකරණයේ ගොනු කළ නඩුවක් අද (18) දිනයේ කැඳවූ අවස්ථාවේදී එක් අයෙකුට රුපියල් 25000 බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පොලොන්නරුව මහාධිකරණ විනිසුරු ඉන්දික සුමේධ සුරවීර මහතා නියෝග කළේය.
ඉකුත් ජනාධිපති මැතිවරණ සමයේ 2015 ජනවාරි මස 03 වෙනි දින පොලොන්නරුව, අරලගංවිල නගරයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පහරදී, වෙඩි තබා මිනී මැරීමට තැත්කිරීම, සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ බවට ඔවුන්ට චෝදනා ගොනු කර තිබිණි.
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රණසිංහ ආරච්චිගේ රොෂාන් අනුරුද්ධ, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ජයන්ත මාරසිංහ, හල්නෙත්ති ධම්මික නිශාන්ත කුමාර, සේනක රාළලාගේ ආනන්ද විජේරාජා, රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න අනුරාධ කුමාර රත්නායක, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිංහලගේ ජගත් සමරවික්‍රම, පැලැටියාවේ දේවමිත්තාලංකාර හිමි යන 07 දෙනාය.
රජයේ නීතිඥ විරාජ් වීරසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ආරියසේන ගාල්ලගේ, අරවින්ද හබක්ගල, ගාමිණී ගුණතිලක, දිනූෂා රණසිංහ, ජයන්ති රුද්‍රිගූ යන මහත්ම මහත්මීහු ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුලු 07 දෙනාට ඇප
Chanak los angeles Tuesday, 19 March 2019 04:46 AM
මිනීමරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා, ප්‍රාදේශීය සභාපතිලා බවට පත්වෙන මාර නීතියක් තිබෙන රටක්නේ .. මෙහෙව් රටක් ලොවෙත් නැහැ ..