IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බෝම්බ ප්‍රහාර විමර්ශනයට බ්‍රිතාන්‍යයෙන් කණ්ඩායමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධ විමර්ශන වලට සහය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබො දිනකින් ශ්‍රී ලංකාව වෙත එවන බව අග්‍රාමාත්‍යවරයා ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ප්‍රතිඥා ලබා දී ඇත.

ශ්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර තිබේ.

තම රටද එක් වරෙක මුහුණ දුන් අවාසනාවන්ත අත් දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මෙවර මුහුණ දීමට සිදුවී තිබෙන බව සඳහන් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය එම ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට උපරීම සහයෝගය දීමට සූදානම් බවද සඳහන් කර තිබේ.

විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ මහත්මිය වෙත අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතියද පිරිනමා ඇත.



අදහස් (6)

බෝම්බ ප්‍රහාර විමර්ශනයට බ්‍රිතාන්‍යයෙන් කණ්ඩායමක්

සිල්වා Wednesday, 24 April 2019 07:29 PM

අනේ මෙයාට එංගලන්තයේ මන්ත්‍රී කමක් දිලා ඒ රටට ගන්නකො ලොකුම උපකාරයක්

:       0       0

සමන් ඔස්ට්‍රලියා Thursday, 25 April 2019 01:56 AM

එංගලන්තෙන් උදව් නැතිවට කමක් නැහැ . ඔහේ ඉන්න එල්ටීටීඊ කට්ටිය පාලනය කරගෙන ඉන්න,

:       83       68

ප්‍රදීප් Thursday, 25 April 2019 03:08 AM

ලොව අංක එකේ මහා මොළකරුවන්ව හා සටන්කරුවන් හා ඉව ඇති අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මේ වැඩේ කරන්නට පුළුවන් බව සියලු ශ්‍රී ලාංකිකයෝ හා විදෙසිකයෝ පවා පවසා තිබෙනවා. සමහර විට මේ දෙයින් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වන්නට පුළුවන්....

:       0       55

janaka Thursday, 25 April 2019 03:24 AM

ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදී කණ්ඩායම විනාස කරපු, ඉතාම විශිෂ්ට හමුදා සේනංක සිටින මේ රටට මොවුන්ට හෝ වෙනත් ඕනෑම විදේශීය හමුදා කණ්ඩායම් වලටත් රාජජ නොවන සංවිධාන වලටත් ඇතුල්වීමට ඉඩ නොදිය යුතුයි. මේ ක්‍රියාවට ජනාදිපතිවරයා ඉඩ නොදිය යුතුයි. ජනාදිපතිවරයා මේ දුෂ්ට පාවාදීමට එරහිව කටයුතුකළ යුතු අවස්ථාවයි.

:       24       57

beau Thursday, 25 April 2019 05:02 AM

අවුරුදු 30 ක යුද්දෙට මුන් කිසි උදව්වක් දුන්නෙ නැත. මොකද දැන් මුන් මෙතන රිංගන්න එන්නේ. රට විනාශ වෙන්න නම් මුන්ව ගෙන්න. සිරියාවට උන දේ තමා වෙන්නේ මෙහෙත්.

:       14       97

Amila Thursday, 25 April 2019 06:40 AM

පිටරටවල විමර්ශන කණ්ඩායම් සහ බුද්ධි අංශ රිංගව ගත්තා වගේ නම් වෙන විනාශය. දැන් ඔය ඇෆ්ගනිස්තාන, ඊජිප්තුව, සිරියාව, ඉරාකය වගේ රටවල් වලටත් ඔය එකඑක කණ්ඩායම් රිංගව ගෙන තමයි තවත් අස්ථාවර කරගත්තේ. මෙවැනි අවාසනාවන්‍ත අවස්ථා අවි ආයුද සහ ආරක්ෂක උපකරණ වගේම බෙහෙත් සහ හදිසි උපකරණ විකුණන අයට ධන උල්පත්.

:       0       57

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 251 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 34 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1679 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 338 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1562 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1536 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site