IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බෝපත් ඇල්ලත් ජල යෝජනාවකට බිලිදෙන්න යයි

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරු ගඟේ කුරුවිට පිහිටි දර්ශනීය බෝපත් ඇල්ලේ ඇලි කට මුදුනෙන් ජලය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත පානීය ජල යෝජනා ක්‍රමය වහා වෙනස් කර ඇල්ලට පහළින් ඊට ජලය ලබාගෙන ක්‍රියාත්මක කරන්නැයි මහා සංඝරත්නය සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළේය.

නව ජල යෝජනා ක්‍රමයට අවශ්‍ය ජලය බෝපත් ඇල්ල ඇලිකට මුදුනේ ගඟ හරස්කර බැම්මක් මැද ලබා ගැනීමට සැලසුම් කර ඇති බව බෝපත් අසපුව විහාරාධිපති සහ පරිවේනාධිපති තෙප්පනාවේ පියදස්සී හිමියෝ පැවසූහ.

පානීය ජල යෝජනා ක්‍රම ඕනෑතරම් සැකසිය හැකි වුවත් බෝපත්ඇල්ල වැනි මනස්කාන්ත ස්වභාවික දියඇල්ලක් මේ ආකාරයට සැකසිය නොහැකි බවද උන්වහන්සේ කීහ.

බෝපත්ඇල්ල අසපුවේදී ඊයේ (17) සවස රැස්වූ බෝපත්ඇල්ල සුරැකීමේ සංවිධානය විසින් කැඳවා තිබූ සාකච්ඡාවකදී පියදස්සි හිමියෝ මේ බව පැවසූහ.

එහිදී අදහස් දැක්වූ තෙප්පනාවේ පියදස්සී හිමියෝ පැවසුවේ විවිධ විජාතික සහ ජාතික බලවේග වරින් වර බෝපත්ඇල්ල විනාශ කිරිමට නොයෙක් මුහුණුවලින් කරළියට පැමිණි බවයි. මීට පෙර පුද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරිමට උත්සාහ ගත් බවත් මහජන විරෝධයන් හමුවේ එකී සැලසුම් අකුලාගත් බවත් උන්වහන්සේ පැවසූහ. දැන් ජනතාවට පානීය ජල පහසුකම් ලබා දෙන්න යැයි ජනතා අවශ්‍යතාව නම් කැරට් අලය ඉදිරියට දමා බෝපත් ඇල්ල විනාශ කිරීමේ සැලසුමක් සකස්කර අවසන් බව ද උන් වහන්සේ කීහ.

මහජනතාවට පානීය ජලය ලබාදීමට තමන් වහන්සේ කිසිවිටක විරුද්ධ නැති බව අවධාරණය කළ පියදස්සී හිමියෝ ඒ සඳහා බෝපත් ඇල්ලේ ඉහළින් නොව ඇල්ලට පහළින් කුරුගඟේම පිහිටි පන්වලෙන් ජලය ලබාගන්නැයි ඉල්ලා සිටියහ. එවැන්නකට කිසිම කෙනෙක් විරුද්ධ නොවන බව කී උන්වහන්සේ එවිට බෝපත් ඇල්ලත් ආරක්‍ෂාවී මහජනතාවගේ පානීය ජල උවමනාව ද සපිරෙන බව පැහැදිලි කළහ.

තමන් වහන්සේ ද රැස්ව සිටින මහජන නියෝජිතයන්ගේ ඇතුළු පොදු ජනතාවගේ ද හඬට කන්නොදී බෝපත් ඇල්ල ඉහළින් ම මෙම පානීය ජල ව්‍යාපෘතියට වතුර ගැනීමට කටයුතු කළහොත් අපවත්වන තුරු උද්ඝෝෂණය කර හෝ බෝපත් ඇල්ල රැකගන්නේ යැයි ද පැවසූහ.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මෙන්ම ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුවිට ප්‍රාදේශීය සභා සභික ආර්.ඩිලාන් දර්ශන රණසිංහ මහතා පැවසුවේ මෙම පානීය ජල යෝජනා ක්‍රමය අලුත් එකක් නොව 2013- 2014 කාලයේ සැලසුම් කර ප්‍රතිපාදන නොමැතිව අතරමග නවතා තිබූ පුවක්වත්ත පානීය ජල යොජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කිරිමක් බවයි.

බෝපත් ඇල්ලට ඉහළින් කුරුගඟ මීටර් පනහක් පළල බවත් ගඟ හරහා  ඉවුරට  ආසන්නයෙන් අඩි තුනක බැම්මක් බැඳ තත්පරයට ගණ මීටර් දශම එකක ජල ප්‍රමාණයක් පමණක් ගැනීමට සැලසුම් කර ඇති සැලැස්මක් යැයි ද ඔහු පැහැදිලි කළේය. යෝජිත විසල් රත්නපුර ජල යෝජනා ක්‍රමයට සමගාමීව මෙය සිදුකිරිමට නියමිත බවත් කලින් මෙය පුවක්වත්ත ජලයෝජනා ක්‍රමය ලෙස සැලසුම්කර තිබූ බවත් කීවේය.

