IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 14-15දා

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ජපමාල දේවමාතාවන් නමින් කැප කර ඇති වන්නිකරයේ මඩු සිද්ධස්ථානයේ වාර්ෂික අගෝස්තු මහ මංගල්‍යය 14 හා 15 වන දිනයන්හි සුපුරුදු අයුරින්  පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සිද්ධස්ථානයේ පාලක පෙප්පි  සුසෙයි පියතුමා සඳහන් කළේය.

කොරෝනා වයිරසය නිසා මේ දිනවල අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍ය නීති රීති යටතේ මෙවර මංගල්‍යය පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මෙවර මංගල්‍යය සදහා පැමිණෙන සියලු බැතිමතුන් පනවා ඇති එම සෞඛ්‍යය නීති රීති අනුගමනය කිරිමට පියවර ගත යුතුව ඇති බවත් පියතුමා කියයි.

මෙම මංගල්‍යයේ වෙස්පර්ස් මංගල්‍යය මේ මස 14 වන දින පස්වරු 6 ට පැවැත්වීමට පියවර ගෙන ඇති අතර පසුදින (15) පෙරවරු 6.15 ට මංගල්‍ය මහා දිව්‍ය පුජා මෙහෙය පැවැත්වීමට ද අවශ්‍යය පියවර ගෙන ඇත. එම මංගල්‍යය මහ දිව්‍ය පුජා මෙහෙයන් සිදුකරනුයේ ගාල්ල රදගුරු අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ, මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු සහ මන්නාරම රදගුරු අති උතුම් අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. දිව්‍ය පුජා මෙහෙයෙන්  අනතුරුව  මරදමඩු ජපමාල දේවමාතාවන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර බැතිමතුන් ආසිරි ගන්වමින් වීදි සංචාරය කරණු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් මේ වන විට මෙවර මංගල්‍යයට එක්වීම පිණිස මෙහි පැමිණ සියටිනු දැක ගත හැකි අතර සියලු බැතිමතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලිමට පියවර ගෙන ඇති බවත් පොලිසිය ද විශේෂ ආරක්ෂාව සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සුසේයි පියතුමා පැවැසීය. 



අදහස් (1)

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 14-15දා

වීරවිජේ Wednesday, 12 August 2020 10:00 AM

දැන්වත් වැඩක් නැති දේවල් නොකර ඉමු. කොරෝනා කාල‍ේ පැත්ත නොබලපු සියලු අය ප්‍රතික්ෂේප කරමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 659 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 126 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 889 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 918 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1268 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site