IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මධුමාධව නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණයක් ගන්නවා’

(විනීතා එම් ගමගේ)

මධුමාධව අරවින්ද මහතා නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමටත් නඩු පැවරීමටත් එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කර ඒ හරහා ඔහු නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ ආඥාවක් තබා ගැනීමට පිවිතුරු හෙළ උරුමය කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේය.

පොලිසිය කි‍්‍රයාකරමින් සිටින ආකාරය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බැවින් මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු පැමිණිල්ල මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් දිසානායක මහතා කීය.                                                                                                                                                                                            මිනුවන්ගොඩ සිදුවු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ ප‍්‍රශ්න කිරීම්වලට කැඳවනු ලැබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පොලිසිය මඟහරමින් සිටින බවට පොලීසිය ප‍්‍රකාශ කරන බවට පසුගියදා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණ නමුත් ඔහු පොලිසියට ගියේ යැයි ද හෙතෙම සඳහන් කළේය. 

2019.05.13 වන දින දිවුලපිටිය ප‍්‍රදේශයේ සිටි නාලක නම් හිතවතකුගෙන් මධුමාධව අරවින්ද මහතාට දවල් 12.30 ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණු බවත් ඒ අනුව නාලක හමුවීම ප.ව 7.00 ට නාලකගේ කාර්යාලයේ දී  යොදා ගෙන ඇති බැවින් එහි යද්දී සිද්ධියට මුහුණ දී ඇති බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

වෙනත් මාර්ගවලින් ගොස් මධුමාධව මහතා තම හිතවතා වූ නාලක හමුවිමට කලින් යොදාගත් පරිදි ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත ගමන් ගන්නා අතර ඔහු එම ස්ථානයට පැමිණීමට හා පිටවීමට අදාළ සීසීටීවී දර්ශන තමන් සතුව ඇති බවත් කී ඒ මහතා අදාළ සීසීටිවී දර්ශන ද ඉදිරිපත් කළේය. 

මෙම පිරිසෙන් සමහරු නිරපරාදේ  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව හෙළිවී ඇතැයි ද එකී පනතේ 3 වන වගන්තිය යටතේ කරුණු වාර්තා කළහොත් ඇප ලබාගත හැකි වන්නේ මහාධිකරණයෙන් වන අතර එය ද විශේෂ හේතු මත පමණක් බව ද පෙන්වා දුන් දිසානායක මහතා මේ සිද්ධියේ දී විහාරස්ථානයකට රැස් වී සිටි දායක සභාව ද පන්සලේ චෛත්‍යයේ හුණු පිරියම් කරන්නට ආ කම්කරුවන් ද නායක ස්වාමින් වහන්සේ හමුවීමට ආ උන්වහන්සේගේ සොහොයුරා ද පන්සලේ ඇබිත්තයා ද අත්අඩංගුවට ගෙන තිබූ බව හෙතෙම හෙළි කළේය.

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරයකු වු එඩ්වඩ් ගුණසේකර මහතා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ මිනුවන්ගොඩ සිද්ධියට මධුමාධව අත්අඩංගුවට ගත යුතු බව වන නමුත් එම සිද්ධිය සඳහා අභූත චෝදනා නගමින් මධුමාධව අත්අඩංගුවට ගැනීමටත් ඒ අනුව විපක්ෂය මේ ගැටුම් මෙහෙයවීම පිටුපස සිටින්නේ යැයි චෝදනා එල්ල කිරීමටත් ආණ්ඩුව පැහැදිලි උත්සහයක් තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමය ප‍්‍රචාරක ලේකම්වරයා කීය.

කෙසේ වෙතත් එම ගැටුම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි බවට අනාවරණය වූ චමින්ද සිල්වා පළාත් සභා මන්ත‍්‍රීවරයා ද එඩ්වඩ් ගුණසේකර නියෝජ්‍ය ඇමැතිවරයා ද අත්අඩංගුවට ගැනීම  තබා ප‍්‍රකාශයක් හෝ ලබා ගෙන නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

තුෂාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (5)

මධුමාධව නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණයක් ගන්නවා’

රවින් Tuesday, 21 May 2019 12:10 PM

හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැන්නා වගේ.

:       0       0

hasan Tuesday, 21 May 2019 12:14 PM

ගිනි තියනකොට සිංහයෝ පොලිස් එ්කෙන් හොයනකොට මීයන් වගේ හැංගෙනවා... පණ බයට බොරු කියකියා හැංගෙනවා...

:       0       0

ටි ඉන්දික Tuesday, 21 May 2019 12:20 PM

හොරා වගේ බිම බලාගෙන මාරු වෙන හැටි දැක්කම මෙයා ගැන පොඩි ළමයින්ටත් තේරෙනවා.

:       0       0

sirimal Tuesday, 21 May 2019 12:24 PM

ලොක්කාගේ හැටියටනේ ගෝලයොත් වැඩ කරන්න ඕනෑ. තව පෝය කීයද ඇදගෙන යන්න තියෙන්නේ.

:       0       0

Sara Tuesday, 21 May 2019 02:31 PM

ඇයි මහලොකු චණ්ඩියා... පඩිය ඔයතරම් බය වරදක් කරලා නැතිනම් මොකට බය වෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 585 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 274 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 616 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 97 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 74 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 746 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site