IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර නඩුවත් විශේෂ අධිකරණයේ

ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු
         
නඩු විභාග කඩිනම් කිරීමේ විශේෂ අධිකරණය පිහිටුවීමෙන් පසු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයද එහිදී විභාග කළ හැකි බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුවාය.

         
නව අධිකරණයක් පිහිටුවන්නේ වැරදිකරුවන්ට දඬුවම්දීමට මිස වෛරයෙන් ද්වේශයෙන් හෝ කිසිවෙකුගෙන් පළිගැනීමේ අරමුණින් නොවන බවද අමාත්‍යවරිය සඳහන් කළාය. 
         
පසුගිය රජය සරත් ෆොන්සේකා මහතා සිර ගත කළ ආකාරයට කිසිවෙකුටත් දඬුවම්දීමට වත්මන් රජය පියවර නොගන්නා බව ද ඇය කීවාය.
         
මෙම නව අධිකරණයට එරෙහිව ඇතැමුන් අධිකරණයට ගොස් ඇති බව කී අමාත්‍යවරිය අධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව ඉදිරි කටයුතු කරන බව ද කියා සිටියාය.
         
අමාත්‍යවරියට පෙර අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසුවේ නව අධිකරණය පිහිටුවීමෙන් පසු පළමු නඩු විභාගය ලෙස බැඳම්කර වංචාව පිළිබඳව විභාග කරන ලෙස තමා අධිකරණ අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බවයි.
         
එසේ කළහොත් නව අධිකරණය ගෙන එන්නේ දේශපාලන පළිගැනීම් සඳහා බවට එල්ල වන චෝදනාවද අහෝසි වී යනු ඇතැයි විජිත හේරත් මහතා කීවේය.



අදහස් (9)

බැඳුම්කර නඩුවත් විශේෂ අධිකරණයේ

Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 03:12 PM

සත්‍ය වශයෙන්ම විශේෂ අධිකරණ ක්‍රමය ඉතාමත්ම වැදගත්. මෙයට විරුද්ධ වෙන්නේ වැරදි කරපු අය බව ඉතාමත්ම පැහැදිලියි.

:       2       21

Ajith Nissanka Tuesday, 20 March 2018 03:24 PM

බැදුම් කර වංචාව ඇතුළු සියලුම බරපතල නඩු ඉක්මනින්ම ඉවර කර ගැනීමට ගෙනෙන විශේෂ අධිකරණය ඉක්මනින්ම ස්ථාපිත කල යුතුයී. පුලුවන්නම් අල්ලපල්ලා කියන අයත් තමන්ට එරෙහිව තියන චෝදනා විබාග කර නිදොස් කර ගත්තොත් 2020 මැතිවරණයට පිරිසිදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැතුව නීතියේ හිල් වලින් පැනල යන්න ඉඩ දෙන්න එපා!

:       0       12

sirimal Tuesday, 20 March 2018 04:24 PM

මොනවද ඔට්ටු ? අනෙත් ඒවා කොහොම වෙතත් ඔය උසාවිය පටන් ගත්ත ගමන් බැඳුම්කරේ තමා මුලින්ම විභාගයට ගන්නේ. අනිත් ඒවාට වගේ බැඳුම් කරය විශේෂ අධිකරණයක විභාගයට ගන්න එක නීතියට පටහැනියි කියලනම් කවුරුවත් උසාවි යන එකක් නැහැ. අනිත් අතට විශේෂ උසාවි පිහිටුවන කට්ටියටත් ඕනෑ බැඳුම්කර නාඩගම පෙන්වලා ලකුණු වැඩිකර ගන්නනේ. අවසානයේදී ලෙඩා මැරෙයි. හැබැයි බඩ හොඳට සුද්ධවෙලා තියෙයි.

:       1       22

Chandima Tuesday, 20 March 2018 06:02 PM

මෙන්න මේකනේ තලතා නෝනේ පුරස්නේ. ඔය දැන් තියෙන අධිකරණ පිහිටුවල තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්නේද? ඒත් ඔයා ඔය හදන්න හදන උසාවි පාර්ලිමේන්තු පනතකින් හදන එකක් නේද? අන්තිමේදී පෙරුම් පුරාගෙන කල් අරගෙන නඩු කියල තීන්දු දුන්නට ඕවයේ නිත්‍යානුකුල බව අන්තිමට ශ්‍රේෂ්ටධිකරණයේ අභියෝගෙට ලක් උනහම නඩුත් ඉවරයි තින්දුත් අහෝසියි නේද? හොරු ගොඩ නේද?

:       0       21

Wijebahu Tuesday, 20 March 2018 09:16 PM

මහින්ද කල්ලියට මේ පිළිබඳව විරුද්ධ වීමට කොහෙත්ම අයිතියක් නැත.

:       1       1

Gihan Wednesday, 21 March 2018 02:14 AM

හරිම මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න බව අපි දන්නව. ඒකනේ අර්ජුන් සල්ලිත් අරන් රට පනිනකන් බලන් හිටියේ. දැන් ඉන්න තැන දන්නේත් නෑ ලු නේ. ඉන්න තැන දන්නෙත් නැතුව අධිකරන පිහි‍ටුවන්නේ කාට දඬුවම් කරන්නද?

:       1       28

ගාමිණී Wednesday, 21 March 2018 03:58 AM

අපරාධ නඩු ඇසීම කඩිනම් කරන්න ආන්ඩුවට උවමනාවක් නැත්තේ ඒකෙන් දේශපාලන දඩයම් කරන්න බැරිනිසාද? අපරාධ නිසා අගතියටපත් පාර්ශව වසර ගනන් මැරි මැරී උපදිනවා යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම නිසා. මේවා මහ පවුකාර වැඩ. වෙන මොනවා කියන්නද?

:       0       10

Chandima Wednesday, 21 March 2018 06:35 AM

මේ උසාවි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් ඒවා නොවන නිසා අවුරුදු ගණන් නඩු අසා තීන්දු දුන්නත් චුදිතයෝ අන්තිමට කරන්නේ ඒ උසාවි වල නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ටධිකරන්යේ දි අභියෝග කර ගැලවී යන එකයි. ඕකට තමයි මේ අය මේ පාර හදන්නේ.

:       0       0

ajithWednesday, 21 March 2018 10:58 AM

මේ උසාවි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද කියලා බලන එක තමා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 581 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 333 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 472 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 308 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1604 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 791 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site