(ඩයනා උදයංගනී)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි අන්තර්ජාතික නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සහ ත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කලාපීය මෙහෙයුම් ආරම්භ කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතය.
ඒ අනුව ගුවන්තොටුපල අපගමන බද්ධ වන ඇමෙරිකානු ඩොලර් 60ක මුදල මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා වසර දෙකක කාලයක් සඳහා අය නොකර සිටීම, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් වසරක කාලයකට එම බද්දෙන් සියයට 50ක් පමණක් අයකිරීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මීට අමතරව මත්තල ගුවන් තොටුපලෙන් පිටවන සංක්‍රමණික සේවකයන් සඳහා වන ගාස්තු වෙනුවෙන් වට්ටමක් ලබාදීම, බිම් මෙහෙවර ගාස්තු සඳහා වට්ටම් අනුපාතයක් දීම හා ගුවන් තොටුපල දෙකෙහිම සහනදායී මිලකට ඉන්ධන ලබාදීමත්, ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස ගොඩබෑමේ සහ ගුවන්යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම ආදී සහන ලබාදීම ද මේ යටතේ සිදුකෙරේ.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මත්තලට-රත්මලානට ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීමේ සහන පැකේජයක්
Bamunuarachchi Saturday, 29 February 2020 01:45 PM
සහන පැකේජ දීලා තමයි අලුත් දෙයක් ජනතාව අතරට යවන්න පුළුවන් පුරුදු වුණාම අපි පොලිත් එක්ක ඒවා අයකර ගමු. සිගරට් ජනතාවට පුරුදු කළෙත් ජනතාවට නොමිලේ දීලා කියලා පැරණි මිනිසුන් කියනවා මම අහලා තිබෙනවා.
de silva berlin Saturday, 29 February 2020 02:44 PM
මත්තල සිට මගින් 30 - 100 අතර ගෙනයන්න පුළුවන්... කුඩා ගුවන්යානා උපයෝගී කරගෙන, යාපනයට සහ ඉන්දියාවේ සංචාරක මරමස්ථාන වන ගෝවේ, ත්රිවන්ද්රම් වැනි ගමන්වලට ගුවන් පහසුකම් සැපයූවොත් සමහර විට ඉල්ලුමක් තිබේවි..., මත්තල සිට කටුනායකට සහ රත්මලානට බොහෝදුරට කවුරුවත් ගුවන් යානයකින් යන එකක් නැහැ. දැන් අධිවේගී මාර්ගය භාවිතා කර, පැය 2 1/2ක් තුළ හම්බන්තොට සිට කටුනායකට සහ රත්මලානට පහසුවෙන් යන්න පුළුවන්...