IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බුදු දහම - බෞද්ධ සංස්කෘතිය අපහාසයට ලක් කිරීමේ නාට්‍ය තුනක්

(ආරියරත්න රණබාහු) 
 
රාජ්‍ය මාධ්‍ය උපයෝගි කරගෙන බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අපහාසයට ලක් කිරීමේ වැඩ පිළිවෙළක්  ජාතික සමගිය හා සංහිදියාව  ඇති කිරීමේ කාර්යාංශය මගින්  ආරම්භ කර ඇතැයි  ආචාර්ය ඕමල්පේ සෝභිත  දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක  හිමියෝ  අද (19) පැවසුහ.


 ජාතික සමගිය හා සංහිදියාව ඇති කරවන බව යැයි කියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් නාට්‍ය තුනක් ප්‍රචාරය කිරීම සඳහා නිශ්පාදනය කර ඇතැයි කී සෝභිත හිමියෝ  ඒ නාට්‍ය තුන ‘තරුවන් සරණයි‘, ‘නිවොන් සුව ලැබේවා‘ සහ නිර්වස්ත්‍රං සුඛං යනුවෙන් නම් කර ඇතැයිද පැවසුහ.


 මේ අදහස් ප්‍රකාශ කරනු ලැබුයේ බම්බලපිටිය සිරි වජිරාරාම දහම්පාසලේ සියවස් සැමරුම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.


එහිදී උන් වහන්සේ මෙසේද  පැවසුහ.


බදු දහමට විරුද්ධව බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව විවිධ ආකාරයේ එල්ලවන  විරෝධතා මැඩලීමට අපට තවමත් ක්‍රමයක් නැහැ නේද කියලා හිතෙනකොට ජනාධිපතිතුමනි ,අගමැතිතුමනි අපි අසරණවෙලා වගේ දැනෙනවා.


ශ්‍රී ලංකාවේ තියෙනවා  විශේෂ කාර්යාංශයක්  ජාතික සමගිය හා සංහිදියාව ඇති කිරීමේ  කාර්යාංශය කියලා  .මේ කාර්යාංශය මගින් අලුතින් නාට්‍ය නිර්මාණය කර සංවිධානය කර තිබෙනවා නාට්‍ය නිර්මාණ  සංවිධානය කර තිබෙනවා. නාට්‍ය නිර්මාණ    10 ක් කර තිබෙනවා.අපිට ජාතික සමගිය සංහිදියාව ඇති කරන්න.

 මේ නාට්‍ය දැන් සුදානම් කර තිබෙන්නේ  රජයේ ගුවන් විදුලි මගින් ප්‍රචාරය කරන්න. නමුත්  මේ තුළින් බෞද්ධ ආගම උපහාසයට ලක් කරලා.

මේ නාට්‍ය දැන් සූදානම් කර තිබෙනවා රජයේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන්න. මේ නාට්‍යවල නම්, එකක් තමයි “තරුවන් සරණයි’  තෙරුවන් සරණයි යන්න උපහාසව ලක් කරලා. අනික් නම් අතර ‘නිවොන් සුව ලැබේවා” නිවන් සුව ලැබේවා යන්න උපහාසයට ලක් කරලා. මුලාසනයේ වැඩ සිටින අපේ නායක හාමුදුරුවනේ මට සමා වෙන්න මේවා කියන්න සිදුවෙලා තියෙනවා. “නිර්වස්ත්‍රං පරමං සුඛං” මේක මේවායේ අරමුණ කුමක්ද රජයේ මාධ්‍ය උපයෝගි කරගෙන බෞද්ධයන්ට පහරදීමේ ව්‍යාපාරයක්. මේවායින් ඔවුන් ප්‍රතිපල දෙකක් බලාපොරොත්තු වෙනවා ඇති. බුදු දහම උපහාසයට ලක්කිරීමටයි. ‘නිර්වස්ත්‍රං පරමං සුඛං කියන්නේ සැම ආගමක්ම උගන්වන සදාචාරයෙන් තියෙනවා. මෙය ඒවා උපහාසයට ලක් කිරීම යැයි සෝභිත හිමියෝ පැවසූහ. 

 



අදහස් (12)

බුදු දහම - බෞද්ධ සංස්කෘතිය අපහාසයට ලක් කිරීමේ නාට්‍ය තුනක්

Cisco Sunday, 19 August 2018 03:04 PM

අපේ හාමුදුරුවනේ... අපිමනේ මේ හවුල පත්කරගත්තේ... ඔබ වහන්සේලාට ග්ලයිපොසේට් තහනම් කරගන්න බැහැ. මේක නවත්වන්නත් බැහැ. ඔබ වහන්සේලා නෙවෙයි. අපි තමයි අසරණ... තෙරුවන් සරණයි.

:       460       558

Chanak Los angeles Sunday, 19 August 2018 03:50 PM

බුදුන්නම් කියා තිබෙන්නේ බුදුදහමට විනකරන්නේ අපහාස වන්නේ චීවරය දරාගත් සසුනෙම වැඩසිටින දුශ්ශීල භික්ෂුන් නිසාවෙන් කියලා නේද? එමගින් වැනසීම බෞද්ධ සමාජයට ලැජ්ජාවක් වගේම අනෙක් ක්‍රියාවන්ගෙන් බුදුදහමට එල්ලවන අපහාස වලට වඩා බලවත් කියලයි මගේ හැඟීම...

