ඉන්දිකා රාමනායක
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන දොරටුවට අලාභ හානි කරගෙන අනවසරයෙන් ඊට ඇතුළු වීමට ගිය බව කියන දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුර විරෝධතාවයේ නිරත පිරිසෙන් කොටසක් එලෙස අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය හිමි නමක් ද වන බව පොලිසිය සඳහන් කරයි.
පිරිස විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
භික්ෂු අන්තරේ විරෝධයට කඳුළු ගෑස්
Sugandhi Thursday, 26 April 2018 12:45 PM
ඔය ප්‍රශ්නේ කඳුළු ගෑස් ජල ප්‍රහාර වලින් නවත්වන්න බැහැ.
අතුලThursday, 26 April 2018 01:42 PM
ඔබ හරි. එහෙනම් කියන්න කොහොමද මේ ප්‍රශ්ණය විසඳන්නේ කොහොමද කියලා. මම මේ දන්නේ නැති නිසයි ඇහුවේ??
රන් Thursday, 26 April 2018 01:31 PM
දැන් ඉගෙන ගන්න බැහැ පොත් කියවන්න බැහැ ඉගෙන ගන්නෙ නැතුව උපාධි දෙන්න කියලද කියන්නේ මේ..
tommy Thursday, 26 April 2018 02:19 PM
මේ විරෝධය පාන්නන් නියෝජනය කරන්නේ රටේ ඉතාමත්ම සුළුතරයක් පමණයි. එම නිසා මේ විරෝධතාවන් ඒ තරම් ගණන් ගත යුතු නැත.
samarasiri Thursday, 26 April 2018 02:54 PM
ලංකාවේ සංඝයා වහන්සේ ජාතියේ මුරදේවතාවුන් වශයෙන් හිටිය,භන ,භාවනා කළා විතරක් නොවෙයි .වසර 2500 රට රැකුණේ එහෙමයි.රටේ කොඳු නාරටිය.එක කැඩුවොත් ඒකීය භාවයත් ඉවරයි..අධ්‍යාපනය සිමා කරනවයි කියන්නේ ඒ වැඩේට මුල.
sanath Thursday, 26 April 2018 07:19 PM
ලංකාවේ විශ්ව විද්‍යාලවල ළමයි වැඩිපුර කාලයක් ගතකරන්නේ පාරවල් වලයි පිට්ටනි වලයි. ඊට පස්සේ විභාගෙට මොනවහරි ලියල ලේක්චරස්ලා භය කරලා විභාගේ යන්තමින් ගොඩ දාගන්නවා. ලේක්චරස්ලත් දිගටම හිටියොත් කැම්පස් එකත් කසිප්පු තිප්පොළක් වගේ වෙයි කියල හිතලා වැඩිපුර ලකුණක් දෙකක් දීලා උපාධියක් එක්ක එලියට දමනවා. දැන් ඒ වගේ 57000 ක් ඉන්නවා රස්සා ඉල්ලලා පාරට බහින්න.
pereraFriday, 27 April 2018 02:44 AM
රැකියා අභිමුඛ අධ්‍යාපනය සංවර්ධන කලයුත්තේ රජයයි. රැකියා වර්ධනයට කර්මාන්ත, ව්‍යාපාර ඇතිකරලිමත් සඳහා සැලසුම් කලයුත්තෙත් රජයයි. තරුණයින් මෙහෙයවිය යුත්තේත් රජයයි. අවාසනාවකට රට කරවන තැනට යන්නේ වැඩකට නැති අයයි. ඔන්න ඔතනයි ප්‍රශ්නේ. වැඩිහිටි පරපුර තමයි මේවට වැඩියෙන්ම වගකියන්න ඕනේ .
naradhaFriday, 27 April 2018 09:27 AM
නැතුව, නැතුව, ඊළඟට මේ තරුණයින්ට ප්‍රස්ථාවක් කරලා දීලා, ගෙවල් හදල දීලා, වාහන එහෙම අරන් දෙන එකත් රජයේම වගකීම නොවැ...
බිනර ගුනසේකර Friday, 27 April 2018 01:08 AM
මාසෙකට කී පාරක් ලෝටස් පාර , ටවුන් හෝල් වටරවුම වහන්න සිද්ධ වෙනවද? උපාධිය ගත් පමනින් ඊලගට රජයේ රැකියා බලාපොරොත්තු වෙනවා. නමුත් තාක්ෂණ විශයන්, අතුරු සෞඛ්‍ය විශයන් වල ලෝකයේ රැකියා බහුල උනත් අපේ අය ඊට යොමු වන්නෙ නෑ. පාර්ට් ටයිම් රැකියා ගැන එහෙම තරුන කොටස් කිසිම උනන්දුවක් නෑ. සමාජයට දේවේශ කරන තරුන පිරිස් වැඩියි. අනික විශ්ව විද්‍යාලයෙන් එහාට යන සමාජවාදයක් ඇත්තෙත් නෑ. ලෝකයේ අනිකුත් විශ්ව විද්‍යාල වලින් ගතහැකි ආදර්ශ අපේ අය ගන්නේ නෑ. අවම වශයෙන් බොහෝ දෙනෙකු සමාජයේ හැසිරීමට වත් දන්නේ නෑ. මෙවැනිබුද්දිමත අය මීට වඩා වගකීමෙන් හැසිරෙනවා නම් හොදයි. අනික ඔබව මෙහෙයවන නායකයන් ජීවත් වෙන්නේ කොහොමද, වසරකට කී පාරක් විදේශ ගත වෙනවද, ඇයි ඔවුන් විභාග කල් දමමීන් තරුන ව්‍යාපාර මෙහෙය වන්නේ? කියන් කරුනු හොයලා බලන්න.
Niroshan Friday, 27 April 2018 02:03 AM
ඇයි විරෝධය පළ කලේ කියලා විස්තර නැත්තේ ඇයි?
rocky Friday, 27 April 2018 02:18 AM
ඔවු, ඔවු සමරසිරි මහත්තයෝ, මෙහෙම ගිහාම තමයි රට රැකෙන්නේ නේද?