IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මගේත් - නිලධාරීන්ගේත් නම් විකුණන ලිපි සියල්ලම ප්‍රතික්ෂේප කරන්න

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයාගේ , අගමැතිවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්  පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ  ජනාධිපති කාර්යාලයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීම සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබාදී ඇත.

සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිඳු ලිපියක් පදනම් කර නොගත යුතු බවත්  ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවත් එහි සඳහන් වේ.

මෙම නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම්  දී තිබේ.

 



අදහස් (14)

මගේත් - නිලධාරීන්ගේත් නම් විකුණන ලිපි සියල්ලම ප්‍රතික්ෂේප කරන්න

ලලිත් අම්බලන්ගොඩ ගේ Wednesday, 16 September 2020 04:18 PM

අන්න ඇවිල්ලා බලන්න. අම්බලන්ගොඩ පැත්තේ. මෙහෙ විදුහල්පතිවරු නම් කැමතියි අවුරුද්දකට දෙවතාවක් විතර එක වසරට ළමයි ගන්න. නාමල් මහත්තයගේ රූපෙ තමයි විදුහල්පතිගේ කාර්යාලයේ එල්ලන් ඉන්නේ. හැම එකෙන්ම අංක එක. ජනාධිපතිතුමනි, ඔබතුමාට මේවා තේරෙන එක නම් රටට වාසනාවක්. ඒත් දකුණේ නිලධාරීන් නම් සත පහකට විශ්වාස නැහැ. කරණාකරලා විදුහල්පතිවරුන්ගේ වත්කම පරීක්ෂා කරන්න. ගාල්ලෙත් ඉන්නවා නියම ටිකක්. අපි හෙට අනිද්දාම එළියට දාන්නම්කෝ... කට්ටියගේ වැඩකිඩ...

:       0       1617

බද්රානි Wednesday, 16 September 2020 04:25 PM

අනේ ඉතින් මෙතුමාලගේ කටින් කියන දේවල් නම් සමහරකගේ කනට මී පැණි වක්කරනවා වගේ රසවත් ඇති... එ්ත්, මේ මෑතකදී රෝයල් කොලේජ් එකට එක පාරටම ළමුන් කිහිප දෙනෙක් ඇතුල් වුනේ කොහොමද කියලා විදුහල්පතිතුමාගෙන් දැනගන්නවාට වඩා, ඥාතීන්ගෙන්ම දැනගන්න එක වඩාත් පහසුවෙයි ඔබ තුමාට...

:       66       2122

sunil gikiyanage Wednesday, 16 September 2020 05:14 PM

ඕකට කියන්නේ උගුරට හොරා බෙහෙත් කනවා කියලා. එහෙම ලියුම් එවන අයට දඬුවම් කරන්නේ නැතිව... එම ලියුම් නොසලකා හරින්න කියනවා. ඒකෙන් පේනවා ඇත්තටම නීතියට වැඩ කිරීමේ අවශ්‍යතාවක් නැතිය කියලා. විදුහල්පතිවරුන්ට ඕක නොකියා තම නිලධාරින්ට උපදෙස් දීමයි අවශ්‍ය.. එහෙම ලියුම් නොයැවිය යුතුයි කියලා. නමුත් වෙන්නේ අනික් පැත්ත. වෙන්න ඕනෙනම් චක්‍රලේඛයක් විදිහට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව විදුහල්පතිට දැන්විය යුතුයි. නැත්නම් නිකන් වචන විතරයි.

:       0       1

Raveendra Wednesday, 16 September 2020 05:25 PM

අප රටේ මුල් පුරවැසියාගේ තීරණය අප අගයන්නෙමු. එනමුදු ඔහුවටා සිටින ගල්ආඳන් නම් මෙම තීරණයට හිත යටින් තදින්ම යුද්ධ ප්‍රකාශ කරනු ඇත. එබැවින් මෙම තීරණය නිසිලෙස ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම වැදගත් නොවේද?

:       0       54

Perera Wednesday, 16 September 2020 06:15 PM

69 ලක්ෂයට මේවා පුන්නක්කු...

:       0       21

Ruhunu Wednesday, 16 September 2020 07:05 PM

ඔබතුමාගේ ගෝලයෝ ටික ඡන්දෙන් දින්නේ මේවගේ දේවල් මිනිස්සුන්ට කරලා දෙන නිසයි. ඔබතුමා කියන දේවල් අහන්න ගියොත් විදුහල්පතිවරුන්ට ගෙදර තමයි යන්න වෙන්නේ.. නැතිනම් ඔය ගෝලයෝ ටික ගිහිල්ලා විදුහල්පතිවරු දණගස්සවලා තමයි නවතින්නේ. බොරු කතා නම් කියන්න එපා මහත්තයෝ.. ඔබතුමා නෙමෙයි සක්කරයා ආවත් ලංකාවේ මැති ඇමැතිවරු කරන දූෂිත ක්‍රියාවල් නවත්තන්න බැහැ. එතරම් දූෂිත දේශපාලයක් තමයි ලංකාවේ තියෙන්නේ..

:       0       140

gamini fernando Wednesday, 16 September 2020 11:20 PM

පත්තරේට කියන දේ කරනවා නම් මෙලහකටත් මේ රට සුරපුරයක්. මෙහෙම කිව්වට යටින් සේරමලාම වැඩ. අපි නොදන්නවාද?

:       2       70

ලුම්බිණි Thursday, 17 September 2020 12:10 AM

කියනකොට නම් මෙහෙමයි. ඒත් කරන කොට වෙන්නේ වෙන විදියකට කියලා හැමෝම දන්නවනේ...

:       0       32

sharm warn Thursday, 17 September 2020 03:51 AM

රජ්ජුරුවන්ට සුදු හකුරු හැදුවා වගේ... ද මන්දා.

:       0       0

kamal Thursday, 17 September 2020 04:16 AM

ඒකත් විදුහල්පතිවරුන්ගේ පිටින් දාලා ඇඟ බේරාගන්නේ නැතිව, එහෙම ලිපි ඉදිරිපත් කිරීම නීතිවිරෝධී කියලා නීතියක් දැන්න බැරි ඇයි? පාර්ලිමේන්තුවේ 2/3ක් තියෙනවා නේද? මේවා නිකන්ම නිකන් සුරංගනා කතා..

:       0       48

Rihan Thursday, 17 September 2020 04:35 AM

කියන කොට එහෙමයි... කරනකොට මෙහෙමයි.

:       64       60

Rata Perata Thursday, 17 September 2020 06:14 AM

අයියටත් වඩා දක්ෂ නළුවෙක් වගේ. හොඳට අන්දන්න දන්නවා.

:       204       158

Kamal Koyrala Thursday, 17 September 2020 06:16 AM

විදුහල්පති වරුන්ට නොවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුත්තේ. එකී ලිපි රජයේ ලිපි ශිර්ෂ හරහා හෝ මුද්‍රාවක් සහිතව විදුහල්පතිවරුන්ට බලපෑම් කරන අයටයි.

:       0       71

Nimala Thursday, 17 September 2020 06:19 AM

ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ ප්‍රකාශයක් කරපු එක ගැන. අතිශයින්ම වැදගත් සහ කාලෝචිත ප්‍රකාශයක් ජනාධිපතිතුමනි. ඉක්මනින්ම ඕක ක්‍රියාවට නගන්න.

:       79       125

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 246 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 407 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1164 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2615 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1738 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1017 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site