IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


මඩාටුගම විදුහල්පතිනිය ගැන විනය ක්‍රියාමාර්ග ගන්නයි ඉල්ලීමක්

(විනීතා එම්. ගමගේ)

පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා පාසැලෙන් එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක් කර විනය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නැයි ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 
මෙම විදුහල්පතිනිය අහිංසක සිසුවියක් සමාජය ඉදිරියේ ගර්භාවට ලක්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් විනය පියවර ගත යුතු බවත් එම ලංකා ගුරු සංගමය සිය ලිපියෙන් අවධාරණය කරයි. 
ලක්ෂ 43 ක් වන ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් අතරින් එක් දරුවෙක්වත් මෙවැනි අපහසුතාවයකට පත්විය යුතු නැති බවද මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසිය. 
නවයොවුන් වියේ දැරියන් සම්බන්ධව කටයුතු කරද්දී බාලිකා පාසල්වල විදුහල්පතිනියන් ඉතා සැළකිල්ලෙන් කටයුතු කළ යුතු යැයි කී ඒ මහතා මෙවැනි සිද්ධීන් සිසු ජීවිතවලට දැඩි සේ බලපාන බව ද කීවේය.
වාර්තා නොවන නමුත් මෙවැනි දේ පාසල් පද්ධතිය තුළ සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (36)

මඩාටුගම විදුහල්පතිනිය ගැන විනය ක්‍රියාමාර්ග ගන්නයි ඉල්ලීමක්

Amal Friday, 20 October 2017 07:56 AM

වමනේ යන හැම ගැහැණු ළමයෙකුම ගැබ් අරන්ද? මේ සුදුසුකම් ලත් විදුහල්පතිනියක්ද? තමුන්ගේ ළමයෙකුට මේ වගේ දෙයක් උනොත් විදුහල්පති කුමක් කරයිද? අනිවාර්යෙන් සේවයෙන් පහ කලයුතුය. ඇත්ත නැත්ත දන්නේ නැහැ එත්. දැන් ඒ අසරණ ළමයා සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? ගැබ් පරික්ෂාවකට පෙර විදුහල්පතිනි එසේ නිගමනය කලේ කෙසේද?

:       40       1389

RaveendraFriday, 20 October 2017 10:33 AM

අමල් මය වෙත, ඔබගේ අදහස් වලටාපද එකග වන්නෙමු.මෙම මුල් ගුරුවරයාත් ස්ත්‍රියක් වන අතර ඇයගේ ක්‍රියාකලාපය කිසිදු දරුවන් සිටිනා මවක් විශේෂයෙන්ම අනුමත නොකරනු ඇත. එසේ සිදුවුව වුනත් සමාජය ඉදිරියේ විදුහල්පතිනියක් මෙසේ ක්‍රියාකළේ නම් එයද අනුමත නොකලයුතුමය. අප පාසල් යන අවදියේ සිටි ගුරුවරු ( සමහර ගුරුවරු දරදඩු වුනත් ) සහ දැන් පවතින සමාජයේ ගුරුවරු අතර වෙනස සිතා ගැනීමටවත් බැරි තරම්ය.

:       2       845

fatherSaturday, 21 October 2017 06:52 PM

මෙම ලමයා ඉවත් කර ඇත්තේ ගැබ් ගැනිම කියන සාදකය මත නොවේ. එය ඇය විසින් අනිත් ලමුන් හට කියා ඇති එක් කාරනයක් පමනි. ( මිට පෙර පාසලේ 11 (2016) වසරේ ඉගෙනුම ලැබු සිසුවියක් ප්‍රේම සබදතාවයක් මත ගැබ් ගෙන් සිටි අතර ඇයට සා.පෙළ විභාගය ලිවිමටද අවස්තාව පාසල තුල ලැබුනි. නමුත් ඇය අස් කරේ නැත. ඒ ඇය තුලින් පාසලේ අනෙක් ලමුන් අහිතකර බලපෑමක් සිදු නොවුනු බැවිනි. ඇයට මේ වන විට දරුවකු සිටි.) නමුත් මෙම අස් කරන ලද ළමයා තම පේම වන්තයා සමග ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වු. ආකාර පවසා ඇත. හිතන්න මේ 10 වසරෙ ගැහැනු ලමයකුයි මේ. ඔබගෙ දරුවා මෙම දරුවාගේ යහළුවකු වනවාට ඔබ කැමතිද. ඇය මගින් අනෙක් දරුවන්ට අනවශය බලපෑමක් ඇති නොවේද? නමුත් ඇයට නොදන්නා කමට සිදු කල ක්‍රියා පැහැදිලි කර අවවාද කර ඇති නමුත් ඇයගේ හැසිරිමේ වෙනසක් වි නොමැත. පාසල හා ඒ අවට සමාජය දැනුවත් විම තුල එම දරුවාගේ යහපත් වෙනුවෙන් ඇය වෙනත් පාසලකට ඇතුලත් කිරිමට දෙමාපියන්න උපදෙස් දි ඇත. මෙය අවසාන සිදු විම විය. මිට මාස කිහිපයකට පෙර මෙම සිසුවිය පාසල තුල ලේ පෙරා ගෙන සිටිනු දැක විමසා බැලීමේදි අත කපාගෙන යමක් ලේ වලින් ලියමින් සිට ඇත.

