IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්නේ නෑ

(නිමල කොඩිතුවක්කු)
 
මත්තල ගුවන්තොටුපළ කිසිසේත්ම ඉන්දියාවට විකිණීමක් සිදු නොවන බවත් එහි පාඩුව අවම කරගැනීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් සිදුකරගෙන යාමට පමණක් රජය සැලසුම් කර ඇති බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
 

මත්තල ගුවන්තොටුපලේ පසුගිය වසරේ මාසික වියදම රුපියල් ලක්ෂ 2900ක් වුවත් එහි ආදායම රුපියල් ලක්ෂ 65ක් පමණක් බවත්  මෙයට අමතරව  ණය වාරික ලෙස වසරකට  රුපියල් ලක්ෂ 17000ක් ගෙවීමට සිදුවී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ලාභයක් ලැබෙන මත්තල ගුවන්තොටුපලෙන් සිදුවන පාඩුවෙන් සියයට 70ක් ඉන්දියාවට දැරීමට සිදුවන පරිදි නව ගිවිසුමට එලැබෙන බවත්  පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
 
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
 ‘‘ මත්තල ගුවන්තොටුපළ හදද්දී 2010 වසරේදී ඩොලර් මිලියන 190ක් චයිනා බැංකුවෙන්  ණය අරන් තියෙනවා. මෙයට අමතරව  ඒක හදපු සමාගමට ඩොලර් මිලියන 39.5ක් අමතරව  වියදම් වෙලා තියෙනවා.  ඩොලර් මිලියන 230ක විතර වියදමක්  ඒ අනුව එම සමාගම දරලා තියෙනවා.  අපේ රජය ඩොලර් මිලියන 20ක් පමණ යොදලා තියෙනවා.  ඒ අනුව මත්තල ගුවන්තොටුපලේ සමස්ත  වියදම ඩොලර් මිලියන 252ක් පමණ වනවා.
 
මේක හදන්න ගත්ත  ණය වාරික 2015 ඉඳන් 2030 වෙනකම්  අවුරුදු 15ක් ගෙවන්න  ඕනෑ. මෙහි ඉදිකිරිම් කටයුතු සඳහා වසරකට කෝටි 170ක ණය  ගෙවන්න  ඕනෑ. 2015 ඉදන්  2018 වසර දක්වා අපි  කෝටි 170 ඒවා  තුනක් ගෙවලා තියෙනවා.
 
එහෙම හදපු මත්තල ගුවන්තොටුපලේ පසුගිය වසරේ මාසික ආදායම රුපියල් ලක්ෂ 65යි.  මාසික වියදම රුපියල් ලක්ෂ 2900යි. ණය වාරික විදියට  ලක්ෂ 17000ක් ගෙවන්න ඕනෑ.  මේක අවුරුදු 15ක කාලයක් කරගෙන යන්න පුළුවන්ද?
 
මේක ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට ලාභ ලබන තත්වයට  ගේන්න අපි ටෙන්ඩර් කැඳෙවුවා. ඒ සඳහා යෝජනා 6 ක් ආවා. ඒ අතරින් ඉන්දියාවෙන් හොඳ යෝජනාවක් ආවා.  ඒ අනුව ඉන්දියාවට  කොටස් 70කුත්  අපිට කොටස් 30කුත්  එන විදියට සාකච්ඡා කළා.
 
ඉන්දියාව්  සිවිල් ගුවන් සේවා අධිකාරිය ගිය සතියේ ඇවිත් මේ ගැන සාකච්ඡා කළා. මේ ගිවිසුම තවම  අත්සන් කරලා නැහැ. මේ  ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ කියලා අපි ගිවිසුමට ඇතුළත් කරනවා. කැබිනට් මණ්ඩලයටත් දාලා, 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (8)

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්නේ නෑ

rohana Monday, 16 July 2018 01:15 PM

ඕවා සුදු අලි අපිට අනවශ්‍ය දෙයක් තමයි.. නම වැටෙන්න ඕනෙ නිසා කොමිස් පාරකුත් ගහගෙන කලේ.

