IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බුත්තල වර්ග කිලෝ මීටර 26 ක යකඩ නිධියක්

(එම්.එන්. පියරත්න)

බුත්තල කුකුරම්පොල ප්‍රදේශයේ පිහිටා ඇති යකඩ නිධිය වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති අතර එහි යපස් ටොන් මිලියන 86කට වැඩි ප්‍රමාණයක් තැන්පත් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය මගින් කළ පර්යේෂණවලින් හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ප්‍රකාශ කළේ රජයේ වැඩ සටහනකට අනුව පනිරෙන්ඩාව සහ කූකූරම්පොල පිහිටි මෙම යකඩ නිධිවල කැණීම් කටයුතු සිදු කරගෙන යන බවය.

මෙම නිධි වලින් ඉහළම ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇත. අමාත්‍යාංශ දෙකම ඒකාබද්ධ වැඩසටහනක් මගින් මෙම නිධිවල ඇති ඛනිජ ද්‍රව්‍යවලින් ආදායම ඉහළ නැංවීමට කටයුතු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව හෝ රටේ ආර්ථිකය ඉහළ නැංවීමට මෙමගින් බලාපොරොත්තු වෙන අතර භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය මේ සම්බන්ධයෙන් සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.



අදහස් (12)

බුත්තල වර්ග කිලෝ මීටර 26 ක යකඩ නිධියක්

Nuwan Friday, 15 January 2021 10:36 AM

2009 වසරේ යුද්ධය ඉවර වෙලා චීනය එක්ක කරපු අවධිමත් සහ දුෂිත ව්‍යාපෘති නිසා ලංකාව මේ ණය උගුලේ හිරවුණා කියලා ඕන පොඩි කෙනෙක්ට තේරෙනවා. අන්තිමට ණය අරන් හදපු දේවල් ණය දුන්නු චීනාටම දුන්නා කුණු කොල්ලෙට. දැන් රටේ තියෙන ස්වභාවික සම්පත් හිතුමතේ විනාශ කරනවා. මොන හිතකින් මෙහෙම කරන්න පුලුවන්ද මනුස්සයෙක්ට?

:       8       41

Raveendra Friday, 15 January 2021 11:59 AM

අප තරයේ විශ්වාස කරනවා මෙම සම්පත්වලින් රට දියුණුවට රටට අවංකවම ආදරය කරන පුරවැසියන්ගේ පුර්ණ සහභාගිත්වයෙන් උපරිම සේවයක් වෙයි යන්න.

:       8       20

Saman මාලදිවයිනේ Friday, 15 January 2021 12:10 PM

සේරුවාවිල රත්‍රන් නිධිය හාරලා ඉවරවෙලාම මේ යපස් නිදිය හාරන්න. කොහොම වුණත් ඡන්දෙ ළං වෙනකොට ලංකාවේ කොහේ හරි නිධියක් පහළ වෙන එක අපිට දැන් හොඳට පුරුදු දෙයක්..

:       4       41

SunilFriday, 15 January 2021 12:31 PM

කපටි කමෙන් කොළේ වහන්න ගව පාලනයට වඩා මේගොල්ලෝ දක්ෂයි. ගම්පළාත හින්දාද මන්දා..?

:       3       32

rocky Friday, 15 January 2021 01:28 PM

පොළොන්නරුව පැත්තෙන් හාල් නිධියකුත් හම්බවේවා...!!! 

:       2       28

Prasad Friday, 15 January 2021 02:14 PM

බයියන්ට දෙන්න පුන්නක්කු නිධියක් හොයාගන්න..

:       3       23

raheem Friday, 15 January 2021 03:03 PM

හෙට සීගිරිය ගල උඩටත් තෙල් හම්බවෙයි.

:       2       21

Nihal Friday, 15 January 2021 04:21 PM

ඡන්දෙට කලින් කසකාරයෝ එනවා වගේ...

:       0       0

prabha Friday, 15 January 2021 08:23 PM

මන්නාරමේ ගෑස්, තෙල් නිධි ගොඩදාලා ඉවරද?

:       0       0

chandima Friday, 15 January 2021 11:23 PM

දැන් ඔය පස් ගත්තාම, එතැන මිරිදිය මසුන් ඇතිකරන්නත් පුළුවනි නේද?

:       0       0

Raveendra Saturday, 16 January 2021 05:03 AM

ඡන්දයක් එනකොට හැමදා.. නිධි එක දෙක හම්බෙනවා.. දියුණුවට පස්සේ ඒ අය නිදිසේ ගොරවනවා.. මේවා බලබලා මහජනයා රැවටෙනවා... තේරුම් ගන්න ඔවුන්ගේ මොළ ඉක්මණටම පෑදේවා!!!

:       1       6

sena Saturday, 16 January 2021 05:25 AM

මම අහලා තියෙනවා ලංකා පොළවේ ඉතාමත් සුළු වශයෙන් විවිධ ලෝහ වර්ග තියෙනවා. ඒවා ලබාගන්න එක ආර්ථික වශයෙන් ලාභදායක නැහැ කියලා. ඉතින් මේක තේරුම් ගන්න බැරි අපේ කට්ටිය හිතනවා මේක ලොක්කගේ පිනට පහළ වෙච්චි නිධානයක් කියලා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 129 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 148 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 52 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 236 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 214 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 792 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site