IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මත්තල ඉන්දියාවට විකුණනවට මම විරුද්ධයි - එස්.බී

(විනීතා එම් ගමගේ)

 
ශ්‍රී ලංකාවට අයිතිය තබාගෙන හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස ඉන්දියාවත් සමඟ කටයුතු කරනවා මිස මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණන්නේ නම් තමන් ඊට දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

 
ක්ෂණිකව ලාභ නොලැබුවත් මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය ලංකාවේ ආර්ථිකයට දිගුකාලිනව තීරණාත්මක ශක්තියක් දෙන්න පුළුවන් තැනක් යැයි ද  දිසානායක මහතා කීය.
 
මානසික රෝගයක් හැදිල වගේ අහුවෙන සියල්ල විකුණා දමන්නට ආණ්ඩුව කටයුතු කරන බවත් එයට එරෙහි විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
 
   ‘‘මත්තල ගුවන්තොටුපල ගැන මම දරන අදහස තමයි මම 1970 විශ්ව විද්‍යාලයේ ඉන්න කාළේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ දේශන සඳහා එන්නේ ආර්ථික විශේෂඥයෙක් වන ආචාර්ය නෙවිල් කරුණාතිලකයි.
 
ඔහු හැමදාම කියන දෙයක් තමයි මේ හම්බන්තොටට හැතැම්ම හතක් අටක් එහායින් ලෝකයේ තියෙන ලොකුම නාවික ගමනාගමනය වැටිල තියෙනවා. නැව්වලට වතුර ටිකක් දෙන්න පුළුවන් නම් මේ ආණ්ඩුවේ හරකුන්ට ලංකාවට පොහොසත් වෙන්න ඒ ටිකම ඇති කියලයි එතුමා කිව්වේ.’’ යැයි ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
 
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පුංචි බොරුල්ල පිහිට නිදහසේ කේන්ද්‍රයේ පැවැති 16 කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (9)

මත්තල ඉන්දියාවට විකුණනවට මම විරුද්ධයි - එස්.බී

tommy Thursday, 19 July 2018 03:15 PM

ඉන්ධන හලක් මාර්ගයක් අසල තැනු විට, ඉන්ධන ගැනීම සඳහා වාහන එම ස්ථානයට පැමිනේන්නාක් මෙන්, වරායක් හැදු කල එතනට නැව් ඒමට පටන් ගන්නේ නැහැ. නැව් අද බොහෝවිට ඔවුන්ට අවශ්‍ය බංකරින් සේවා ලබා ගන්නේ ඔවුන් ප්‍රවාහනය කරන බඩු පටවන හෝ ගොඩබාන ස්ථානයෙනි. අද ඇති නවීන නාවික යාත්‍රා නිෂ්පාදනය කර ඇත්තේ ඉතා දුර ගමන් කල හැකි අයුරින් නිසා, අතරමැදි ස්ථානයකින් බංකරින් සේවා ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එබැවින් මත්තල ගුවන් තොටුපලට හා හම්බන්තොට වරායට රටේ ආර්ථිකයට දායක විය හැක්කේ හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත ශාලා ඇති වුවහොත් පමණි.

:       1       320

Ivan Thursday, 19 July 2018 04:11 PM

බලය නැති වුනාම කියන කතා බව ජනතාව දන්නවා.

:       1       146

vidya Thursday, 19 July 2018 08:13 PM

ඔයා විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ කොමිනිස්ට් කාරයෙක් කියල අපි අහල තියනවා. ප්‍රති පත්තියක් නැති අරෙහෙට මෙහෙට පැන පැන බුරනවා නේද?

:       0       134

abaran Friday, 20 July 2018 12:04 AM

මාර වැඩේ...මෙයා විරුද්ධ නම් මොකවත් කරගන්ට බැරි වේවි...

:       0       144

Bamunuarachchi Friday, 20 July 2018 12:53 AM

මත්තල ඉන්දියාවට විකුණන එක හරිද වැරදිද කියන එක නොවෙයි මගේ ප්‍රශ්නය. "මම විරුද්දයි" කීම පිළිගැනීමට ජනතාව ඉදිරියේ ඔබ කවද?

:       0       449

kalani Friday, 20 July 2018 06:46 AM

මුළු හදවතින්ම,අකම්පිතව විද්‍යාත්මක සොයාබැලීම් කල අතීත දේශපාලන නායකයින් පිළිබඳ අපේ ඉතිහාස සටහන් අල්ප වෙත්දී අනාගතය දුටු මිනිස්සු ලෝක ඉතිහාසයේ අනන්තවත් සිටියහ. මත්තල වේවා හම්බන්තොට වේවා එවැනි සොයා බැලීම් කල, අනාගත පරපුරට ආඩම්බර විය හැකි ධන නිධානයක් වන ව්‍යාපෘති නොවන බව මගේ විශ්වාසයයි. ඒවා හුදු දේශපාලන විජ්ජා පමණක් වූ විට විනාශ වන්නේ ජනතාවගේ මුදල්ය. ඉතිරිවන්නේ සමරු පාලක පමණි. ජනතාවගේ ජීවිතවල සෞභාග්‍යය වෙනුවෙන් ඉටුකළ සේවය අර්ථවත්භාවය බවට පත්වන්නේ එම කාර්යය නිසි ක්‍රමවත් වූයේනම් පමණකි.

:       0       1

Anura Friday, 20 July 2018 07:24 AM

ඉස්සෙල්ලා හේවාහැට පළාතේ මිනිසුන්ට තියෙන අඩුපාඩු ටික බලල වැඩක් කරන්න. ගම හදාගන්න බෑ, රට හදන්නයි කතාව..

:       0       2

Hafeel Friday, 20 July 2018 08:23 AM

එතකොට හම්බන්තොට වරාය චීනයට දෙනකොට කොහේද හිටියේ?

:       0       3

Mohan Saturday, 21 July 2018 10:13 AM

මෙයා පැරදුනානේ. හැබැයි ජාතික ලැයිස්තුවෙන් අරන් ඇමතිකමකුත් දුන්නා. ජනතා පරමාධිතප්‍ය බලය අපිට නෑ නේද ? අපි කතිරේ ගැහුවට ඒකේ කිසිම බලයක් නෑ නේද? කල්පනා කරන්න වෙලාව.

:       0       352

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 641 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2035 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1495 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 844 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2056 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site