IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මත්පැන් ගැසට්ටුව ගැන ස්වර්ණා මල්ලවආරච්චිත් උසාවි යයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
කාන්තාවන්ට මත්පැන් අලෙවිහල්වල සේවය කිරීම හා මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින්   නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝණය වී ඇතැයි කියමින් ප‍්‍රවීන සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු තවත් කාන්තාවෝ 21 දෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
 
2018 ජනවාරි 10 වැනිදා නිකුත් කළ 2/2018 දරණ සුරාබදු දැන්වීම අනුව ඇමතිවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාට කාන්තාවන්ට සුරාසැල් වල සේවය කිරීම හෝ මත්පැන් මිලඳී ගැනීම වලකාලීමට නීතිමය අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන්නැයි  පෙත්සම්කාරියන් සිය පෙත්සමින් ඉල්ලා ඇත.
 
සාමජ ක‍්‍රියාකාරිණී සාවිත‍්‍රි රොද්‍රිගු ,ඩොරති බාබරා සෙනවිරත්න , කොලි මාරි ගේ‍්‍රස් ද සොයිසා , හිමාජා විජේනායක ,දිනාලි බණ්ඩාරනායක ,දිලක්ෂි මුණසිංහ , සබ්රිනා ක‍්‍රැමර් ,ශානා දන්දෙණිය , දිලූක්ෂි මාටිසන්ස් ,ටෙහානි මැතිව් ,ඈන් ද සිල්වා ,ශ්‍යාමලි ටෙරිස්ටා ෆොන්සේකා ,රානි රත්නායක , මිනෝලි සකුණිකා විජේතුංග , තිළණි අනූෂා ද සිල්වා සමරසිංහ , නිශ්රීන් ඊබ‍්‍රාහිම් ,ශංශියා දාබරේරා , ඩිල්හාරා නාලිනි ද අල්විස් ගුණවර්ධන ,ස්වර්ණා මල්ලවආරච්චි , චේතිකා හපුගල්ල සහ චම්පා රත්නසේන යන මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.
 
 



අදහස් (22)

මත්පැන් ගැසට්ටුව ගැන ස්වර්ණා මල්ලවආරච්චිත් උසාවි යයි

Sameera Tuesday, 23 January 2018 12:18 PM

ඕනෑම සමාජයක ඉන්නවා මේ වගේ කොටසක්..

:       49       157

SanathWednesday, 24 January 2018 08:57 AM

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන විදිහට බාර් ලයිසන් වලින් හරි අඩක්ම අයිති කාන්තාවන්ට. ඒ හැමෝම දේශපාලකයන්ගේ බිරින්ඳෑවරු, දියණියන්. බාර් එකේ සේවය කරන්න බැරිලු. ඒත් අයිතිකාරියක් වෙන්න පුළුවන්. මේ අයටනම් මේ නීතිය අදාළ නැද්ද?

:       0       130

රජින්ද Tuesday, 23 January 2018 01:14 PM

රැඩිකල් චිත්‍රපටිවල රගපාපු ගමන් හුගක් අය හිතාගෙන ඉන්නේ එයාල මාර රැඩිකල් උදවිය කියලා. මේ රටේ දේශපාලකයින්ගේ මෝඩකම් නිසා වැරදිකරුවන්ට නිසි දඬුවම් නොලැබුනාට එහෙමයි කියලා මේ රටේ පිරිහීම කොහොම හරි අඩු කරගන්න අපි උත්සාහ කරනවා මිසක් එක වැඩි කරන්න කව්රුහරි උත්සාහ කරනවානම් ඔවුන් සැබවින්ම උන්මන්තකයින් විය යුතුය.

:       349       311

සෙනෙවි Tuesday, 23 January 2018 01:18 PM

පස් පව් කිරීමට හිමිකම් ඉල්ලා නඩු දාන කාන්තාවන්

:       652       643

Senevji Tuesday, 23 January 2018 01:58 PM

ඔවුන් නිවැරදිය. මෙමගින් කාන්තාවන් මත්පැන් බීමට අවසරයක් පතනවා යැයි සිතන්නේ මෝඩකමටයි.

