IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට ලක්ෂ 50 ක්

(ඉන්දිකා රාමනායක)

ජාතික තවුහිත් ජමාද් ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ත‍්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල්  ග‍්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප‍්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය  ගබඩා දෙකක් සම්බන්ධයෙන්  පොලිසියට තොරතුරු ලබාදුන්  පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දීමට වැඩබලන පොලිස්පති  චන්දන වික‍්‍රමරත්න මහතා අද (23) අනුමැතිය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පුද්ගලයා  ඉකුත්  අපේල් 26 වැනි දින ලබාදුන් තොරතුරෙන් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග‍්‍රාමයේ නිවස හා සමන්තුරේ  නින්දවුර් යන  ප‍්‍රදේශවල තිබූ පුපුරණ ද්‍රව්‍ය  සොයාගැනීමට හැකිවිය.

මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරු අනුව  විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය , බෝම්බ සෑදීමට ගන්නා  යකඩ බෝල,  රසානික ද්‍රව්‍ය පිරවූ කෑන්  අත්අඩංගුවට ගත්ත ද  ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවු බවට මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් සැලකිල්ලට ගෙන   පොලිස්පතිවරයා මෙම අනුමැතිය ලබා දුන් බව පොලිසිය කියයි.

මොහු ලබාදුන්  තොරතුරු පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා  සැලකිල්ලට ගෙන  එක් තොරතුරක්ට රුපියල් ලක්ෂ 25 බැගින්  රුපියල් ලක්ෂ 50 ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.  



අදහස් (6)

බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට ලක්ෂ 50 ක්

Amila Tuesday, 23 July 2019 12:29 PM

කීයක් දුන්නද කියන එක හෙලිකීරීමම මෝඩ වැඩක්. දැන් අර මනුස්සයට නෑයන්ගෙන් යාලුවන්ගෙන් සල්ලි අතමාරුවක් කරගන්න එන මිනිස්සුන්ගෙන් විසුමක් නැති වෙනවා ඒකාන්තයි. හොරුත් ඇහැ ගහගෙන ඉදීවී.

:       0       107

සේන Tuesday, 23 July 2019 01:52 PM

ඒ මනුස්සයාව ප්‍රසිද්ධ නොකරයි කියා විශ්වාස කරනවා. එහෙම වුවහොත් ඔහු ත්‍රස්තවාදීන් ගේ ගොදුරක් වේවි

:       1       128

gamini abeykoon Tuesday, 23 July 2019 02:04 PM

ඔහු මෙම විනශකාරී අවස්ථාව වැළැක්වීමට ක්‍රියාකළ ආකාරය මම සිතන ආකාරයට මුදලින් පමණක් අගය කල නොහැකි විශිෂ්ට සේවයකි. යම් හෙයකින් ඔහු මෙම අවස්ථාව සුළුවෙන්තකා මගහැරියේ නම් සිදුවීමට ගිය විනාශය සිතාගන්නට බැරිතරම්ය. එමනිසා ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවත්ද සපයන්නේනම් මැනවි.

:       1       221

Gamarala Tuesday, 23 July 2019 03:30 PM

ඔත්තුකරුව ඇගයීම අගය කරන අතර මෙවැනි දේවල් ප්‍රසිද්ධ කිරිම නම් අනුමත කරන්න බැහැ. දැන් ඔත්තුව දුන්න අයට සැඟවිලා ඉන්න වෙන්නේ. අතීතය අමතක කරන්න එපා.

:       0       82

Raveendra Tuesday, 23 July 2019 04:02 PM

ඇත්තෙන්ම මොහුව ආරක්ෂා කල යුතුය. මොහු විසින් කල ඒ සත් ක්‍රියාවෙන් ජිවිත කියක් විනාශයෙන් බේරුනාද. එය අප හදවතින්ම අගය කරන්නෙමු. ඔබට සියලුම ආගම්වල රැකවරණ ලැබේවා...!!!

:       0       63

Thushan Tuesday, 23 July 2019 04:51 PM

නියමයි. බොහොම හොඳ තීරණයක්

:       0       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1208 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 244 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1288 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1285 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1504 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1388 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site