IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


භාවිතයට නුසුදුසු තිරිඟුපිටි ඇසුරුම්කළ ගබඩාවක් වටලයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහන ව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ  කිරීමකින් පසුව සල්ලඩ කොට නැවත වෙළඳ පලට යැවීමට ඇසුරුම් කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට අද (25) හැකිවී තිබේ.
 
ප්‍රදේශයේ පරිසර ගැටළුවක් පිළිබඳව සොයා බැලීම සඳහා නගරාධිපති ජාලිය ඕපාත මහතා හා ආර්ථික මධ්‍යස්ථානය පිටුපස  ගබඩා ප්‍රදේශයේ මෙම ගබඩාව පරීක්ෂාවට ලක්කර තිබේ.
 
නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම ස්ථානයට යනවිටත් කම්කරුවන් යොදා ගෙන ඉතා සූක්ෂම ලෙස කල් ඉකුත් වීමට තවත් මාස තුනක්  පමණ ඇති තිරිඟු පිටි ඇසුරුම් වලට ගුල්ලන් පණුවන් සහ කෘමීන් බෝවී තිරිඟු පිටි සල්ලඩ කොට පෙනේරයකින් හලා  කෘමිනාශක වර්ගයක් යොදා කෘමීන් මරා නැවතත් එම ඇසුරුම් කිරීම සිදු කරමින් සිටි බව ඔහු පැවසීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට සුවිශාල තොග බඩු කඩයකට අයත් මෙම ගබඩාව තුළ මිනිස් පරිභෝජනයට නොසුදුසු තවත් ආහාර රැසක්ද සොයාගැනීමට හැකිවූ බව ඒ මහතා  සඳහන් කළේය.
 
ඉතා සූක්ෂම ලෙස  මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි මෙයාකාරයෙන් වෙළඳපොලට යැවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවත් එම සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව ද නගරාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (6)

භාවිතයට නුසුදුසු තිරිඟුපිටි ඇසුරුම්කළ ගබඩාවක් වටලයි

Raveendra Saturday, 25 January 2020 09:46 AM

කරුණාකර එහි අයිතිකරුවන් සියලුම තොරතුරු ඡායාරූප සහිතව මාධ්‍ය මගින් ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. අැත්තෙන්ම මෙම මෘගයින්ටම මේවා කෑමට ඉඩ සැලැස්විය යුතුයි.

:       0       52

රවින් Saturday, 25 January 2020 09:46 AM

අද ඊයේ පටන්ගත්ත දෙයක් වෙන්න බැහැ. කොමිෂන් එක අඩුවෙලාද? හොද්දේ බොර අඩුවෙලාද?

:       0       7

Mahesh Saturday, 25 January 2020 12:54 PM

පස්සේ කියයි පරිභෝජනයට සුදුසුයි කියලා. අර හාල් ඇල්ලුවෙත් මෙහෙමනේ...

:       0       2

Mf Saturday, 25 January 2020 01:33 PM

ඉතා භයානක වැඩක්... මේ අයට මොන දඬුවම්ද දෙන්නේ?

:       1       1

Chathuri Saturday, 25 January 2020 01:41 PM

මේ ගොල්ලෝ ගුල්ලොත් එක්කනේ ජීවත් වෙන්නේ... කවද්ද ජනතාවට පිරිසිදු දෙයක් දුන්නේ? මේක අහම්බෙන් සිදුවුණු දෙයක් නෙමේ. නමුත් එක ලොක්කෙක් හොයලා බලනවද? ඒ නිසානේ මෙවැනි දේවල් සිදුවෙන්නේ. රටේ සේරම ජනතාවට කූපන් නොමිලේ දෙනවා. කිව්වේ කෑම බඩු ගන්න... මොකද ලොකු උදවිය දන්නවා අඩුවට ගන්න මෙවැනි ආහාර ගබඩා කරන කට්ටිය මේ බොරුවට රඟපාන්නේ... එක දවසක් හරි පෙන්නුවද මේ අල්ලන අහිතකර ආහාර විනාශ කරනවා. හරියට අල්ලන කුඩු වගේ නැවත යන්නේ තැරව් කාරයින් අතට.. අන්තිමට රටේ ජනතාවට මේ කුණු කාලා හොයාගන්න බැරි ලෙඩ තමයි හැදෙන්නේ..

:       0       2

Kumar Saturday, 25 January 2020 04:12 PM

ලංකාවේ මෙවැනි කතා බහුලව අසන්න ලැබෙනවා. මෙවැනි පිටිතෝග සඟවා තබන්නේ පිටි ගිඟයක් ඇතිකර අධික ලෙස ලාභ ලබාගන්නද? තමන්ගේ ආයෝජනය ඉක්මණින් ආපසු ලබාගන්න මේ මුදලාලිලාට අවශ්‍ය නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 29 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත



දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 299 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 545 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 645 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 618 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site