IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මංජු ශ්‍රී අරංගල සමුගනී

(කේ බුද්ධික කුමාරසිරි )

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා (63) අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී  අභාවප‍්‍රාප්ත විය.

පරණ පාර මීගොඩ ප‍්‍රදේශයේ ඉපිද මීගොඩ ගැහැණුගල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාර මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි ජයසූරිය මහතා සමඟ එක්ව වර්ෂ 1977 සිට කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිස තිබේ.

පසුව හෝමාගම විවිධ සේවා සමූපකාරය හෝමාගම ප‍්‍රාදේශීය සභාව ආදී ආයතනවල සභාපති ධූරය දැරූ ඒ මහතා පසුව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන ලදී.



අදහස් (13)

මංජු ශ්‍රී අරංගල සමුගනී

max Friday, 18 October 2019 05:38 AM

හොද මහත්තයෙක්. පක්ෂ පාට නොබලා හරි දේට හරියි කියපු කෙනෙක්. ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් ගෝඨාභය මහතා කල දේවල් හොදයි කියන්න කොන්දක් තිබුණු යුඑන්පි මහත්තයෙක්. එහෙම අය එජාපෙ පාක්ෂිකයෝ අතර හරිම අඩුයි. මංජු ශ්‍රී අරංගල මහතාට නිවන් සුව ලැබේවා.!

:       575       597

Nimal Friday, 18 October 2019 05:57 AM

මංජු ශ්‍රී අරංගල මැතිතුමා හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති දුරය දරන කාලේ අපි දැක තිබෙනවා අතුරු පාරවල්වලට තාර දමා කරන ප්‍රතිසංස්කරණ වැඩ ගස් හෙවන යටට වී එතුමා පරික්ෂාවට භාජනය කල අයුරු. මොන ප්‍රාදේශීය සභා සබාපති වරයෙක්ද එවැන්නක් කරනවා දකින්නට පිළිවන්? එතුමාට අපගේ ආචාරය.

:       0       276

Homagama UNPerFriday, 18 October 2019 07:14 AM

ඒ වගේම එම ව්‍යාපෘතිවලින් සත පහක්වත් කොමිස් ගැහුවෙත් නෑ. අද කාලෙ දේශපාලනේ මේ වගේ චරිත ඇත්තෙම නැති තරම්.

:       1       1019

Buddika Friday, 18 October 2019 06:16 AM

ඉතාම වැදගත් නිහතමානී වචනයේ අර්ථයෙන්ම මහත්මයෙකි.

:       0       112

K.W.S.M.DISSANAYAKE Friday, 18 October 2019 06:17 AM

නිවන් සුව ලැබේවා!

:       0       71

banda Friday, 18 October 2019 07:29 AM

නිහඩ වැදගත් මහත්මා දේශපාලකයෙක්

:       0       76

prasanna Friday, 18 October 2019 07:31 AM

මහත්මා දේශපාලනේ අවසාන පුරුක... මිනිසුන් හම්බකල මුදල් පසුපසනොගිය නියම මහත්මයෙක්.. හොඳ මිනිසුන් ඉක්මනට දෙවියන් ලඟටයනවා.....

:       16       216

sandun Friday, 18 October 2019 07:54 AM

එතුමාගේ මහත්ම දේශපාලනය නිසා අපේ පක්ෂේ ලොකු මහතුන් එතුමාව සංවිධායක කමෙන් අයින් කලා

:       6       243

Rohana Friday, 18 October 2019 09:26 AM

අගයකලයුතු චරිතයක්. එතුමාට නිවන් සුව පතමු.

:       0       84

Soma dubayi Friday, 18 October 2019 10:10 AM

මේ වගේ අවංක දේශපාලකයෝ රනිල් රවී රාජිත වගේ කීප දෙනෙක් විතරයි ඉන්නේ.

:       107       142

Sanoj Halawathage Friday, 18 October 2019 12:39 PM

අපිට හරිම පාඩුයි. හෝමාගම ඡන්දෙ කරන්න කෙනෙක් නෑ සජිත් මහත්තයාට... මේක නොවිය යුතුව තිබුන දෙයක්.. දැන් හෝමාගම අපිට අවාසි වෙනවා...

:       83       55

ROHAN DAYADARA PARIS Friday, 18 October 2019 01:12 PM

නිවන් සුව පතමු ... !!!

:       0       3

සංජීව ජයසූරිය Friday, 18 October 2019 02:56 PM

බොහොම වැදගත්, අවංක, නිහතමානී දේශපාලකයෙක්... අද කාලේ ප්‍රාදේශීය සභාපතිලා එක්ක බැලුවම අහසට පොළව වගේ. එතුමාට නිවන් සුව ලැබේවා...!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 752 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1714 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1970 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1063 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 285 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2210 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site