IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
 
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ කාන්තාවක සාරි මිලදී ගැනීමට පිටකොටුව දෙවැනි හරස් වීදියට පැමිණ සාරි තෝරමින් සිටියදී මෙම සාරිය දැක 119 හරිදිසි ඇමැතුම් අංකයට ඇමැතුමක් ලබා දී තිබෙන බව පොලිසිය පවසයි.
 
එම පැමිණිල්ල අනුව දිවා ජංගම සංචාරයේ යෙදුණු නිලධාරීන් එම ස්ථානයට ගොස් සාරිය පොලිස් බාරයට ගෙන තිබේ. එම සාරිය විකිණීමට දමා තිබූ වෙළෙන්දාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (9)

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

Bamunuarachchi Sunday, 23 September 2018 04:56 PM

දැන් පුළුවන්... කවුරු කොහේදී මේ සාරි මුද්‍රණය කළාද කියා සොයාගෙන ඒ සම්බන්ධව කටයුතු කරන්න.

:       26       141

KamalMonday, 24 September 2018 02:45 AM

ඕවා ඉන්දියන් සාරි බමුණු. කටයුතු කරන්න ඉන්දියාවට යන මහින්ද මහත්තයටම පවරමු.

:       58       26

BamunuarachchiMonday, 24 September 2018 09:17 AM

ලංකාවට ගෙනා අය සොයාගෙන එයාට දඩුවම් කරමු.

:       0       26

UpaasakaMonday, 24 September 2018 09:17 AM

අර පච්ච කෙටූ කාන්තාවගේ කතාව මතකද?

:       0       6

ලුම්බිණි Monday, 24 September 2018 12:52 AM

බුදුරුව සහිත සාරියක් කියන එක ප්‍රශ්නයක් නොවෙයි. බෞද්ධයන් කියමින් බුදු දහමට නිගරු වෙන විදියට වැඩ කරන අය තමයි අත් අඩංගුවට ගත යුත්තේ.

:       835       113

dhamneth Monday, 24 September 2018 12:57 AM

කෙනෙක් සාරියක් හෝ වෙනත් ඇඳුමක් මිලදීගෙන අඳින්නේ තමන් ඒ ඇඳුමට ආසා නිසා. මේ බුදුරුව සහිත සාරියත් අඳින්න කැමති කාන්තාවන් ඉන්නවා නම් එම කාන්තාවන් පමණක් බුදුරුව සහිත සාරි අදිවී. බෞද්ධ අපි හිතනවා මේකෙන් බුදු දහමට හා බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙනවා අදින අයට පව් සිදුවෙනවා කියා.

:       934       35

RNG Monday, 24 September 2018 08:39 AM

එතකොට ඉතින් ඔය විදියට බුදුරුව සහිත පාවහන් එහෙම වෙළඳපොළට ආවොත් ඒවත් අරන් පළදින එක අනුමත කරනවද ..? අනේ අනේ බුදු දහමට ගිය කලක්. බෞද්ධයන් යැයි කියා ගන්නා මෙවැනි පිරිස්ම මේවා අනුමත කරනවා නම් අනාගත පරපුරට බුදු දහමක් ඉතිරි වෙයිද ..? අනික එහෙනම් අනිත් ආගම්වල ශාස්තෘවරුන්ගේ රුව සහිත ඇදුම් පැළදුම් එහෙමත් වෙළඳපොළේ තියෙන්නෙ එපැයි. මේවා එක් ශාස්තෘවරයෙක් අපහාසයට පත් කිරීම සදහා කරන දේවල් කියලා මේ මෝඩයන්ට නොතේරෙන්නෙ ඇයි ..?

:       0       853

SachithMonday, 24 September 2018 11:23 AM

වෙනත් ආගමික නායකයන්ගේ රූප කෙටූ ඒවා ආවොත් මරණවනේ.?

:       0       10

BamunuarachchiMonday, 24 September 2018 09:31 AM

මෙතන පව්පින් ගැන නොවෙයි කතා කොරන්නේ සදාචාරාත්මක දෙයක් ගැන.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 722 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 626 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 899 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 727 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 106 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site