IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


භද්‍රානි ජයවර්ධන නිල නිවස බාරදෙයි

(ජයන්ත සමරකෝන්)

කොළඹ හිටපු නාගරික  කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින්  වසර 5 ක් තිස්සේ නගර සභාවට භාරනොදී රැඳී සිටි නිල නිවස අද (12) නිල වශයෙන් භාරදුන් බව එහි නාගරික ලේකම් ඩි.එම්.එස්.ඒ නිරෝෂන් මහතා පැවසීය.

අදාල භාණ්ඩ සමීක්ෂණය කිරීමෙන් පසු කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකයේ පිහිටි එම නිල නිවාස භාරගත් බවද ඒ මහතා කීය.

2015 වසරේදී සිය තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු මෙම නිල නිවස භාරදෙන ලෙසට අවස්ථා ගණනාවකදීම ඇයට දැනුම් දුන් බවද පසුව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මේ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාට පවා දැනුම් දීමට සිදුවූ බවද  කොළඹ නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායක මහත්මිය පැවසුවාය.

පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාද වහාම මෙම නිල නිවස භාරදෙන ලෙසට ජයවර්ධන මහත්මියට දැනුම්දී තිබුණු බවද ඇය කීවාය.



අදහස් (12)

භද්‍රානි ජයවර්ධන නිල නිවස බාරදෙයි

siripala Sunday, 12 July 2020 01:07 PM

කොච්චර ආඩම්බරයිද..? හත්මුතු පරම්පරාවේම නම තියපු වීරෝදාර කාන්තාවක්. පත්තරෙත් දාන්න තරම් හපන්කමක්නෙ කරලා තියෙන්නේ...

:       0       0

Wasantha Sunday, 12 July 2020 02:09 PM

මේවා තමයි විහිළු... අවුරුදු 5ක් මහජනතාවගේ මුදල්වලින් යැපෙන්න බලෙන් පුළුවන්ද?

:       0       1

sena Sunday, 12 July 2020 02:51 PM

නිල නිවාසය බාරනොදී හිටපු කාලයට කුලී අයකර ගත යුතුයි. නැතිනම් රජයේ දේපළ අවභාවිතාවට නඩුදාලා හිරේ යැවිය යුතුයි..

:       0       1

මෝ Sunday, 12 July 2020 03:41 PM

අවුරුදු 5ක් බලෙන්ද හිටියේ? එසේනම් නීතිය ක්‍රියාත්මක කර ඒ කාලය සඳහා වූ ගෙවල් කුලිය මේ තැනැත්තියගෙන් අයකර ගැනීමට නඩු දමන්න.

:       0       1

විජිත් Sunday, 12 July 2020 04:15 PM

කෙටියෙන් කියනවානම් නිලකාලය අවසන්වී අවුරුදු 5ක් යනකම් බලෙන් තියාගෙන හිටපු රජයට අයත් භාණ්ඩයක්... එහෙම කරන්න මෙයාට තියෙන "පවර්ස්" මොනවද? නාගරික කොමසාරිස්වරයෙක් තමන්ගේ කාලය අවසන් වුණු වහාම රජයෙන් එයාට සපයාතිබූ පහසුකම් නැවත තිබු ලෙසම රජයට බාරදිය යුතුවේ. " වැදගත්කම ලෙස හඳුන්වන්නේ එයයි...!!! නමුත් මේ තැනැත්තිය උද්දච්ච ලෙස හැසිරී ඇති බව පෙනේ. පරිපාලන නිලධාරිනියක් ලෙස මෙතුමිය එය නොදන්නවා නොවේ. එවැනි අවස්ථාවක "මහාභාරකාර වරයා"ගේ කාර්යය කුමක්ද..? බොහෝ දියුණු රටවල නම්.. තම කාලය අවසන් වූ වහාම තමන්ට සපයාතිබූ නිශ්චල සහ චංචල පහසුකම් වහාම මහාභාරකාරවරයාට බාරදී වැදගත් විදිහට පිටවී යනවා. මම දන්නා හැටියට අපේ රටේත් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයේම ක්‍රියාපටිපාටියක්... මෙතන චෝදනා කළයුත්තේ මහා භාරකාරවරයාටයි. මහාභාරකාරවරයා යනු පුහු දේශපාලන පත්වීමක් නොව ඔහු ස්වාධීන පුද්ගලයෙක්...

:       0       1

ලුම්බිණි Monday, 13 July 2020 12:25 AM

ලජ්ජා නැති උනාම මොනවද කරන්න බැරි. පුදුමයි අවුරුදු 5 කින් ගියා.

:       0       0

janajalaya Monday, 13 July 2020 01:46 AM

කෝ මේවට දඬුවම්.

:       0       20

BamunuarachchiMonday, 13 July 2020 07:05 AM

ඇයි..., දැන්ද මතක් වුණේ දඬුවම් ගැන කතාකරන්න..? මොකද මේකෙන් යන්න ඇත්තේ කියලා අහන්න බැරිද? යහපාලන කාලේ අවුරුදු 5ක් හුඹහට රිංගපු කැබැල්ලෑවා වගේ ඉඳලා මිරිස්කුඩු වැදුණේ මේ ආණ්ඩුවේ දැන් එළියට පැන්නා.. ඔය උන්දැගේ මුහුණ පෙන්වනවා නම් අපිට බලාගන්න.

:       0       0

sharm warn Monday, 13 July 2020 03:22 AM

භද්‍රානි ජයවර්ධන මැතිනිය පාර්ලිමේන්තු යවමු. අඩු ගානේ ජාතික ලැයිස්තුවෙන් වත් යවමු. සියලු සුදුසුකම් සපුරලා ඉන්න පාටක් පේනවා.

:       0       14

BamunuarachchiMonday, 13 July 2020 07:06 AM

මැතිණිය? එතකොට අවංක, නීතිගරුක අයට මොනවා කියලද කතා කරන්නේ..?

:       0       0

නෙවිල් Monday, 13 July 2020 03:59 AM

දඩ කුළිය ගෙව්වාද කියන එකත් ඒ හා සමානවම රටට වැදගත්.

:       0       30

gunda Tuesday, 14 July 2020 12:50 PM

සිරාට කෝටි 800 නිලනිවස ගන්න හොඳ නම් බද්‍රානි ඔය පුංචි බංගලාව ගත්තාම මොකද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 168 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 34 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 922 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 459 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 541 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1016 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site