IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බැසිල් ඇතුළු සිව්දෙනාගේ දිවිනැඟුම නඩුව කල් යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (15) නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළේය.

පසුගිය ජනාධිපතිවරයට ආසන්න සමය වන 2015 නොවැම්බර් මාසයේ දී දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් මිලියන 29.91ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

හිටපු ආර්ථික සංවර්ධන  අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන  අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධක්‍ෂක ජනරාල් බන්ධුල තිලකසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කරන නඩුවකට පෙනී සිටින හෙයින් මෙම නඩුවේ විභාගය කල් තබන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 18 දක්වා කල් තැබීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සමඟ රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, නීතීඥ සෙනරත් ජයසුන්දර, නීතීඥ නවීන් මාරපන යන මහත්වරුන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.

 



අදහස් (13)

බැසිල් ඇතුළු සිව්දෙනාගේ දිවිනැඟුම නඩුව කල් යයි

sirimal Friday, 15 March 2019 10:58 AM

තව මාස හයයි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් "මහින්ද රාජපක්ෂ සමයේ සිදුකළ හොර මැරකම් වංචාදූෂණ සම්බන්ධයෙන් වගකිවයුතු සියළු දෙනාටම තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, හොරා කෑ ධනය රාජ සන්තක කර එයින් රට සංවර්ධනය කිරීමටත් පොරොන්දුවෙමින් එක අතකින් ත්‍රිපිටකයත් අනිත් අතින් එල්ලුම් ගහත් දරාගෙන අපට පාටක් පක්ෂයක් නෑ. අපි නිර්පාක්ෂිකයි. අපි සිතන්නේ ජනතාව ගැන පමණයි. අවුරුදු ගණනාවක අත්දැකීම් සහිත පරිණත දේශපාලන දැක්මක් අනුවයි අපි වැඩකරන්නේ... " කියමින් බලය ලබාගත්තාට පස්සේ කණපිට පෙරලි ඩීල් දේශපාලනයට අවතීර්ණ වෙමින් වර්තමානය වනවිට යහපාලනය අමතකකර එකිනෙකා ඇන කොටා ගන්නා තත්වයකට පත්ව ඉන්නා සියලුම දෙනාට සිද්ධ වෙන දේ....

:       35       339

Deepal Friday, 15 March 2019 11:04 AM

ඔය නඩු අහන්නේ නෑ..කල් යනවා විතරයි

:       0       184

dias Friday, 15 March 2019 11:15 AM

ඕව ඔහොමම ගිහින් නිට්ටාවටම නැති වෙලා යයි.

:       0       46

chathuri Friday, 15 March 2019 11:15 AM

මේ කට්ටියගේ නඩු කල් දමන්නේ බයටද? අවුරුදු ගානක් වෙනවා. දියුණුවෙන ලෝකේ අපේ රට විතරයි පල්වෙවී එක තැන ඉන්නේ. හැම නඩුවක්ම කල් දමනවා. මිනිසුන් වැරදි කරන ප්‍රමාණය වැඩි වෙනවා. නඩු ගොඩ ගැහෙනවා. මොවුන් මිය යනකම්ද ඉන්නේ? ඊටපසු රජයට අයිති මුදලක් ලබන්නේ කෙසේද? එහෙම නම් මොවුන්ගේ දේපල රජය යටතට අරගන්න නඩු අවසන් වෙනතුරු පරිහරණය කිරීම තහනම් විදියට....

:       0       122

ravi Friday, 15 March 2019 01:40 PM

මුළු " රාජපක්ෂ පවුලම " දිනපතාම වංචා, දූෂණ, හොරකම්වලට අධිකරණය ඉදිරියේ... මෙහෙම හොරු නේද තවසැරයක් අපේ රටේ බලය ලබාගන්න උත්සහ කරන්නේ..?

:       64       325

Hafeel Friday, 15 March 2019 01:51 PM

මොනයම් හේතුවකින් හරි කල්යනවා. අවුරුදු 4ක් වෙලත් එක් දූෂිතයන්ට හරි දඬුවම් දෙන්න බැරි ආණ්ඩුවක් හා අධිකරණ පද්ධතියක් තියෙන්නේ...

:       0       293

tikiri Friday, 15 March 2019 03:02 PM

මොනවා වුණත් යහපාලන හොරකම් කරනකොටම අහුවෙනවා. රාජපක්ෂලා හොරකම් කෙරුව කෙරුවා කියනවා විතරයි... තවමත් අල්ලගන්න බැරිව ගියා...

:       8       50

athuraSaturday, 16 March 2019 07:12 AM

ඒක ඇවිල්ලා හැකියාව.

:       0       16

Chanak Los angelesSaturday, 16 March 2019 04:54 PM

ලැබෙනකොට පොලිත් එක්කම ලැබෙයි ..

:       0       1

Chanak Los angeles Saturday, 16 March 2019 03:56 AM

බිරිඳ මල්වානේ මාලිගාව හදන්න ගෙපැල කපනවා ෆොටෝස් තිබෙනවා නමුත් උසාවියේදී කියනවා ඒ මාලිගාව මගේ නොවෙයි කියලා .. මුන්වගේ හොරනාතලා ලොවෙත් නැහැ ..

:       0       83

Rata Perata Saturday, 16 March 2019 08:46 AM

පුදුම අධිකරණයක් අපේ රටේ තියෙන්නේ....

:       0       24

Don Saturday, 16 March 2019 02:19 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලෝකෙන් උතුම් උසාවි ඇත්තේ ලංකාවෙයි...

:       0       12

Chanak Los angelesSaturday, 16 March 2019 10:16 PM

කොපමණ උතුම්ද කියතොත් රටේ නායකයාගේ පුතාට පමණක් දොරවල් වහගෙන නීති විභාගය ලියන්න පුළුවන් කම ලැබුනානේ .

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 350 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 724 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 856 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 630 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 174 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1799 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site