IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බෞද්ධයින්ව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීම හෙළා දකින බවට රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක්

(ඩයනා උදයංගනී)

භික්‍ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාරණ ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රියාත්මක නොවීම නිසා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පසුබිම් වූ එම හේතු නොසලකා භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිකුලින් යුතුව හෙළා දකින බවත් රාමඤ්ඤ මහා නිකාය පවසයි.

ජාතික හා සාසනික ගැටලූ හමුවේ ඇතැම් සංවිධාන ක‍්‍රියාකළ අපරිණත ස්වරූපය නිසා ද බුදු සසුනට හානියක් වූ බව එහි දැක්වෙයි.

එවැනි ගැටලූ හමුවේ ක‍්‍රියාකළ යුත්තේ දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන්ගේ න්‍යාය පත‍්‍රවලට හසුනොවෙමින් හා දුරදක්නා නුවණින් යුතුව ශික්‍ෂිත ස්වරූපයකින් බව ද නාපානේ පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්ගේ අත්සනින් නිකුත් කළ එම ප‍්‍රකාශනයේ දැක්වේ.



අදහස් (7)

බෞද්ධයින්ව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීම හෙළා දකින බවට රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක්

sarath Friday, 23 June 2017 01:24 PM

ඒක තමයි ප්‍රශ්නේ..., ඊයේ මංගල සමරවීර මහතාගේ පෝයදාට බාර් අරින කතාවත් එවැන්නකි. නිකමට හරි හජ්ජි දවසේ බාර් අරින්න එතුමාට හිතෙන්නේ නැත්තේ බය නිසා වෙන්න ඇති. බුද්ධාගමට කරන නිගාවටත් සමාව ගත යුතුයි !

:       1090       1796

MohamedGMSaturday, 24 June 2017 04:59 AM

මහත්තයෝ හජ්ජි කොහෙන්ද මෙතනට සම්බන්ද වෙන්නේ? කරුණාකරලා හැමදේටම අනවශ්‍ය විදියට කතාකරන්න එපා. අනෙක් අතට ඔබතුමාට තියෙන ප්‍රශ්නය හජ්ජි වලට බාර් අරිනවා කිව්වොත් ඉස්ලාමික ජනතාව එ්කට විරුද්ධ වෙන එකද? නැත්තම් පෝයට බාර් අරිනවා කිව්වහම ඔබතුමන්ලා එ්ක ගණනකට නොගෙන ඉන්න එකද?

:       0       11

prasad Friday, 23 June 2017 02:41 PM

ආගමක්, ජාතියක් ගැන කැක්කුමක් නැති නිසයි මෙවැනි ප්‍රකාශ කරන්නේ. පෝයදාටත් මෙහෙම සලකන්න කතාකරන්නේ ඒකයි. අනේ අපේ රටේ තීරණ ගන්නා උදවියද?

:       234       423

siri Friday, 23 June 2017 11:11 PM

බටහිරට ඕනේ විදියට නටන පාලකයෝ නිසා, සිංහල බෞද්ධයාට වන හානිය නම් සුළු පටු නොවේ. එ්කයි ඔවුන් හැමතිස්සේම ජාතිවාදය ගැන කතාකරන්නේ...

:       0       0

sahan Saturday, 24 June 2017 01:13 AM

අපේ හාමුදුරුවනේ,... ඉස්සෙල්ලාම ගෝලයෝ ටික හරියට හදාගන්න ඕනේ...

:       3       0

දිනේෂ් Saturday, 24 June 2017 04:54 AM

පොහොය දවසටත් බාර් අරිනවා කියල කටක් අරින්න තරම් අපේ රට දැන් බාල්දුවෙලා ඉවරයි. ඒ නිසා අන්තවාදීන් කියල කියන එක සාමාන්‍ය දෙයක් වෙලයි තියෙන්නේ...

:       0       1

රජින්ද Saturday, 24 June 2017 05:22 AM

මම උපතින්ම කතෝලික.... ඒත් ඉස්සර පෝය දවස් වලට සහ වෙසක් පොසොන් කාලවලදී ඇතැම් මාධ්‍ය ක්‍රියා කල ආකාරය මීට අවුරුදු කිහිපයක ඉඳන් වෙනස් වෙලා තියෙනවා. අපි තවමත් ආසයි පොහොය දවස් වලට ඇහෙන පිරිත් බණ වැඩසටහන් වලට. ඒ වගේම විහාරස්ථාන ලගින් යනකොට දැනෙන ඒ සුවඳට. ඒත් ආණ්ඩු සහ ඒ ආණ්ඩු වල ඉන්න අය තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්න ගිහින් අද වෙනකොට රටේ ඇතිවෙලා තියෙන මේ විපරිත ස්වභාවය අපේ හිත් වලට ඇති කරන්නේ පුදුම කණස්සල්ලක්....

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 196 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 531 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1319 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1586 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 511 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 237 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site