IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන විමසන්න හෙට කෝප් කමිටුව රැස්වේ

(මුදිතා දයානන්ද) 
            
මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 4ක ප‍්‍රධානීන් හෙට (21) පස්වරු 2.30ට කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20) ලංකාදීපයට පැවසීය.
            
මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ප‍්‍රධානීන්ය. 
            
මඩකලපුව විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය විශ්ව විද්‍යාලයක්ද, නැතහොත් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක්ද, එසේත් නැත්නම් වෙනත් ආයතනයක්ද, එයට මුදල් ආයෝජනය කර තිබෙන්නේ කවුද, කෙසේද, එහි හිමිකාරිත්වය තිබෙන්නේ කාටද, රාජ්‍ය ආයෝජනයක්ද, පෞද්ගලික ආයෝජනයක්ද, නැත්නම් මිශ‍්‍ර ව්‍යාපෘතියක්ද, රාජ්‍ය මැදිහත්වීමක් තිබේ නම් කොන්දේසි මොනවාද, මෙහි ඉගැන්වෙන පාඨමාලා මොනවාද, ඉඩම් සපයා තිබෙන්නේ කෙසේද යනාදි ගැටලු රැසක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම මෙම කැඳවීමේ අරමුණ බව හඳුන්නෙත්ති මහතා පැවසීය.
            
මූලික විමර්ශනයෙන් අනතුරුව මෙම ආයතනයේ ඉදිකිරීම් සිදුකරන බව කියන ඊරා පදනමේ ප‍්‍රධානීන්ද කෝප් කමිටුව හමුවට කැඳවීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (7)

මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන විමසන්න හෙට කෝප් කමිටුව රැස්වේ

ඉන්දික Monday, 20 May 2019 02:24 PM

මේවා කරන්න තිබ්බේ මීට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. අපේ දේශපාලනඥයින් හරි පුදුම ජාතියක්... මොනවා හරි වෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න. මොකුත් නොවන තාක්කල් බලය විතරයි ලොකු. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි. රට ජාතිය වුනත් පාවා දෙයි...

:       73       212

chamikaMonday, 20 May 2019 06:32 PM

පෙර පිළිතුර මොහු සදහායි.

:       0       0

Kumar Monday, 20 May 2019 06:24 PM

අනිත් කැම්පස් එකට ස්ට්‍රයික් කරේ කෝප් කමිටුවට ගිහිල්ලද. මේකට බයේ වෙව්ලනවා.

:       0       50

chamika Monday, 20 May 2019 06:30 PM

ඉන්න තරමක් දුෂිත තක්කඩි පර්ලිමෙන්ට් දක්කලා.. කරන වැරදි ඔක්කම කෝප් එකට හොයන්න කියනවට වැඩිය හොද නැද්ද නිවැරදි දේශපාලන දැක්මක් තියන මිනිස්සුනට අවස්ථාව දෙන එක??

:       0       21

ranjith Monday, 20 May 2019 10:49 PM

රිෂාර්ඩ්ට ගේන විස්වාස භංගය කඩාකප්පල් කරන්න තව විස්වාස භංගයක් ගේනවා වගේ වැඩක් ද මේකත්.............

:       1       116

රංජිත් ආරියරත්න Tuesday, 21 May 2019 02:48 AM

මතබේදයට පත්ව ඇති “මඩකලපුව විශ්වවිද්‍යාල මණ්ඩපය” නමැති ආයතනය රජයට පවරාගෙන සියලු ජනකොටස් වලට වඩාත් ප්‍රයෝජනවත් රෝහලක් බවට පත්කරන්න. මෙය ප්‍රසිද්ධ කර ඇති රුප රාමු වලට අනුව ඉතා ඉඩ පහසුකම් සහිත බව පෙනේ. මේ නිසා රෝහලක් සෑදීම වඩාත් යෝග්‍ය වේ. එවිට තරුණ කොටස් වලට පමණක් සිමා නොවී සියලුම වයස් සීමාවල විවිධ ජනකොටස් වලට ප්‍රයෝජනවත් වේ.

:       4       229

fzTuesday, 21 May 2019 05:54 AM

මෙම විශ්වවිද්‍යාලය ඉදි කලේ ළමුන් විශාල ප්‍රමාණයක් උසස් පෙළ සමත් වෙනව නමුත් විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වීමට හැකියාව ලැබෙන්නේ නැහැ....... එයට පිලියමක් ලෙසයි මෙය ඉදි කර තිබෙන්නෙ රංජිත් කියන විදිහට අනිත් විශ්ව විද්‍යාලත් හොස්පිටල් කලා නම් හරි.....

:       384       346

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 348 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 773 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 604 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1443 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2922 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1885 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site