:       707       831

BamunuarachchiMonday, 20 August 2018 01:12 AM

අවුරුදු 2500 කට ප්‍රථම බුද්ධාගම දේශනා කොරන කාලයේ තිබුන සමාජ ක්‍රමය නොවෙයි දැන් තිබෙන්නේ. ඔය කියන විදිහට බුද්දාගම තිබුන රටවල අද බුද්දාගම නැහැ. අනාගත මිනිසුන්ට බුද්දාගම රැක දීමත් බවුද්ද භික්ෂුවට තිබෙන එක කාර්‍යභාරයක්. එය කලහැක්කෙත් භික්ෂුවට පමණයි. ඒ බෞද්ධයාගේ අවනත වන්නේ භික්ෂුවට පමණක් නිසා. ශ්‍රී සුමංගල හිමියන් ගැන හෝ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් නිසා බෞද්ධ සමාජයට ලැජ්ජාවක් ෙවුනේ නැත. උන් වහන්සේලාටත් ලැජ්ජාවක් උනේ නැත. ඉතිහාසය ගැන නොදන්නා මගුල් කතා නොකා සිටියොත් එයත් බෞද්ධ සමාජයට කරන සේවයකි.

:       212       141

Bamunuarachchi Sunday, 19 August 2018 03:53 PM

අපේ හාමුදුරුවනේ එක නිදහස් දින උත්සවයකදී ආජුතපරලායිලා.... කිව්ව මේ අය 2020 යනවිට බැංකුව විතරක් නොවෙයි සිංහල ජාතියත් කාලා බුද්ධාගමත් කාලා රට සුළුජාතිකයින්ට පාවාදීලා තමයි යන්නේ. දැන් අපේ ගොයියෝ ඔබවහන්සේට බනින්න පටන්ගනීවී.

:       3227       1198

Ranjan Monday, 20 August 2018 01:26 AM

ඔබ වහන්සේලා නේද මුන්ව පත්කරගත්තේ ? අපි අසරණවෙලා නේද ?

:       23       22

BamunuarachchiMonday, 20 August 2018 06:00 AM

ඔව් අපිට නියම රාජ්‍ය නායකයෙක් තෝරා ගන්න තරම් බුද්ධියක් නැත. දේසපාලුවන්ව නම් තෝරාවී. රාජ්‍ය නායකයෙක් තෝරපු අවස්ථාවේ තමයි ඔහු රට බේරා දුන්නේ. එහෙම උනේ නැතිනම් අද තත්ත්ව මොකක්ද කියා ටිකක් සිතන්න.

:       0       2

chathuri Monday, 20 August 2018 01:30 AM

බුද්දාගමට අගුරව. වුනේ වැඩියෙන්ම පැරදිලා ගෙදර. ගිය. ජනපති. නිසා හැමදේටම. පන්සල එයාට ඕන විදියට නටන්න. සමහර. හිමිවරු. පහසු කම් හදල දුන්නා. ඒ. හිමිවරුන්ට. මහින්දගෙන් තොර. ලෝකයක්. නැති. වුන. පන්සල චන්ද පලක් වුණා. දරුවෝ. දහම් පාසල් එන. එක අඩුවුණා හිමිවරු හිර ගෙවල් වලට. ගියා , හැම කෙනාම බනින්න ගත්ත ඉගෙන. ගන්න. හිමිවරු නවක වාදය දුන්නා කාටවත්. ඇගිල්ල. දික් කරලා වැඩක්. නැහැ. ලොකු තැන නින්. තමයි කැළැල්. පටන්. ගත්තේ

:       481       378

RNG Monday, 20 August 2018 03:28 AM

මේ චතුරිට නම් මහින්ද මහත්තයාව කොහෙන් හරි ගාව ගෙන බැන්නෙ නැත්නම් නින්ද යන්නේ නැද්ද කොහෙද ..? නැත්නම් වර්තමානයේ උතුරු, නැගෙනහිර පළාත්වල එහෙම බුදු දහමට කරන අපහාස, ගැරහිලි පේන්නේ නැද්ද..? මේ වගේ අය තමයි ටොයිලට් එකට නොගියත් මහින්ද කියලා බනින්නේ..

:       4       28

rane Monday, 20 August 2018 03:29 AM

හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ වැඩ තමා වැඩියෙන්ම බුදුදහමට අපහාස වෙන්නේ... කරුණාකරලා ඔබවහන්සේලා බෞද්ධ වෙලා ඉන්න මුලින්ම...

:       0       5

Jess Monday, 20 August 2018 04:19 AM

එතකොට ඒකට විසඳුම අපහාස නාට්‍ය ජාතික සේවාවල දාන එක කියලද කියන්නෙ.

:       0       6

will Monday, 20 August 2018 05:04 AM

මේ ඉතා තීරණාත්මක මොහොතක්, ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ අවධියෙන් සිටීමත් ජාතිය අවධියෙන් තබා ගැනීමත් අවශ්‍යව තියෙනවා, කොළඹ නගර සභාවෙන් බුදු පිලිමය ඉවත් කිරීමත් මේ යන ගමනේ දිශාව පිලිබිබු කරනවා

:       0       12

will Monday, 20 August 2018 05:04 AM

මේ ඉතා තීරණාත්මක මොහොතක්, ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ අවධියෙන් සිටීමත් ජාතිය අවධියෙන් තබා ගැනීමත් අවශ්‍යව තියෙනවා. කොළඹ නගර සභාවෙන් බුදුපිලිමය ඉවත් කිරීමත් මේ යන ගමනේ දිශාව පිළිබිඹු කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 163 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 345 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 458 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 785 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1182 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 955 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site