:       709       754

sahan Tuesday, 23 January 2018 03:22 PM

මත්පැන්හල් අයිතිකාරයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරවන්න බැරිද

:       171       36

ලසන්ත Tuesday, 23 January 2018 04:18 PM

මෙච්චරකල් මේරටේ අහිංසක දරුවෝ දුක්වින්දේ පවුලේ සිටින මතට ඇබ්බැහිවූ පිරිමින් හේතුවෙනි. මේ අයගේ නාඩගම මත්පැන් සාමාන්‍ය දෙයක් කර ඒ ගොඩට ගැහැනුන්ද (මවුවරුන්ද ) එක්කිරීමටය. මොවුන් කාගේ අතකොලුදැයි නුවණැත්තො වටහාගනිති.

:       544       547

athuraWednesday, 24 January 2018 04:18 AM

ඔබතුමාගේ අදහස වැරදි. මෙම කාන්තාවන් මෙම නඩුව පවරා තියෙන්නේ එයාල ඔක්කොම බොන නිසා නෙමෙයි.

:       4       63

nuwan Tuesday, 23 January 2018 05:40 PM

හැම ගැහණියම මත්පැන් බීලානටන්නේ නැහැ පාරේ. මෝඩ විදියට හිතන්න එපා. මත්පැන් බොන එක්තරා කාන්තා සමාජ පන්තියකුත් ඉන්නවා . අද ලෝකේ අයි.එස්.අයි.එස් වගේ පාලනය කරන්න හිතන්න බැහැ

:       151       522

siri Tuesday, 23 January 2018 06:52 PM

ඔයතරම් කලබල වෙන්න එපා අයියෝ....

:       0       6

Ashan Tuesday, 23 January 2018 06:55 PM

බොහෝ අය මෙය තේරුම් ගන්නෙ වැරදියට. මත්පැන් බොන නොබොන එක තීරණය කල යුත්තේ ගැහැණු හෝ පිරිමි පුද්ගලයා විසින්. බුදුරජාණන් වහන්සේ මත්පැන් නොබොන්න කීවේ ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම. කාන්තාවන්ට පමණක් නීති දැමීම ගෝත්‍රික කමක්.

:       0       0

nimal Tuesday, 23 January 2018 11:52 PM

විවිධ හේතු නිසා මිනිසුන් මත්පැන් බොනවා. ඒත් එය සෞඛ්‍යයට හා සමාජයට යම් හානි ඇති කරනවා. මත්පැන්වල ඉතිහාසයත් හරිම පැරණියි. කාන්තාවන් මත්පැන් බීම පිළිකුල් කිරිම අපේ සමාජයේ සම්මතයක්. ඒ වාගේම යම් තරමකට මත්පැන් අපේ සමාජය තුළ පිළිකුල් කරන නිසා එහි යම් අඩුවක් තියෙනවා. නීතිගත වීම තුළ මෙම පිළිකුල් බව අඩු වී පෞරුෂය බිද වැටුණ අය ප්‍රසිද්ධියේ භාවිතයට පෙළබෙනු ඇත. ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත්තේ ඒ නිසයි.

:       0       1

පාලිත Wednesday, 24 January 2018 12:21 AM

බෞද්ධයන් හැටියට අපට මත්පැන් තහනම්...මේ අය මොනවද මේ කරන්නේ...

:       0       1

Darshana Wednesday, 24 January 2018 02:00 AM

අනේ අපොයි රටට වෙලා තියෙන දෙයක්.