:       2       1

rohanMonday, 23 October 2017 11:18 AM

විදුහල්පතිනිය ඔයාගේ නෑදෑයෙක්ද? තදට කඩේ යන නිසා නිකම් ඇහුවේ...

:       0       38

mahee Friday, 20 October 2017 08:45 AM

ඒ දරුවා ගැබිනියක්ම වුණත් වැඩිහිටි ශිෂ්‍යාවක් එහෙම අපහාසයට ලක් කරන්න පාසලේ නෙමෙයි, ලෝකෙ කිසිම කෙනෙකුට බැහැ. අහංකාර කමින් ඉදිමුන, මිනිස් වෙසින් ඉන්න නැහැදිච්ච තිරිසන් සතෙකුට නම් පුළුවන් ඇති. මේ එහෙම කෙනෙක් වෙන්න ඕනෑ.

:       0       991

willowsd Friday, 20 October 2017 08:45 AM

වමනේ යන හැම ගැහැණු ළමයෙකුම ගැබ් අරන්ද? අනිවාර්යෙන් සේවයෙන් පහ කලයුතුයි.

:       0       457

ලුම්බිණි Friday, 20 October 2017 09:35 AM

මේ කාන්තාව ගුරු තනතුරකට ගැලපෙන කෙනෙක් නොවෙයි.

:       0       215

sumith Friday, 20 October 2017 09:56 AM

මට නම් හිතෙන්නේ විදුහල්පතිනිය එක්කෝ වයස පනස්දෙකක විතර මෙනවියක් කියලයි.

:       1       157

Kamal Friday, 20 October 2017 10:11 AM

මෙය කියවන යහපත් නීතිවේදීන් සිටීනම් එම පවුලට අර විදුහල්පතිනියගෙන් වන්දි ලබාගැනීමට නඩු පැවරීමට නීති ආධාර ලබා දෙන්න.

:       0       1105

තිලකරත්න Friday, 20 October 2017 10:34 AM

මම නම් හිතන්නේ මේ ගුරුවරිය පලිගන්නා චේතනාවන්ගෙන් පිරුණු ඇයගේ දරුවන්ට වුවද කාරණාවක් නොදක්වන අයෙක් විය හැකි බවයි. ඇයගේ ජීවිතයේ අමිහිරි අත්දැකීම් ගොඩකින් ඇයද පීඩා විඳිනවා විය හැක.

:       0       169

සෙනෙවි Friday, 20 October 2017 11:48 AM

මට හිතෙන්නේ මේ විදුහල්පති කාන්තාව දරුවො නැති කෙනෙක් වෙන්න ඇති...

:       0       210

Sunil Friday, 20 October 2017 12:13 PM

මේ නම් ගුරු මාතාවක් වෙන්න බැහැ. ගුරු වෘත්තියටත් නිග්‍රහයක්. ගුරු මාතාවක් කියන්නේ පාසලේ හැම දරුවකුටම මවක් වියහැකි කාන්තාවක්. මෙවැනි අය ගුරු වෘත්තියෙන් ඉවත් කළ යුතු වෙනවා. විදුහල්පති තනතුරින් ඉවත් කළ යුතු වෙනවා. විදුහල්පති තනතුරින් ඉවත් කර තව වසර කිහිපයකට ගුරු පුහුණු විදුහලකට ඇතුළත් කර ගුරු පුහුණුව ලබා දිය යුතු යැයි සිතමි.

