(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය.
දර්ගානගරයේ පදිංචි ආසාදිත දෙදෙනා ඉකුත් 24දා කොවිඩ් ආසාදිත බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ සොයුරිය සහ පුත්‍රයා බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සහ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ අලුත්ගම පොලිස් ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.
කොවිඩ් ආසාදිත බව තහවුරු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, පළමුව කොවිඩ් ආසාදිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට ඉදිරි අසුනේ ඉකුත්දා පැවැති මාසික සභා රැස්වීමේදී අසුන් ගෙන සිටි බව බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුස්මන් ද සිල්වා මහතා පැවසීය.
දර්ගානගරයේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට යොමු වූ බේරුවල ප්‍රාදේශීය සභාවේ සෙසු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කණ්ඩායමට කොවිඩ් ආසාදනය වී නොමැතිබව පැවසේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බේරුවල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරියකටත් කොරෝනා
Nalin Saturday, 28 November 2020 10:38 AM
පරෙස්සම් වෙන්න.
Perera Saturday, 28 November 2020 06:32 PM
පාර්ලිමේන්තුවට ගිහින් පිනක් කරගන්න කැමැතිද?