IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


භික්ෂුන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක්

(ඩයනා උදයංගනී)

 

භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් රක්‍ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසීය.

       

මේ පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍යවරයා සමඟ ලබන සතියේදී පවත්වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

       

ආරම්භයේ දී භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් හඳුන්වාදීමට බලාපොරොත්තු වන මෙම රක්‍ෂණ ක‍්‍රමය ඉන් පසුව සෙසු ආගමික පූජකවරුන්ටත් ලබාදීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 

බුද්ධ ශාසනය රැකගැනීමේදී භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂූත්වයේ රැදීසිටීම දිරිගැන්වීම ද කළ යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය ඇතුළු පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

       

එමෙන්ම ආගමික ස්ථාන පදනම් කරගනිමින් සදාචාරවත් ජනතාවක් බිහිකරගැනීමේ වැඩපිළිවෙළක් ද රජය විසින් සැලසුම් කර ඇතැයි කී අමාත්‍යවරයා දරුවන්ට දහම් පාසල් අනිවාර්ය කිරීමට ඉදිරියේදී සිදුවනු ඇතැයි පැවසීය.

 



අදහස් (11)

භික්ෂුන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක්

Amila Thursday, 13 September 2018 06:49 AM

බලාපොරොත්තු ගොඩයි ඉටුවීම් බිංදුවයි.

:       26       39

Asanka Thursday, 13 September 2018 06:52 AM

බුදුන් දෙසු ධර්මයෙහි හැසිරීමම තමයි භික්ෂුන්වහන්සේලාට තියන රක්ෂණය , අයෙ මේ ලෞකික රක්ෂණ ක්‍රම වැඩක් නැහැ.

:       0       184

පිටිගල මිලානෝ Thursday, 13 September 2018 07:25 AM

ධම්මෝ භාවේ රක්කති ධම්මචාරි... ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි. මීට වඩා තවත් රක්ෂණයක් ආරක්ෂාවක් කොහෙද තියෙන්නේ?

:       0       185

rama Thursday, 13 September 2018 07:27 AM

සිහින තිබුණට කෝටියක්...... අතේ නෑ එක රුපියලක්..............

:       0       192

OMG Thursday, 13 September 2018 08:29 AM

ගිහියන්ට තේරෙන සමහරක් දේවල් පැවිදි දිවියේ ස්වාමීන්වහන්සේලාට නොතේරෙන එක ගැන තමයි දුක.

:       11       112

Bamunuarachchi Thursday, 13 September 2018 09:00 AM

ඔන්න කියවෙන්න ඕන නියම වචන සෙට් එක කියා උනා "බුද්ධ සාසනය රැකගැනීමේදී" අපි පුන පුනා කියන්නේ සාසනය රැකගන්න වෙනම හාමුදුරුවරු කොටසක් ඉන්නවා ඒගොල්ලෝ මිනිසුන්ට බණ කියනවාට වඩා මෙහෙයක් සාසනයට කරනවා. ඒ හාමුදුරුවරු තමයි හිරේ විලංගුවේ වැටෙන්නේ. ඒවුණාට එම හාමුදුරුවරු තම වගකීම පැහැර හරින්නේ නැත. අපි ඒ හාමුදුරුවරු සමඟයි.

:       44       0

Bamunuarachchi Thursday, 13 September 2018 09:12 AM

ඉස්සර වගේ නොවෙයි දැන් කාලය මහලුව අසරණ උනාම දරුවන් දෙමාපියන්ටත් නොසලකන කාලේ අසරණවූ රෝගීවූ හාමුදුරුවරුන්ට සලකාවිද? එමනිසා මේ රක්ෂණ ක්‍රමයෙන් අසරණවූ මහලුවූ රෝගීවූ භික්ෂුනට සේවයක් වෙනවානම් එම රක්ෂණය ඉතා වටිනවාය.

:       10       0

BamunuarachchiThursday, 13 September 2018 10:37 AM

ධම්මෝ භාවේ රක්කතී වගේ පඬි වැකි නම් ලියවී තිබෙනවා නමුත් ඒ වැකි එකකින් වත් භික්ෂූනට රක්ෂණයක් ලැබෙන්නේ නැත.

:       0       0

dhamneth Thursday, 13 September 2018 11:07 AM

ඊයේ පුවත්පතක තිබුන හාමුදුරුකෙනෙක් වගේ සිව්රක් ඇඳගෙන කැලේට ගොස් භාවනාකරන විදිහට කැලේට වෙලා හොර මත්පැන් පෙරනව පොලිසියට අසුවෙලා .මෙහෙම බලනකොට රක්ෂණයට සුදුසු උන්නාන්සේලා සොයාගන්න එක ප්‍රශ්නයක්.

:       0       9

BamunuarachchiFriday, 14 September 2018 12:51 AM

සිවුරක් දාගත්ත හැමකෙනාම භික්ෂූන්ලා නොවෙයි හලෝ. මෝඩ විදිහට හිතන්න එපා සිවුරක් දාගත්ත පලියට හාමුදුරුකෙනෙක් කියලා පිළිඅරගෙන රක්ෂණය කොරන්නේ නැත. භික්ෂුවක් කියා පිළිගන්න ක්‍රමයක් තිබෙනවා.

:       0       0

Bamunuarachchi Friday, 14 September 2018 01:03 AM

ගිහියන්ට තේරෙන භික්ෂූන්ට නොතේරෙන එකමදේ තමයි ලෞකික ජීවිතය සැපයි කියන එක. ගිහියා තේරුම් අරන් තිබෙන්නේ ලෞකික ජීවිතය සැපයි කියලා. ඒ අනුව ඔබ හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 663 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 248 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 307 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 280 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 472 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4042 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site