(ඩයනා උදයංගනී)
හපුතලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වූ අවස්ථාවේ බසය අසල වූ කඳු ගැටයක වදින්නට සළස්වා තම දිවි පූජා කර බසයේ සිටි 22 දෙනෙකුගේ දිවි බේරා ගත් එහි රියදුරු කීර්ති බණ්ඩාර මහතාගේ දරු දෙදෙනාට සහ තවත් දරු දැරියන්ට ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවේදී අද සිදුකෙරිණි.
හර්ෂ බණ්ඩාර ශිෂ්‍යයා සහ ධරණි භාග්‍යා ශිෂ්‍යාව මේ අයුරින් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය වෙතින් අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමිකරගත්හ.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018’ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (21) විවෘත කෙරිණි.
මෙවර 20 වැනි වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙම මස 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය.
ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිතාව ලෙස බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ජිල් කෝල්ඩිකොට් මහත්මිය සහභාගී වූවාය.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව පිරිනමන ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්වය පාසල් සිසු සිසුවියන් සිව් දෙනෙකු හා විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනෙකු වෙත පිරිනැමීම ද අධ්‍යාපන අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.
මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් පොත් ප්රකාශකයින්ගේ පොත් කුටි 410ක් පමණ ඇතුළත් වේ. පොත් ප්‍රදර්ශනය ආරම්භ වූ මොහොතේ සිටම ඒ වෙත අති විශාල ජනකායක් ඇදී එන අයුරු ද දැක ගත හැකිවිය.
දරුවන් විවිධ වැරදි කෙරෙහි ඇබ්බැහි වන මෙවන් යුගයක ඔවුන් කියවීම කෙරෙහි ඇබ්බැහි කරවුවහොත්, වරදින් මිදුණු පරිපූර්ණ පුද්ගලයන් බවට පත්කර ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පැවසීය.
පොත් පත් කියවන අයට බොහෝ දේ ජයගත හැකි බව කී අමාත්‍යවරයා එසේ කියවන අයෙකු හා නොකියවන අයෙකු අතර වෙනස විනාඩි 10ක් ආශ්‍රය කිරීමෙන් දැනගත හැකි බව ද සඳහන් කළේය.
මහාචාර්ය ජේ.බී දිසානායක, ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා,ලේකම් සමන්ත ඉන්දීවර, භාණ්ඩාගාරික අතුල ජයකොඩි, ප්‍රදර්ශන කමිටු සභාපති ප්‍රදීප් සමරනායක යන මහත්වරුන් ඇතුළු පොත් ප්‍රකාශකයින්, ලේඛක ලේඛිකාවන්, ප්‍රදර්ශනයේ අනුග්‍රාහක ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පොලීතීන් භාවිතය අවම කරමින් ප්‍රදර්ශනය පැවැත්වීමට ද සැලසුම් කර ඇති නිසා පොත් ගෙනයාම සඳහා සුදුසු බෑග රැගෙන එන ලෙස සංවිධායකයින් පැමිණෙන පාඨකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මගීන් බේරා ගැනීමට දිවි දුන් රියදුරාගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්වයක්
Raveendra Friday, 21 September 2018 04:26 PM
බොහොම හොද අගය කලයුතු සත් ක්‍රියාවක්. මේ දරුවන්ගේ පියා දිවි පිදුවේ තවත් පිරිසකගේ ජිවිත බේරාගැනීම පිණිස මෙන්ම සියල්ලොගේම යහපත් වෙනුවෙනි. ඔහු විසින් තම ජීවිතය පුජාකර කරනලද මහගු වීර ක්රියාවේ පින්මහිමයෙන් මෙම දරුවන්දෙදෙනාගේ ජිවිත සාර්ථක වේවා යන්න අපගේ එකම පැතුමයි. රත්තරන් දුවේ,පුතේ ඔබලාගේ අනාගතය හැම අතින්ම සාර්ථක වේවා!!!!
rohana Saturday, 22 September 2018 12:56 AM
අපිට නිතර මුණ ගැසෙන ලංගම සහ පුද්ගලික රියදුරන් රිය පදවන ආකාරය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් මෙතුමා කර ඇත්තේ වීර ක්‍රියාවක්... එමනිසා ඔහුගේ දරුවන්ට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමි.
JCN Saturday, 22 September 2018 07:48 AM
බස් රථ රියැදුරන් කියන්නේ රටේ ජීවත්වන අවිනීතම කොට්ඨාශයක්. මේ රියැදුරු මහත්මයා වෙනස් කෙනෙක් වගේ.