:       0       121

wijitha Friday, 20 October 2017 12:13 PM

මේ තරම් සාමාන්‍ය දැනුම දුර්වල ගුරුවරියක් මුළු ගුරු සංහතියටම අපහාසයක්. වහාම සේවයෙන් නෙරපිය යුතුයි.

:       0       114

nimal madawala Friday, 20 October 2017 12:34 PM

ඉතාම සෝචනීය තත්වයක්..., මොකද මෙතුමියට මීට වඩා ගෞරවාන්විත විදියට කරන්න තිබුණා. නමුත් මැයට ළමයා පාසලේදී අසනීප වුණා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මැයගේ වගකීමක් හා යුතුකමක්.. ඉන් පසු ළමයා දෙමාපියන්ට බර දෙන්න ඕනෑ... මෙවැනි වගකීම් විරහිත විදුහල්පතිවරු ගුරු තනතුරටවත් වටින්නේ නැහැ.

:       0       114

Sarasi Friday, 20 October 2017 01:22 PM

සමහර ගුරුවරු, විදුහල්පතිවරු ඉන්නවා මේකේ අනෙක් පැත්ත. පාසලේ ළමයින්ට ඉතා හොඳින් කටයුතු කර තමන්ගේ ගෙදර දරුවන් දවස තිස්සේ මොනවා කරනවාද කියලා නොදන්නා අය. මේ අයගේ මුළු ලෝකෙම ඉස්කෝලේ. ගෙදරටත් ඉස්කෝලේ ගේනවා. මෙහෙම ගුරුවරියක් වුණු අපේ ගමේ කාන්තාවකගේ පුතෙකු කුඩු ගැසීමට පුරුදු වෙලා අනෙක්දරුවන්ගේ ජීවිතද අවුල් වුනා. ඒ නිසා දැන් ඉන්න සමහර ගුරුවරු තමන්ගේ වෘත්තීය පැත්තෙන් විතරක් නෙවෙයි පුද්ගලික ජීවිතෙන්ද පරාදයි.

:       0       61

parakkrama Friday, 20 October 2017 01:30 PM

විදුහල්පතිනියනි, මේ අයුරින් සිසුවියකගේ ජීවිතයට බලපාන වදනක් පිට කරන්න ඔබට වෛද්‍ය වෘත්තීක සුදුසුකම් නැහැ නේද? මීට හාත්පසින්ම වෙනස් වුණත්, යම් යම් විදුහල්පත්වරු සිසුවියන්ගේ මුහුණු පොත් හා අදාල කරුණු ගැන විමසීමට ගොස් සිදුවූ විපත් ගැන දැන් නම් මතක් වෙනවා ඇති නේද?

:       0       66

mali Friday, 20 October 2017 01:33 PM

මෙම විදුහල්පතිනිය ගැන පුදුම විය යුතු නැත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න සියයට අනුවකගේ දැනුම මෙබඳුය.

:       0       91

Avinash Friday, 20 October 2017 01:45 PM

ඉක්මණින් මෙයාට වෛද්‍යවරියක් ලෙස පත් කරන්න.

:       7       19

ධනුෂ්ක Friday, 20 October 2017 02:30 PM

මට හිතෙන්නේ මේ විදුහල්පතිනියට මේ වයසේ දී කුමක් හෝ වෙන්න අැති.

:       0       52

de silva Friday, 20 October 2017 03:11 PM

සිසුවිය ගැබිනියක් වුණත් එහෙම එලවල දමන්න විදුහල්පතිට බලයක් තිබෙනවද? මොනවා වුනත් ගුරු සංගමේ සභාපතිතුමාගේ ක්‍රියාකලාපය අගය කල යුතුය. මෙහිදී ඔහු කටයුතු කරන්නේ ගුරුවරයා ආරක්ෂා කරන්න නොව අසාධාරණයට ලක්වුණා සිසුවිය ආරක්ෂා කරන්න. දොස්තර සංගමය නම් පසුගිය කාලයේ සිදුවුණු යම් යම් සිදුවීම් විශ්ලේෂණය කරලා බලනකොට නිතරම බලන්නේ මොන වැරැද්ද කලත් දොස්තර ආරක්ෂා කිරීමට මිස අසාධාරණයට ලක්වන රෝගීන් ආරක්ෂා කිරීමට නොවේ..

:       0       521

sas Friday, 20 October 2017 04:38 PM

මේ විදුහල්පති කාන්තාව මෝඩයි.

