IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙනයන්න නීතිපතිවරයා හදනවා - ජනාධිපති නීතිඥ ද ලිවේරා

 (මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතීපතිවරයා කටයුතු කරන්නේ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැදුම්කර කොමිසම හමුවේ අද (26) පැවසීය.
 
නීතීපතිවරයා ගැලරියට කතා කරන බවට භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  පෙනී සිටින නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා මතු කළ කරුණට පිළිතුරු දෙමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එසේ පැවසීය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන්  සමන්විත  කොමසාරිස්වරුන්  හමුවේ සිදු කෙරිණි.

මහා බැංකුවේ සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විෙජ්වර්ධන මහතා ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් සිටියදී ඇය විසින් ප්‍රශ්ණයක් නැගූ අවස්ථාවේදී නැගී සිටි නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා නීතීපතිවරයා කිසිවෙකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකු නොවිය යුතු බවත් ඔහුට ජනතාව වෙන්වෙන් වගකීමක් ඇතැයිද කීය.

ඒ අවස්ථාවේදී නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතාට සිය ස්තූතිය පළ කළ ෙජ්්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය වැඩිදුරටත් විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විෙජ්වර්ධන මහතාගේ සාක්කි විමසීම සිදු කළ අතර දිනයේ කටයුතු අවසානයේ කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා නීතීපතිවරයා සම්බන්ධයෙන් මතු කළ කරුණ පිළිබඳ පිළිතුරක් දීමට අවශ්‍ය බව කීය.

ඒ අනුව කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නීතීපතිවරයා ගැලරියට කතා නොකරන බවත් නීතීපතිවරයාගේ උත්සහය වී ඇත්තේ බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑම බවත් පැවසීය.
නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙය කරුණු සෙවීම සඳහා පත් කළ කොමිසමක් බවත් මෙයට දඬුවම් දීමට බලයක් නොමැති බවත් පැවසීය.



අදහස් (7)

බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙනයන්න නීතිපතිවරයා හදනවා - ජනාධිපති නීතිඥ ද ලිවේරා

sisira Wednesday, 26 April 2017 08:28 PM

බැඳුම්කර මගදියේ පට්ට හොරුන්ට පෝරකයත් හොඳ වැඩියි.

:       0       77

Chanak Los Angeles Wednesday, 26 April 2017 08:53 PM

ජාතික දේපොළ හොරාකන අයට පෝරකයේ දඬුවමත් මටසිලුටු වැඩියි .

:       0       11

ratnamalala Thursday, 27 April 2017 12:02 AM

මේ හොරුන්ව එල්ලන්න කලින් ඒ අයගෙන් හොරකම් කරපු සම්පත් ජනතාවට ආපහු අරන්දීලම එල්ලුවොත් තම හොඳ.

:       0       47

sadun Thursday, 27 April 2017 03:53 AM

ජනතාව නම් කියන්නේ හැමෝම හොද රගපෑමක් කරලා වැරදීකාරයෝ නිදහස් වෙයි කියලයි.

:       2       41

Chanak Los Angeles Thursday, 27 April 2017 05:05 AM

වෙනත් රටකනම් ගල් වලින් තමයි දඬුවම

:       0       0

sunil wijesena Thursday, 27 April 2017 06:12 AM

අන්තිමට අපිට හිරේ යන්න වෙනවා හොරු නිදහස්

:       0       0

SIRI Thursday, 27 April 2017 07:06 AM

මෙහි අවසානය වන තෙක් සියල්ල අවිනිශ්චිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1789 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 906 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 722 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 614 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 554 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site