IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බුද්ධි නිලධාරියා රන් කිලෝ 2ක් සමග අල්ලයි

(දීපා අධිකාරි, ඉන්දිකා රාමනායක)

රුපියල් අනූඑක් ලක්ෂ හතලිස් අට දහස් පමණ වටිනා රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන  කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ හමුදා බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
 
සැකකරු  බුද්ධි අංශයේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරයකු බව ද රේගුව කියයි. අත් අඩංගුවට ගත් රන් වල බර කිලෝ දෙකකි.  සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයකු මෙම රත්තරන් තොගය කටුනායකින් පිට කිරීම පිණිස ලබාදුන් බව සැකකාර බුද්ධි නිලධාරයා පවසා ඇතැයි ද රේගුව කියයි. රං ආභරණ දුන් බව කියන සැකකරු අතුරුදහන්ව ඇතැයි ද දැනගන්නට තිබේ 



අදහස් (23)

බුද්ධි නිලධාරියා රන් කිලෝ 2ක් සමග අල්ලයි

පිටිගල මිලානෝ Friday, 18 August 2017 02:36 AM

ඔන්න බඩු ඇතුලට එන හැටි. දේශපාලකයෝ පරීක්ෂා කරන්නෙත් නැහැ නේද? බොහොම හොඳයි.

:       0       162

aseFriday, 18 August 2017 06:26 AM

එක කාලයක ඔය අල්ලපු අයට මොකද උනේ කියල අපිට අමතක නෑ, හැම වෙලාවකම හැම දේම දේශපාලනයට සම්බන්ඳ කරන්න එපා, එන් ස්වාදීන මතයක් ගොඩ නගා ගන්න අපහසු වෙනවා, ඕකම තමයි ඒකාබද්දය කරන්නෙත්.

:       215       96

Asitha Friday, 18 August 2017 02:51 AM

තරාතිරිම නොබලා තම රාජකාරිය ඉෂ්ඨ කළ රේගු කාර්්‍යය මණ්ඩලයට ජාතියේ ප්‍රනාමය! මෙවන් රාජය සේවය රටට ආඩම්භරයක්. ඔබතුමන්ලාගේ සේවය අගය කරණ හා දෛර්්‍ය පිනිස පිරිස් දිවයිනේ ඹ්නැතරම් සිටිනවා, මෙවන් නීති විරෝධි ක්‍රියාවන් හසුකරගන්න දෛර්්‍ය හා ශක්තිය ප්‍රර්ථනා කරමි කාර්්‍යය මණ්ඩලයට. ස්තුතියි!

:       1       542

raveendraFriday, 18 August 2017 04:08 AM

අසිත මයා වෙත, ඔබගේ අදහසට අප ගරු කරමු. තවද මා එම අදහසට යම් කරුණක් එකතුකිරීමට කැමැත්තෙමි. හොරකම මොනයම්ව හෝ හොරකමක් උනත් එය සමාජ විරෝදිය එහි කිසිදු තර්කය නොමැත.ඒසදහා දඩුවම් දියයුතුමය. ඊට අමතරව විශේෂයෙන්ම ආරක්ෂක නිලධාරීන් රේගුනිලධාරින් සමස්තයක් හැටියට රජයේ නිලධාරීන් ( මහජන නියෝජිතයන් ඇතුළුව ) හොරකම්වලට සම්බදනම් හොරකමකට සාමාන්‍ය රටවැසියකුට දෙන දඩුවම් දෙන ප්‍රමාණයට වඩා අදික දඩුවම් දියයුතුය. උදාහරණක් විදියට සාමාන්‍ය පුරවසියක් සදහා යම්කිසි හොරකමක් වෙනුවෙන් අව්රුදු 10 ක සිරධඩුවමක් නියම උනයේ සිතමු. නමුත් ඉහතකි නිලධාරීන් හට එහා සමාන හොරකමකට අව්රුදු50 හෝ 60 වශයෙන් දඩුවම් වැඩිකිරීමට හැකිනම් මෙය යම්තරමකට හෝ පාලනය කලහැක. මෙම හොරකම්ත වලට තවත් එක කරුණක්න වන්නේ තනතුර අවබාවිතාකිරීම මුලික හේතුවක්.

:       0       146

raveendra Friday, 18 August 2017 02:57 AM

ඇවිද්ද පය කෝටියක් වටී.මෙම දුෂිත ක්‍රමයට මොනතම් නීතිවිරෝදී භාණ්ඩ රටතුලට රැගෙන එන්න ඇද්ද ???

:       0       107

Rex Dubai Friday, 18 August 2017 03:26 AM

ඔන්න රණවිරුවෝ ඇල්ලුවො !!!!

:       303       577

Sarojini Friday, 18 August 2017 03:29 AM

විදේශ කුමනන්ත්‍රණ කාරයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා රණවිරුවන් දඩයම් නොකරනු.