:       146       304

rasika Monday, 16 July 2018 03:10 PM

"මට මගේ නොවන… මගේම ශ්‍රී ලංකාවක් තිබුණා…." කියල තම අපි හැමෝටම කියන්න වෙන්නේ දවසක..

:       88       153

Sampath Monday, 16 July 2018 04:53 PM

කිසිම සැලැස්මක් නැහැ. රට ගත්ත දවසේ ඉදල බැරි බැරියාව. රටම විකුණගෙන කන්නේ නැතුව කරන්න බැරිනම් කරගෙන හිටපු මිනිස්සුන්ටම දීලා ගියානම් මොකද?

:       569       616

අජිත් මාතර ගමගේ Monday, 16 July 2018 10:22 PM

ඔය කියන විදියට මත්තල ගුවන්තොටුපලින් වෙන්නේ පාඩුවක් නම් ඉන්දියාව සල්ලිදිලා ගන්නේ මොන අමරුවකටද . නි ඇමතියෝ ඔයා දක්ෂයෙක්නම් ඔක විකුන්නනේ නැතිව ලාභ ලබන ක්‍රමවේදයක් හදන්න පුළුවන්නේ. ඕක ඒකාබද්ධ ව්‍යාපාරයක් නම් ඉන්දියාව ඔයාලට සල්ලිදෙන්න ඕන නෑ. ඕකට අපිනම් කියන්නේ විකුණන් කෑම කියල. ඔයාල වැඩකරන්නේ ලොක්කගේ නායපත්තරයට බව රටමදන්නවා. ඔයාලා රට විකුණන් කාපු ඉතිහාසයේ ලොකුම ද්‍රෝහීන් වීම වලක්වන්න බැ . ඒවගේම මතකතියාගන්න මහජනතාව ඔයාලවගේ ද්‍රෝහීන් නැවත පාර්ලිමේන්තුවට පත්නොකරනබව.

:       5       64

Manel Monday, 16 July 2018 10:47 PM

මේ වගේ මෝඩ කතා අහල දැන් හොඳටම ඇතිවෙලා. දැන් කියන්නේ ඉන්දියාව කැමැත්තෙන් අපේ පාඩුවෙන් 70 % ක් අනුන්ගේ අමාරුවට ශෙයා කරනවා කියලද?

:       2       71

Sathya Tuesday, 17 July 2018 03:31 AM

ඉන්දියාව අපිට පවු කියලා කරනවා ඇති. පාඩුව 70%ක් ගන්නවා කියල මිනිස්සු අන්දවන්නේ නැතිව ඉන්දියාවට 70%ක කොටස් දෙනවා කියන්න. ඒ වගේම තමයි ලාබ ලබද්දීත් ඉන්දියාවට 70%ක් ලැබෙනවා කියන්න. මිනිස්සු හැමෝම ඕක නොතේරෙන මෝඩයෝ නොවෙයි.

:       1       81

kalani Tuesday, 17 July 2018 04:58 AM

සම්පත් මයා, අමුඩය ඉදිරිපසින් මෙන්ම පසුපසින් ගැලවුවත් නිරුවත අඩුවැඩි වශයෙන් පෙනෙනවා. දෙගොල්ලම වුවමනාවටත් වඩා රට අගාධයට ගෙනගිය බව දැන මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ ඇයි?

:       64       3

BATTTA Tuesday, 17 July 2018 05:44 AM

පර්ලිමෙන්ට් එකත් 10%ක් අපට තියාගෙන 90% තව කාට හරි යන විධියට ගිවිසුමක් ගහමු? 10%කුත් වැඩියි. 5%ක් ඇති.

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 209 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 31 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1628 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 331 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1541 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1524 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site