(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
මධුමාධව අරවින්ද මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති අජිත් ප්‍රියන්ත, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
නීතීඥ තුෂාර දිසානායක මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
‘‘පෙත්සම්කරු පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක සහ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවේ.2011 සිට 2014 වසර දක්වා කාලය තුළ පෙත්සම්කරු කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හැටියට කටයුතු කළේය.
පෙත්සම්කරු පසුගිය මස 11 සහ 12 වැනිදින අත්තනගල්ල ,වේවැල්දෙණිය , මීරීගම , ඉඹුල්ගොඩ සහ අලවල යන ප්‍රදේශයන්හි මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිතව ඇතැයි කියන ජනාධිපති මැතිවරණය සඳහා ප්රචාරක රැස්වීම් සංවිධානය කළේය.
මේ අතර දිවුලපිටිය ප්‍රදේශයේ ඉදිරි දිනයන්හි රැස්වීම් පැවැත්වීම සඳහා ව්‍යාපාරිකයෙකු වන නාලක සමරතුංග නැමැති මිතුරු හමුවීම සඳහා පෙත්සම්කරු මෙම මස 13 වැනි දින පස්වරු 7.00ට ඔහුගේ නිවසට ගියේය.
මෙම ගමනට පෙත්සම්කරුවන්ගේ මිතුරන් කීහිපදෙනෙකුද එක් විය.පෙත්සම්කරු සිය මෝටර් රථයෙන් ව්‍යාපාරික නාලක සමරතුංග මහතාගේ නිවසට ගොස් ඔහුත් සමඟ දිවුලපිටය බලා පිටත් විය.දිවුලපිටිය නගරයට යායුත්තේ මිනුවන්ගොඩ නගරය පසු කරගෙනය. මිනුවන්ගොඩ නගරයට ළගා වෙන විට විශාල රථවාහන තදබදයකට මුහුණ දුන්නේය.පෙත්සම්කරු තම රථයෙන් බැස ඒ පිළිබඳ විමසීය.
එහිදී මිනුවන්ගොඩ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වී ඇති බව දැනගන්නට ලැබිණි. මේ අවස්ථාවේදී පෙත්සම්කරුව යම් කිසිවෙකු තමන්ව වීඩියෝ ගත කර ඇති බව දැනගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී පෙත්සම්කරු ඇද සිටියේ ජාතික ඇඳුමය.
පසුදින පෙත්සම්කරු මෙම කලහයට සහභාගීවී ඇති බව සඳහන් කරමින් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය. මෙම වීඩියෝ පටය දුෂ්ඨ චේතනාවෙන් නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා විසින් මෙලෙස භාවිත කර ඇති බව පෙත්සම්කරු කියා සිටී.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධුමාධවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Buddika Thursday, 23 May 2019 02:10 PM
මොකක් ??? ඔක්කොටම කලින් නතමන්ගේ ඉතිහාසය බලනවා..... ඉස්කෝලෙදි මොකද උනේ..... ඊට පස්සේ විවාහ ජීවිතේට මොකකද? උනේ....... තමන්ගේ අයිතිවාසිකම් වලට කලින් යුතුකම් ඉටුකළාද හොයලා බැලුවානම් හරි නේද?
සෙනෙවි Thursday, 23 May 2019 02:49 PM
මෙන්න බබෙක්...
sunil Thursday, 23 May 2019 04:29 PM
මිනිස්සු මෝඩයෝ කියලා හිතන් ඇත්තේ.
රවින් Thursday, 23 May 2019 04:34 PM
තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පුකිරීමට නොහැකි නිසානේද.මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්නේ?
මල්ලී Thursday, 23 May 2019 05:40 PM
අපි බබ්බු. මොන ජනාධිපති අපෙක්ෂකයා වෙනුවෙන්ද අප්පා මැතිවරණ ප්රචාරක රැස්වීම්, කවුද අපෙක්ෂකයා කියල කියමුකෝ එහෙනං....
rohana Thursday, 23 May 2019 11:45 PM
ඉතින් මහත්තයෝ වරදක් කරලා නැත්නම් බය වෙන්නේ මොකටද?
wijith Friday, 24 May 2019 01:05 AM
මධුමාධව කියන්නේ ලංකා ඉතිහාසයේ බිහිඋන හොඳම මොළ කරුවන් ගෙන් කෙනෙක් . ඔහුව අත්අඩංගුවට ගන්න එපා මොහු තමා ඊළඟ ජනපති තනතුරට නියම සුදුස්සා.
Nishan Friday, 24 May 2019 01:32 AM
රට ගිනි තියන්න විතරයි චන්ඩිකම්.
appuhami Friday, 24 May 2019 01:42 AM
හා හරි.. අපි බත් කන හරක්නේ...
Athula Friday, 24 May 2019 03:34 AM
මොවුන් ඉන්නේ මිනිස්සු කුලප්පු කර එයින් බොරු දේශප්‍රේමීන් පෙන්වා කොහොම හරි බොරදියේ මාළු බාන්න ඔච්චර බය නම් මොකටද ගියේ..?
sirimal Friday, 24 May 2019 07:29 AM
නැතුව නැතුව. ලොක්කට අවුරුදු හතරක්ම එක නඩුවක් ඇදගෙන යන්න මේ උපාය හොඳනම් අපට නරක මොකෝ ?
Kumara Friday, 24 May 2019 08:33 AM
මෙයාගේ පැටිකිරිය කවුරුත් දන්නවා. දැන් බබා මොත්තේ දානවා.
Sarasi Friday, 24 May 2019 08:44 AM
මංකොල්ලකාරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන්, මිනීමරුවන් ඔක්කොම කියාවි... අත්අඩංගුවට ගන්න එපා අපි දේශමාමක සද්භාවයෙන් තමයි ඔක්කොම කලේ කියලා.
ananda R Friday, 24 May 2019 10:59 AM
බස් එක නතර වුනේ මිතුරා අඬගැහුවේ තැබෑරුමක්ම ළඟදීද..?
raju Saturday, 25 May 2019 08:29 PM
කරන ඔක්කොම වැඩ කරලා අන්තිමට මුලික අයිතිවාසිකමක් ඉල්ලනවා අත්අඩංගුවට ගන්න එපා කියලා. මේක මාර රටක්. මාර නීතියක්.