IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බෝම්බ ප්‍රහාරගැන පරීක්ෂණයක්-සුදුසු වන්දි ඉල්ලා පෙත්සම් දෙකක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නොබෝදා සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත්  ඊට නිසි පියවර නොගැනීමෙන් ජනතාවගේත්, තමන්ගේත් අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද , සුදුසු වන්දි මුදල් ප‍්‍රදානය කරන ලෙසද ඉල්ලා කතෝලික පියතුමන්ලා තිදෙනෙකු සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.
 
හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් ,සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කළමනාකාර කමිටුව විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු , පොලිස්පති පූජිත ජයසුන්දර ,අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අග‍්‍රාමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.
 
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් දිවයිනේ ප‍්‍රකට කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයක් විනාශ විය.මිනිස් ජීවිත තුන්සියක් අතර ප‍්‍රමාණයක් අහිමි වූහ.හයසියකට අධික පිරිසක් තුවාල ලැබූහ.
 
මෙම ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ මඟින් පුර්ව දැනුම් දීමක් කර තිබියදීත් ඒ පිළිබඳ රජය නිසි පියවර ගෙන නොමැත.
 
මේ හේතුවෙන් පෙත්සම්කරුවන්ගේත් , ජනතතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇත. එබැවින් පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද මේ පිළිබඳ සුදුසු පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලෙසද සිද්ධියෙන් හානි වූ පුද්ගලයින්ට වන්දි ගෙවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති.

 



අදහස් (1)

බෝම්බ ප්‍රහාරගැන පරීක්ෂණයක්-සුදුසු වන්දි ඉල්ලා පෙත්සම් දෙකක්

Nana Tuesday, 21 May 2019 01:57 PM

වන්දි ගෙවිය යුතුමයි. නමුත් මේ ගොල්ලන්ගේ පුද්ගලික දානයද රාජසන්තක කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 14 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 384 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 341 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1417 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3118 6

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site