මහජනතාව පානීය ජල හිඟයෙන් පීඩා විදිම වැඩි වුවහොත් දියඇල්ලක අවශ්‍යතාව අභිබවා ජනතා උවමනාවන්වලට මුල්තැන දෙන්නට යැයි අද විරෝධය පළකරන පිරිස් එදාට ඉල්ලා සිටිවි යැයිද ආර්.ඩිලාන් දර්ශන රණසිංහ මහතා පැවසුවේය. මෙම ව්‍යාපෘතිය පුද්ගලික එකක් නොවන බවත් ජාතික ජලසම්පාදන මණ්ඩලයේ මුදල් වැය කර සිදුකරන එකක් බවද කී ඔහු මේ ව්‍යාපෘතිය හොඳින් අධ්‍යයනය කරන්නැයි විරුද්ධ වන පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද කීය.

කුරුවිට ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභික ප්‍රේමා ගම්ගත් මහත්මිය පැවසුවේ මෙවැනි තීරණයකින් ලංකාවේ සංචාරක කර්මාන්තයට, ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට ද බොපත් ඇල්ලට සිදුවන හානියට සමාන හානියක් සිදුවන නිසා ඇල්ලට ඉහළින් ගඟ හරස්කර ජලය ලබාගැනිමට තමන් ද විරුද්ධ බවයි. බෝපත් ඇල්ලට පහළ පන්වලෙන් එකී ජල ව්‍යාපෘතියට ජලය ලබාගැනීම සම්බන්‍ධයෙන් තමන්ගේ ද විරෝධයක් නැති බවද ඇය පැවසුවාය.

ජනතා විමුක්ති පෙරමුණේ කුරුවිට ප්‍රාදේශීය සභා සභිත විකසිත පුෂ්පකුමාර මහතා පැවසුවේ බෝපත්ඇල්ලට හානි ගෙනෙන ආකාරයෙන් ඇල්ල ඉහළින් මෙම පානීය ජල ව්‍යාපෘතියට ජලය ලබාගැනීමෙන් පාරිසරික, ආර්ථික සහ සමාජයීය ගැටලු රැසකට මුල පුරන බවයි. ජනතාවට ජලය ලබාදීමට තමන් කිසිවිටක විරුද්ධ නොමැති බව පැහැදිලි කළ ඔහු නයාත් නොමරා, පොල්ලත් නොකඩා ගැටලුව විසඳා ගැනීමට හොඳම ක්‍රමය බෝපත් ඇල්ලට පහළින් ඊට ජලය ලබා ගැනීම යැයිද කීවේය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කුරුවිට ප්‍රාදේශීය සභික එස්.ඩබ්. රංජිත් මැන්දිස් මහතා පැවසුවේ ප්‍රදේශයේ ජනතාවට පායන කාලවලදි පානීය ජල ගැටලුව උග්‍රවන බවයි. මෙම ව්‍යාපෘතිය කරන්නටම ඕනෑනම් බෝපත් ඇල්ලට ඉහළින් ජලය ලබාගැනීමට යෝජිත තැනට තවත් ටිකක් ඉහළින් ගඟ හරස් කිරීමෙන් ජලය ලබාගැනීම සුදුසු බව තමන්ගේ අදහස යැයි ද ඔහු කීය.

රත්නපුර මහ නගර සභාවේ ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණේ නාගරික සභික ඉන්දික කලුආරච්චි මහතා අදහස් දක්වමින් පැවසුවේද බෝපත් ඇල්ලත් ආරක්‍ෂාකර ගනිමින් පානීය ජල ව්‍යාපෘතිය ද කළ යුතු බවයි. ඊට හොඳම විසඳුම බෝපත් ඇල්ලට පහළින් පානීය ජල ව්‍යාපෘතියට ජලය ලබාගැනීම යැයිද ඔහු කීවේය. එවිට මහජන විරෝධයක් නොමැතිව ගෝලීය සංවර්ධන ඉලක්කයකට යා හැකි බව සැලසුම් කරන්නන් අවබෝධයෙන් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

සීමාසහිත කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති තරංග ඩිල්ෂාන් මහතා අදහස් දක්වමින් ලෝකයටම එකක් වූ දර්ශනිය බෝපත් ඇල්ලට ද හානි නොකර ඊට පහළින් ජලය ලබාගෙන මේ පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර බෝපත් ඇල්ලත් රැකගෙන මහජනයාගේ පානීය ජල අවශ්‍යතාවද සපුරාලිය හැකි සාධනීය තැනකට රජය යොමු කරවන්නැයි ඩිලාන් දර්ශන රණසිංහ සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

බෝපත්ඇල්ල සුරැකීමේ සංවිධානයේ සභාපති මාධ්‍යවේදී එල්. රුවන් ලියනගේ මහතා පැවසුවේ ගඟ ඉහළ ඇති පුද්ගලික ජල විදුලි බලාගාරවලින් පායන කාලයට විදුලිය නිපදවීමට ගඟේ ජලය හරස්කර නළ මගින් පහළට ගැනීම නිසා ගඟ දෙපස පාරිසරික ගැටලු දැනටමත් ඇතිවී තිබෙන බවයි. ඒනිසා ඇතැම් දිනවල බොපත්ඇල්ල පැය කිහිපයක් කේඩෑරිවී ජලය නොමැතිව කුඩා දියපාරක් සේ දිස් වෙද්දී ස්ථිරවම ගඟේ වතුරපාර වෙනතකට ගැනීමේදී බෝපත්ඇල්ල ගැන කවර කතාදැයි පැවසුවේය.



