සිරංගිකා ලොකුකරවිට
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම කැඳවා තිබෙන ආකාරය නීත්‍යානුකූල නොවන බවටත් පසුගිය සභා වාර්තාව අවුල් සහගත ලියවිල්ලක් බවටත් මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්විම සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් ලබන බදාදා (29) දක්වා කල් තැබීමට තීරණය කළේය.
රැස්විම සඳහා මන්ත්‍රීවරුන් කැඳවීමේ ලිපියේ දිනයක් හෝ වේලාවක් සටහන්ව නොතිබිම සහ පසුගිය සභා වාර්තාවේ අඩුපාඩු රැසක් සහිත වීම යන කරුණු පෙන්වා දෙමින් මන්ත්‍රීවරුන් 10දෙනකුගේ අත්සනින් යුතුව විරෝධතා ලිපියක් සභාවට ඉදිරිපත් කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හය දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු මෙම ලියවිල්ලට අත්සන් කර ඇත.
සභාව ආරම්භ වූ වහාම නැගී සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා මෙම විරෝධතාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
"ප්‍රාදේශීය සභාව නෛතික ලියවිල්ලක්, එය නීත්‍යනුකූල විය යුතුයි, මෙම සභාව කැඳවීමේ න්‍යාය පත්‍රයේ වෙලාවක් හෝ දිනයක් සඳහන් කර නැහැ. පසුගිය සභා වාර්තාව අසංවිධානාත්මක ලියවිල්ලක්, එහි සභාපතිතුමා සහ මන්ත්‍රීවරු කථා කරපු සමහර වැදගත් දේවල් සටහන්ව නැහැ.
පසුගිය 9 වැනි දා පවත්වපු මුදල් හා ප්‍රතිපත්ති කමිටුවත් එහි ගන්නා ලද තීන්දුත් නිත්‍යනුකූල නැහැ. ඒ හේතුවෙන් මෙම සභාව පැවැත්වීම නිත්‍යනුකූල නැහැ. අපි මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත් පාලන කොමසාරිස්ටත් පැමිණිලි කරනවා. සභාපති තුමා මේ සම්බන්ධව මධ්‍යස්ථව ක්‍රියා කරාවි යැයි අප බලාපොරොත්තු වෙනවා."
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බෝපේ පෝද්දල ප්‍රා. සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි 29 දා ට කල්තබයි