:       0       20

Ratnamalala Friday, 20 October 2017 06:36 PM

මේ වගේ කාලකන්නි එවුන්ද රටට වැඩක් ඇති දරුවෝ හදන්නේ.මේ දරුවට එහෙම දෙයක් වෙලා තිබුනත් කටයුතු කරන්නේ මේ විදියටද.ගුරු ගෞරවය තියගන්න බැරි අමනවිදුහල්පතිනියක්.

:       0       11

rochana Saturday, 21 October 2017 12:13 AM

මම කියෙව්ව විදිහට මේ දරුවා උදේට කෑම නැති කමින් වමනේ දාල තියෙන්නේ (gossip ලංකා නිව්ස් එකේ). අපි ඉස්කෝලේ යනකොටත් මෙහෙම යාලුවෙක් හිටියා . එයාට පන්ති භාර ගුරුතුමිය තමා එතුමිය ගේ සල්ලි වලින් උදේට කෑම අරන් දුන්නේ. අද එ් යාලුවත් හොඳ තැනක ඉන්නවා

:       0       43

!anura Saturday, 21 October 2017 01:41 AM

රිසානාට දඬුවම් දීමට මුල් වූ කාන්තාවත් විදුහල්පතිනියක්!

:       0       0

Saman Saturday, 21 October 2017 03:14 AM

මෙයාව කාසල් රෝහලේ පවුල් සෞඛ්‍ය සේවිකා කෙනෙක් හැටියට බඳවා ගන්න.

:       0       15

Piyarathna Saturday, 21 October 2017 04:02 AM

මේකෙ දාල තියෙන්නේ ළමයි කියන කතාවක්. ඒ මේ ළමයා තමන්ගේ යාළුවන්ට කියපුවා. මගෙ ළමයා මේ පාසලේ ඉගෙන ගන්නේ. එයා කියනවා මේ ළමයා තමා කරපු නරක වැඩ යාලුවෝ සමග කියනවාලු. (ඇත්තද බොරුද දන්නෙ නෑ. නමුත් ළමුයි හැමෝම මේවා දන්නවා. එයාම කියලා) ... කලිනුත් නොයකුත් දේ සඳහා මෙම ළමයා අවවාද ලබලා තියනවාලු ඉතින් එවැනි ළමයෙක් කරුනු සත්‍ය වුණත්, අසත්‍ය වුණත් තව දුරටත් පාසල තුළ තබා ගත හැකිද? මම නම් විදුහල්පති තුමියගේ තීරණය අනුමත කරනවා. අපේ ළමයිට පවා වැරදි ආදර්ශ දෙන ළමයි ඉවත් කල යුතුයි. මගේ ළමයා කියපු දේවල් මම මේකේ නොදැම්මේ ඒ ළමයාගේම හොඳටයි. මේවා මේ විදියට ප්‍රසිද්ධ වීම තුළ ළමයට නිවැරදි විමට තිබු අවස්ථාවයි අහිමි වන්නේ...

:       188       11

abaranSaturday, 21 October 2017 04:57 AM

කටකතා වලට ළමයෙකුව අස්කිරීමට හෝ පරිභවයට ලක්කිරීමට බැහැ. වමනේ යන හැම ළමයෙකුම ගැබ් අරගෙන නම් ගැබ් ගත් හැම කෙනෙක්ම ළමයින් විය යුතුයි....දුර දිග නොබලා, ආවේගශීලීව කටයුතු කිරීමෙන් තමනුත් ළමා පරපුරත් අගාධයට යන බව මේ විදුහල්පතිනිය වටහා ගත යුතුයි. දරුවන් දෙස බැලිය යුතු කෝණය නොදැනීම මෙයට හේතුවයි...

:       0       71

Padmini Saturday, 21 October 2017 04:03 AM

විදුහල්පතිනිය මේ දියණියට කල අපහාසයට වන්දි ගෙවිය යුතුයි. මේ දරුවාගේ පාසල් ජීවිතයට පමණක් නෙවෙයි අනාගත පවුල් ජීවිතයටත් මේ මානසික පීඩනය බල පැවැත්විය හැකියි. ලෙහෙසියෙන් අත හරින්න එපා.

:       0       23

Perera Saturday, 21 October 2017 04:04 AM

හපොයි !!! ලංකාවට ගිහින් තියෙන කලක් !!!