:       0       0

Rev father Gihan Goonathilaka Wednesday, 24 January 2018 03:02 AM

කිසිදු ආගමක කාන්තාවන්ට මත්පැන් අලෙවිහල්වල සේවය කිරීම හා මිලදී ගැනීම නිවැරදි බව කියා තිබෙනවා ඔබ අසා තිබේද ? මෙවැනි සමාජ විරෝදී ක්‍රියා වලට ආධාර අනුබල ලැබෙන හා ප්‍රවර්ධනය තුඩු දියහැකි නීති අනුමත කරන්නේ නම් අපට කිසිදු ආගමක් හෝ ආගමික පසුබිමක් හෝ අවශ්‍ය වන්නේද නැත.

:       0       0

kasun Wednesday, 24 January 2018 03:13 AM

වාරණයක් දැමීම හේතුකොට ගෙන මෙවෙනි ගැටළු ඇතිවීම සාධාරණය.

:       0       0

ලුම්බිණි Wednesday, 24 January 2018 03:16 AM

මෙතන ඉල්ලන්නේ මත් පැන් බොන්න අවසරයක් නොවෙයි. පිරිමින් හට එක නීතියකුත් ගැහැනුන් හට තව නීතියකුත් තිබෙන එක නැති කරන්න කියලයි.

:       0       1

himal Wednesday, 24 January 2018 03:31 AM

ලංකාවේ පිරිමින්ට මත්පැන් මිලදී ගන්න, බාර්වල වැඩ කරන්න තහනමක් නෑ. එහෙම වුනා කියලා හැම පිරිමියම බොන්න ගත්තෙවත් බාර් වල වැඩ කරන්න ගත්තෙවත් නෑනේ. ඒ වගේම බොන පිරිමිත් මෙහෙම නීතියක් තියෙනවා කියලා දැනගෙන නෙවෙයි බාර්වලට යන්නේ. නීතිය දාන්නේ ගෑනු අනිවාර්යයෙන්ම බාර්වලට යන්න ඕන කියලා නෙවෙයි. පිරිමින්ට තියෙන වරප්‍රසාදය කාන්තාවන්ටත් ලැබීමේ වැ‍රැද්දක් නෑ. ඒ වරප්‍රසාදය පාවිච්චි කරනවද නැද්ද කියන එක තමන්ගේ වැඩක්.

:       0       1

aruna Wednesday, 24 January 2018 04:05 AM

ඔවුන්ගේ නම් වලින් අනුමාන කරන්න පුළුවන් ඔවුන් බොහෝ දෙනෙක් බෞද්ධ නොවන හෝ බෞද්ධ ගුණදහම් වල සාර ධර්ම නොදන්නා අය බව. 70% පමණ බෞද්ධ නියෝජනයක් ඇති රටේ බෞද්ධ ගුණදහම් වල වටිනාකම් නැති නොවන ලෙස කටයුතු කිරීම, රටේ පාලකයන්ගේ වගකීමක් සහ යුතුකමක්.

:       0       21

Rasika Wednesday, 24 January 2018 06:36 AM

මේ රටේ එක එක ජාතිවලට වෙනස් නීති අැත ඒවටත් සම අයිති ඉල්ලන්න

:       0       0

Shan Wednesday, 24 January 2018 07:26 AM

හැමෝටම සම තැන තියෙන්න ඕන. බොන එක, නොබොන එක පුද්ගලික තීරණයක්.

:       4       18

Vajira Wednesday, 24 January 2018 07:35 AM

මේ නීතිය මෙච්චරකල් තිබුණට ක්‍රියාත්මක උනේ නෑ. මේක අයින් කළා කියලා අපේ රටේ කාන්තාවෝ හෙට ඉඳන් පෝලිමේ ගිහින් බාර් වලින් අරක්කු බොන්න යන්නේ නෑ. ස්වර්ණා පැහැදිලිවම කියනවා එයාලගෙ අරමුණ කාන්තාවන් මත්පැනට හුරු කිරීම නොවේ. කාන්තාවන් පහත් කර සැළකීම අපේ රටේ මූලික නීතියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්නා දීම කියලා.

:       18       73

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 568 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1960 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1463 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 826 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2009 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site