:       82       221

ලසන්ත Friday, 18 August 2017 03:43 AM

පරිස්සමෙන්! අර බද්ධ විපක්ෂය කියයි මෙන්න බුද්ධි අංශ පාවාදෙනවෝ කියල

:       95       207

sandun Friday, 18 August 2017 03:59 AM

වැටත නියරත් ගොයන් කයි නම් ගොන්නු පිළිබද කුමන කතාද

:       2       3

අසෝක ජයතිලක මිලානෝ Friday, 18 August 2017 04:11 AM

කරපු නොහොබිනා වැඩේට බුද්ධිය ගලවලා අරන් අතට දෙන්න ඕනේ.

:       0       121

ලුම්බිණි Friday, 18 August 2017 04:20 AM

එකට කැබිනට් තීරණ අරගෙන එලියට ගිහින් එම තීරණ විවේචනය කරන ඇමතිලා ඉන්න රටක රාජ්‍ය බුද්ධි අංශයේ අයගේ වැඩ ගැන අපි මොනවා කියන්නද?

:       99       86

kithsiri Friday, 18 August 2017 04:32 AM

බුද්ධි නිලධාරියාගේ බුද්ධිය මදි වාගේ?

:       0       8

rohan Friday, 18 August 2017 04:36 AM

රන් අම්මනඩිත් කොනකින් ගැවිලා ඇති.

:       22       108

චතුරංග Friday, 18 August 2017 04:39 AM

මේවා බටහිර තානාපති කාර්යාලවල, දෙමල ඩයස‍පෝරා‍වෙ අවශ්‍යතාවලට අනුව රණවිරුවන්ව දඩයම් කරන්න කරන කුමන්ත්‍රණ. අපි විමල් ගම්මන්පිල එක්ක එකතුවෙලා මෙම රණවිරුවා බේරගන්න සටන් කරන්න ඕනෙ.

:       111       168

krishanthaFriday, 18 August 2017 05:56 AM

සහතික ඇත්ත

:       12       66

piyal Friday, 18 August 2017 05:37 AM

එක බුද්ධි අංශ නිලධාරියෙක් කල නොහොබිනා වැඩකට අර යුද්ධයේදී කොටි පරාජය කිරීමට සහය දුන් රණ විරුවන් සිරකිරීම සාධාරණිකරණය කිරීමට උත්සහකරන කට්ටිය ගැන කනගාටු වෙනවා. වංචා දුෂණ වලට දඬුවම් දීමේදී අර ගල්ෆ් රටවල භාවිතා කරන නීතිය යොදාගන්නේ නම් ඉක්මනින්ම දඬුවම් දිය හැකිය. එතකොට ඔය දිනයක් වැරදි කියල නඩුව අහක යන්නේ නැහැ. පොඩි සාක්ෂි කීපයක් ප්‍රමාණවත් හිරේ යවන්න.

:       1       89

nuwan Friday, 18 August 2017 05:42 AM

ඔය රේගු නිලධාරීන්, ආදායම් බදු නිලධාරීන්, රථ වාහන පරීක්ෂක වරුන් ආදියගේ දේපල වත්කම් ගැනත් සොයා බලන්න.

:       0       69

වීරා Friday, 18 August 2017 06:15 AM

ඔන්න දැන් කියයි හමුදාවේ කට්ටිය හිරේ දානවා කියලා. සමහර මන්ත්‍රීවරු යයි බලන්ටත් දැන්

:       13       71

chameera Friday, 18 August 2017 06:24 AM

බඩු මිල සැලකිය යුතු ලෙස අඩු වෙනකල් මිනිස්සුන්ගේ හොරකම් නවත්තනවා බොරු.

:       0       0

Ruwani Friday, 18 August 2017 08:16 AM

ඇත්තටම මොකටද තද නීතිය. මත්ද්‍රව්‍ය නැතිව නීතිවිරෝධී නොවන මුදල්, මෙවැනි රන් භාණ්ඩ රටට ගේන්න අවසරයක් දෙන්න ,

:       1       111

hasitha Friday, 18 August 2017 10:21 AM

විමල් මහත්තයා, ගම්මන්පිල මහත්තයා කියන්නේ තමිල් ඩොට් කොම් තමයි.

:       15       50

Hafeel Friday, 18 August 2017 12:26 PM

ඒකා බද්ධය කියන හොරුන්ගේ කල්ලිය දැන් මේකත් කියාවි... රණවිරු දඬුවමක් කියලා...

:       14       76

Rohitha Friday, 18 August 2017 02:53 PM

පිටිගල මිලානෝට හැමදාම අමු කැවෙනවා. මෙයා රාජ්‍ය බුද්ධි නිලධාරියකු මිස දේශපාලකයක් නෙමෙයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 817 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 398 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 546 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 329 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1729 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 846 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site