:       0       13

සෙනෙවි Saturday, 21 October 2017 04:16 AM

මේ විදුහල්පතිනියගේ සැමියා ගැන මට හරි දුකයි

:       0       147

Kumari Saturday, 21 October 2017 07:06 AM

දැන් ඉන්න වැඩිහිටියන් ලොකු මානසික පීඩනයකින් ඉන්න බව තේරෙනවා. බොහෝ අය තරුණ අයට ඊර්ෂ්‍යා කරනවා.

:       0       43

father Saturday, 21 October 2017 07:10 AM

මෙම ළමයා ඉවත් කර ඇත්තේ ගැබ් ගැනිම කියන සාධකය මත නොවේ. එය ඇය විසින් අනිත් ළමුන් හට කියා ඇති එක් කාරණයක් පමණි. (මීට පෙර පාසලේ 11) (2016) වසරේ ඉගෙනුම ලැබු සිසුවියක් පේම සබදතාවයක් මත ගැබ් ගෙන් සිටි අතර ඇයට සා.පෙළ විභාගය ලිවීමටද අවස්ථාව පාසල තුළ ලැබුණි. නමුත් ඇය අස් කරේ නැත. ඒ ඇය තුලින් පාසලේ අනෙක් ළමුන් අහිතකර බලපෑමක් සිදු නොවුනු බැවිනි. ඇයට මේ වන විට දරුවකු සිටි.) ඔබගෙ දරුවා මෙම දරුවාගේ යහළුවකු වනවාට ඔබ කැමතිද? ඇය මගින් අනෙක් දරුවන්ට අනවශ්‍ය බලපෑමක් ඇති නොවේද? නමුත් ඇයට නොදන්නා කමට සිදු කල ක්‍රියා පැහැදිලි කර අවවාද කර ඇති නමුත් ඇයගේ හැසිරීමේ වෙනසක් වී නොමැත. පාසල හා ඒ අවට සමාජය දැනුවත් විම තුල එම දරුවාගේ යහපත් වෙනුවෙන් ඇය වෙනත් පාසලකට ඇතුළත් කිරීමට දෙමාපියන් උපදෙස් දී ඇත. මෙය අවසාන සිදුවීම විය. මීට මාස කිහිපයකට පෙර මෙම සිසුවිය පාසල තුල ලේ පෙරා ගෙන සිටිනු දැක විමසා බැලීමේදි අත කපාගෙන යමක් ලේ වලින් ලියමින් සිට ඇත.

:       65       2

සෙනෙවි Saturday, 21 October 2017 01:53 PM

මේ විදුහල්පතිනියගේ සැමියා නේද?

:       0       95

anura Saturday, 21 October 2017 09:11 AM

කාන්තාවක් වෙලත් ලැජ්ජයි. එලවලාම දාන්න ඕනේ.

:       0       0

kalpa Saturday, 21 October 2017 02:06 PM

ළමා අපචාර යටතේ මැයට විරුද්ධව නඩු පැවරීමට දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන තියෙනවා කියල මම අහල තියෙනවා. එමෙන්ම ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩය යටතේ මැයට විරුද්ධව විනයානුකුල කටයුතුද කලහැකිය. මෙහිදී පත්වීම් බලධාරින්ගේද නොසැලකිලිමත් බවක් මම දකිනවා එනම් යම් ආයතනයක් බාරව කටයුතු කිරීමට කෙනෙකු පත්කරන විට ඔහුට හෝ ඇයට රාජ්‍ය සේවයේ විනය ගැන පුහුණුවක් නොදීම. රාජ්‍ය සේවයට එන කිසිම කෙනෙක් එම දැනුම ලබාගෙන එන්නේ නැහැනේ එවැනි පුහුණුවක් නැති අය පත් කලාමත් මෙහෙම වෙනවා.

:       0       23

Perakum Sunday, 22 October 2017 12:45 AM

සිද්ධිය පිලිබඳ පලවී ඇති විවිධ අදහස් ගැන බලනවිට ඒකපාක්ෂිකව තීරණයකට පැමිණීම ඉතා අසාධාරනබැව් පෙනේ. අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයකින් පසු නිසි පියවර ගතයුතුය. හිතුමතයට අදහස් දැක්වීම කිසිසේත් සුදුසු නොවේ.

:       29       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1061 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 407 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 863 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 831 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 324 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 511 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site