(විනීතා එම් ගමගේ)
බැඳුම්කර වංචාව ගැන පරික්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කීරීම සම්බන්ධයෙන් කවර හෝ තැනැත්තෙක් විවේචනය කරන්නේ නම් හෝ දොස් කියන්නේ නම් ඔහු හෝ ඇය මෙම වංචාව හෙළි කිරීමට විරුද්ධ අයකු බව පැහැදිලි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මොන ආණ්ඩුවකින් කළත් වංචා දූෂණ කළ අයට දඬුවම් දිය යුතුම යැයි ද හෙතෙම කියයි.
මෙසේ ජනතා ඡන්දයෙන් ආ මහජන නියෝජිතයින් සිදු කරන වංචා හෙළි කිරීම නිසා අනාගතයේ පත්වෙන මහජන නියෝජිතයින් මෙවැනි අකටයුතුකම් නොකර ඉඳිනු ඇතැයි ද අමරවීර මහතා කීය.
අමරවීර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බැඳුම්කර කොමිසමට බනින්නේ වංචාව හෙළි කරනවාට විරුද්ධ අය - අමරවීර
sena Thursday, 23 November 2017 11:33 AM
අපිට තියෙන ප්‍රස්නේ බැදුම්කර කොමිසම නෙවෙයි හොයනවා කියා බලයට ආපු හොරකම් ගැන නොහොයා බැදුම්කර සිද්දිය නිකම්ම නිකම් දේශපාලන මඩ ව්‍යාපාරයක් කරගත්ත එකට.
Bamunuarachchi Thursday, 23 November 2017 02:09 PM
"අපිට තියෙන ප්‍රශ්නේ බැදුම්කර කොමිසම නෙවෙයි හොයනවා කියා බලයට ආපු හොරකම් ගැන නොහොයා බැදුම්කර සිද්ධිය නිකම්ම නිකම් දේශපාලන මඩ ව්‍යාපාරයක් කරගත්ත එකට." ඔබ ලංකාවේ පුරවැසියෙක්ද නැතිනම් ඉතියෝපියාවෙන්ද?
himal Friday, 24 November 2017 03:47 AM
එහෙම කියන්න බෑ. ලංකාවේ මිනිස්සු පොලීසියේ සමහර වැඩ විවේචනය කරනවා. ඒ හැමෝම හොරුද? ඒ වගේම පුළුවන් නම් ඇමතිතුමෝ කොන්ද පණ ඇතිව කියන්න එෆ්සීඅයිඩී එක විවේචනය කරන්නේ, ඒක අහෝසි කරන්න කතා කරන්නේ ඊටත් අන්ත කම්බ හොරු කියලා.