අදහස් (10)

බෝපත් ඇල්ලත් ජල යෝජනාවකට බිලිදෙන්න යයි

Nuwan Thursday, 18 February 2021 07:04 AM

තාම විරුද්ධයි... මාස ගාණයි ගියේ. මේ වගේ ඉහළ සංවර්ධනයක් අපිට දෙන්න. අනිත් අවුරුදු 04ට මොනතරම් සංවර්ධනය අපිට දේවිද මේ උත්තමයෝ...?

:       0       21

Indika Thursday, 18 February 2021 07:10 AM

සෞභාග්‍යයේ දැක්ම අකුරටම ක්‍රියාත්මක වෙනකොට 69 ලක්ෂයක දේශප්‍රේමී බලවේග වලට මොන තරම් සතුටු හිතෙනවා ඇතිද..?

:       1       23

Ruhunu Thursday, 18 February 2021 07:45 AM

අපේ මිනිස්සු හැම දෙයක්ම කරන්න හදන්නේ ජාතික සම්පත් විනාශ කරලා. ඒකයි දුක...

:       1       15

sharm warn Thursday, 18 February 2021 08:10 AM

එතකොට මේ රටේ තියෙන ඇළදොළ පවා රැකගන්න සුරැකීමේ සංවිධාන හදන්න වෙන තරමට රට දියුණු වෙලාද? සතුටුයි.. සතුටුයි... රෙස්පෙක්ට් සර්.

:       1       15

MISHAL-MATARA Thursday, 18 February 2021 08:29 AM

ඔන්න ඒකටත් කෙලියා එහෙනම්

:       1       17

මෝ Thursday, 18 February 2021 10:14 AM

ගස් කපලා වන විනාශ කරලා දැන් දියඇලි වලින් බොන්න වතුර ගන්න යනවා. රට කරන අය ගොබ්බ හැත්තක්. ඉස්සෙල්ලා ගස් ටික රැකගනිල්ලා. රට කාන්තාරයක් කරන නන්දසේන දැක්ම...

:       1       7

chathura Thursday, 18 February 2021 10:28 AM

එහෙනම් මිනිස්සු කළ ගෙඩි අරගෙන තව ටික කාලයක් යමු. ආයේ බොන්න වතුර නැහැ කියලා අවුරුදු 72කට සාප කර කර උද්ඝෝෂණය කරනවා එහෙම නෙමෙයි... බෝපත් ඇල්ල බලලා සැනසෙමු.

:       1       5

sana Thursday, 18 February 2021 10:43 AM

මෙතන මේ එකඟයි, විරුද්ධයි, අරහෙම නම් හා කියන හැමෝම තම තමන්ගේ පුද්ගලික මතයක් කියන්නේ. මෙතන ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික අධ්‍යයනයක් නොකර ඔය කිසිවක් කරන්න බෑ. ඉතින් ඇයි ඒ ලියවිලි මහජන නියෝජිතයින් ගෙනැල්ලා ඒ කරුණු මත පිහිටා කතා කරන්නෙ නැත්තේ? අනෙක විදුලි බලාගාරයක් හදන කොට අනිවාර්යයෙන් මුදා හැරිය යුතු ජල ප්‍රමාණයක් තියෙනවා. ඒකට අඩුවෙන් මුදා හරිනවා නම් ඒකට වහාම මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිලි කරන්න ඕනෑ.

:       1       3

asanka Thursday, 18 February 2021 11:01 AM

ඉහළින් පිහිටි ස්ථානයකින් ජලය ලබා ගන්නේ, එයින් පහතින් ඇති ප්‍රදේශවලට පානීය ජලය බෙදා හැරීම පහසුවීම විය හැකියි. පහතින් ඇති තැනකින් ජලය ලබා ගත්තොත්, ජලය බෙදා හැරීම සඳහා එම ජලය නැවත ඉහළින් පිහිටි ස්ථානයකට පොම්ප කිරීමට සිදුවෙනු ඇත...

:       1       3

WCA Thursday, 18 February 2021 01:18 PM

ඔය බෝපත් ඇල්ලේ කට්ටිය නාන තැනක් නේද? එතකොට පහළින් වතුර අරන් බොන්න වෙන්නේ නාපු වතුර නේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 140 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 363 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 921 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1207 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 412 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 196 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site