( ජයන්ත සමරකෝන්)
දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන පොඩි ලැසීගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම ස්ථානයේ බන්ධනාගාර ජේලර්වරයකුද සිට ඇත.
ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා බවත් එවන් ස්ථානයක සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (22) පොලීසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවත් මීටියාගොඩ පොලීසිය පවසයි.
බුස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස මොහු කලක් කටයුතු කර ඇති අතර ගාල්ල බන්ධනාගාරයට ස්ථානමාරුවීමක් ලබා පැමිණ සති දෙකක් පමණ කාලයක් බවද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඉකුත් 19 වැනිදා මෙම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර හෙරොයින් විකුණු ස්ථානයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 6300 ක් ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ත්‍රිත්ව පුද්ගල ඝාතනයකටද සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර සිද්ධින් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු වන බවද පොලිසිය සඳහන් කළේය. මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මත්කුඩු තිප්පොලේ බන්ධනාගාර ජේලර්වරයෙක්
sirimal Sunday, 21 October 2018 11:33 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමුද ඒ අමාරුව...? මෙයාට දඬුවම් කළොත් අනිවාර්යයෙන්ම ජේලර්ලා දොස්තරලා වැඩ වර්ජනයක් පටන් ගනීවි.
PerakumSunday, 21 October 2018 01:53 PM
කොමසාරිස්ගේ පටන් සුළු සේවකයා දක්වා සියලු බන්ධනාගාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් හා එක්ව කටයුතු කරන බව අපි එදා සිටම කිවූ නමුත් මෙතෙක් කිසිවෙක් ඒ ගැන නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නැත. තව කිව්වත් එච්චර තමයි...! අපේ රටේ අවාසනාව වෙන්න ඇති.
AnandaR Sunday, 21 October 2018 03:16 PM
තමන්ගේ සේවාලාභීන් සඳහා අවශ්‍ය කළමනා ගන්න ගිහින් වෙන්න ඇති..
සතයපාල Sunday, 21 October 2018 03:47 PM
බන්ධනාගාර නිලධාරියා පාතාල සමාජිකයන් දෙදෙනෙක් කුඩු විකුණමින් සිටි ස්ථානයක සිටියා නම් ඔහුව එතැනදී අත්අඩංගුවට නොගැනීමෙන් පොලීසිය බලවත් වරදක් කර ඇති බවයි මගේ අදහස... මුලින්ම ඒ පිළිබඳව පරික්ෂණයක් කළ යුතුව තිබෙනවා.
PerakumMonday, 22 October 2018 01:40 AM
ඔව්. ඔබ ඉතා නිවැරදියි. පොලිසිය මෙතන වරදක් කර ඇත. නැතහොත් පොලිසියේද කිසියම් සම්බන්ධතාවයක් තිබිය යුතුය.
රවින් Monday, 22 October 2018 12:28 AM
හෝ හෝ !! ඔය එන්නේ එලියට. ස්ථානය කුමක්දැයි දන්නේ නැති හින්ද අහම්බෙන් හම්බ වෙලා කතාබස් කලාද? ප්‍රසිද්ධ ස්ථානයකනම් ,පාරක තොටකදිනම් අහම්බෙන් වෙන්නැති. මත්ද්‍රව්‍ය විකුණු අය බන්ධනාගාරයේ ඉඳලා තියනවද? හැදුනුම්කම කෙසේද? කෝකටත් ජේලර්ගේ වත්කම් හොයලා බැලුවොත් නරකද? ටෙලිෆෝන් පරික්ෂා කලානම් ?
de silva Monday, 22 October 2018 02:10 AM
මත්ද්‍රව්‍ය තිපල්ලේ සිටි අනිකුත් පුද්ගලයන්ට ක්‍රියාත්මක කරන නීතිය මොහුට ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිසිය බලවත් වරදක් කර ඇත.