(මනෝප්රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 28 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) තීරණය කළේය.
ජනාධිපතිවරණ පණතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම නඩුව විභාග කිරීමට විනිසුරුවරයා ලබන නොවැම්බර් 28 වැනිදා සිට දින 04ක් නියම කළේය.
ඒ අනුව නොවැම්බර් 29, දෙසැම්ර් 05 සහ 12 වැනි දිනවල මෙම නඩුව විභාග කිරීමට විනිසුරුවරයා දින නියම කළේය.
2015 නොවැම්බර් මස 23 වැනිදාත් දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී ඒ වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කොට තිබියදී ජනාධිපතිවරණ පණතේ ප්‍රතිපාදනයන්ට පටහැනි වන ආකාරයට එම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් අළුත් අවුරුදු ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට බේදාහැරීම මඟින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා සහ ජයන්ති වීරසිංහ යන මහත්වරු පෙනී සිටියහ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බැසිල්ට එරෙහි ලිත් නඩුව කල්යයි
laal Monday, 14 October 2019 12:50 PM
මේවට තමයි කියන්නේ රබර් නඩු කියලා... කවදාවත් ඉවර වෙන්නෑ.... ඔහේ ඇදෙනවා.
a.b.srilaTuesday, 15 October 2019 05:14 AM
එකල්හි රනිල් මහින්ද නම් දෙමිතුරන් දෙපසකට වී එකිනෙකට එරහෙව යුද වෙදෙන්නේම්යයි සපතකොට කුදී ජනයා සතුට්ටුකොට ජාති ආගම අලයෙන් හා ලිබරල් වාදයෙන් මන්මත් කලෝය. ඒ දෙමිතුර රතියේ එක්ව කා බී සතුටුවී තම තමන්ගේ සහචරයන් ප්රබෝදමත්කොට මේ උතුම් භුමියෙහි කුදී ජනයා මීමෝ කොට ඒ දෙමිතුර පරම්පරා බුක්තියට මේ රට පාලනය කරමින් සතුටින් කල් ගෙවුවෝය....
sirimal Monday, 14 October 2019 01:06 PM
ඒ වෙනකොට අර කිව්ව වෙසක් පෝයවල් සේරම ගෙවිලා තියෙයි. අර සමහරුන්ගේ නඩු අහන්න බැහැ කියලා අයින් වූ කට්ටිය දැන්දැන් ඒ නඩු අහන්න එනවලු...
rocky Monday, 14 October 2019 01:29 PM
අප ජීවත් වන්නේ පුදුම රටකයි. මේක තවමත් ලංකාවද එහෙම නැත්නම් රාජපාක්ෂිකයාවද?
සෙනෙවිරත්න Monday, 14 October 2019 02:22 PM
බඩුම තමයි. තව පාරක් බෙදනකන් නඩුව අහමු. මේ අසියාවේ අමුතු ඇටයනේ...
Rata Perata Monday, 14 October 2019 02:38 PM
රාජපක්ෂ රැලට නඩු රැලයි. එ්ත් රට හදන්න ඡන්දෙ දෙන්නලු...
BamunuarachchciTuesday, 15 October 2019 01:02 PM
එක නඩුවක්වත් ඔප්පුකර ගන්න බැරිවුනා. ජොන්සන් නිදොස් කොට නිදහස්. නඩුවකින් දින්න බැරි කොට රටක් සංවර්දනය කරන්නේ කොහොමද
Chathuri Monday, 14 October 2019 03:13 PM
මුන්දැලාගේ පවුලේ කට්ටිය දමලා තියෙන සුර, තහඩු පපුවට, මේවා අකුණු ගහලා වහින කොට ගලවනවද? කිල්ලට කෙසේවෙතත් අකුණු සර වදින්න හොඳ නැහැ නාමල් බේබි, අලුත බැඳපු නෝනා පේන්න මේවා පළඳිනවද? හොඳ කතා පසුවට එළිවෙයි. නඩු කල් යන්න සුර පළදින පවුල... වෙන අය දමන්නේ ඉක්මනට නඩු ඉවර වෙන්න..
Don Monday, 14 October 2019 05:49 PM
මේවා අහන නඩු නෙමෙයි, අවුරුදු ගණන් අදින නඩු.
Bamunuarachchi Tuesday, 15 October 2019 12:58 PM
ජනතා බදු මුදල්වලින් ලිත් දෙන එක වැරදී ජනතා බදු මුදල්වලින් ගෙවල් හදලා දෙන එක හරි. මගේ නීතියක්නේ මේක.