IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්කුඩු ජාවාරම නිසා රැඳවියන් සම්බන්ධයෙන් බරපතල තීන්දු ගන්න වුණා

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
බන්ධනාගාර තුළට පිටතින් මත්ද්‍රව්‍ය පැමිණෙන බවට ලැබුණු තොරතුරු වලට අනුව සමහර බන්ධනාගාර නිලධාරීන් සහ සමහර රැඳවියන් සම්බන්ධයෙන් බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවු බවත් බන්ධනාගාර තුළ සිට මත්කුඩු ජාවාරම් කරන ඉතිරි ටික දෙනාත් වෙනත් බන්ධනාගාර වලට මාරු කරන බවත් අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (21)  පැවසුවාය.

නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ  ස්ථාපනය කරනු ලැබු ප‍්‍රථම ස්ථිර තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් තලතා අතුකෝරල මහත්මිය එසේ පැවසුවාය.

තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණ ශාලාවෙන් පිටත කොරිඩෝවේදී  මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් එසේ කී තලතා අතුකෝරල මහත්මිය ජේ.ආර්. ජයවර්ධන මහතා හදපු ව්‍යවස්ථාව 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය වෙනස් කළ නමුත් එය මේ වන විට යළිත් වෙනස් වී ඇති බවත් කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ වර්ථමාන ජනාධිපතිවරයාට පමණක් යැයිද කීවාය.

 

https://tinyurl.com/ybqsqjuv



අදහස් (4)

මත්කුඩු ජාවාරම නිසා රැඳවියන් සම්බන්ධයෙන් බරපතල තීන්දු ගන්න වුණා

Raveendra Tuesday, 21 August 2018 12:24 PM

සමාජයේ සුබසිද්දිය වෙනුවෙන් අවංකව ඕනෑම තීරණයක් ගැනීමට බිය නොවන්න. එවන් තීරණ ගැනීම්වලට අවංක පුරවැසියන් කිසිලෙස විරුද්ද නොවනු ඇත.

:       0       82

de silva Tuesday, 21 August 2018 01:21 PM

අර පහුගිය දවස්වල කිව විදිහට කුඩුකාරයන්ට මරණ දඩුවම දෙන්නේ නැද්ද ? එහෙම හිරේ ඉඳන් කුඩු බිස්නස් කරන එක්කෙනෙකුට දෙන්නෙකුට මරණ දඩුවම දුන්න නම් , අනිත් ඈයෝ මාරු කරන්න එපා කියා කියා වැලිකඩ වහලවල් උඩ නැගගෙන දඟලන එකක්ක නැහැ,

:       0       14

Dhammika Tuesday, 21 August 2018 06:33 PM

රවින්ද්‍ර මහතා වෙත .. අද වෙනකන් ජනතාවගේ පැත්තෙන් බලල නිවැරදි තීන්දු ගත්ත එකම අමතිකෙනේකුටවත් යහතින් ඉන්න ලැබුනද කැබිනට්ටුවේ .. ඔබ නිදාගෙනද හිටියේ

:       25       1

RaveendraWednesday, 22 August 2018 04:47 AM

Dhammika මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අප අපගේ මාතෘ භූමියට හදවතින්ම ආදරය කරන්නෝය. එමෙන්ම අප මවුබිම ගැන හොද අවදියෙන් සිටින්නෝය. අපට කිසිදු පාටක් හෝ පක්ෂයක් ද නොමැති බවත් කිව යුතුය. අප සැමවිටම හොද දෙය අගය කරන්නෝය. ඒමෙන්ම වැරදි දෙයට වැරදියි කීමට කිසිවිට පසුබට නොවන්නෝය. මහජනතාවගෙන් වැටුප් ලබමින් තම ජීවිකාව ගෙනයන මෙම මහජන නියෝජිතයා ගත් තීරණය අප අගය කළා මෙන්ම එය ක්‍රියාත්මක වන්නේද යන්න ගැනද අප විපරමින් පසුවන්නොය. තවද අප සැමවිටම අපගේ මාතෘ භූමිය පිළිබද කටයුතුවලදී නිදි වර්ජිතව සිටින්නෝය.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 29 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 447 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 393 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 131 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1409 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 361 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site