ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී
බැඳුම්කරය සහ බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල පරිවර්තන පිටපත් ලැබෙනතුරු ලබන 23 සිකුරාදා පැවැත්වීමට තිබූ ඒ පිළිබඳ විවාදය මාසයකට පමණ කල් දැමීමට සිදුවන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
අදාළ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී විමල් විරවංශ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා ඒ බව පැවැසීය.
විමල් වීරවංශ මහතා
බැඳුම්කර කොමිසමේ වාර්තාව භාෂා තුනෙන්ම නැති නිසා . ඒ වාර්තා වනතුරු බැඳුම්කර විවාදය කල් දැම්මා. ඒ විවාදය නැවත පැවැත්වෙනවද
කතානායක කරු ජයසූරිය මහතා
භාෂා පරිවර්තනය සඳහා මාසයක් පමණ යනවා කියලා , ඊයේ මට ජනාධිපති කාර්යාලයෙන් ලිපියක් ලැබුණා . එහි පිටු දහස් ගණනක් තිබෙනවා ඒක දැන් රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ හිරවෙලා තියෙන්නේ , නැත්නම් අපි ඒ විවාදය මේ සිකුරාදා කරන්න නියම කර ගෙන තාමත් ඉන්නේ ඒ අයගේ ප්‍රමාදය නිසා ඒක කල් දාන්න සිදුවෙයි. බරලතළ වංචා විමර්ශන වාර්තාව තියෙන්නේ සිංහලෙන් පමණයි ඉංග්‍රීසියෙන් තිබුණානම් ඒක ගන්න පක්ෂ නායකයෝ තීරණය කර ගෙන හිටියේ . මේක මගේ පමණක් තීරණයක් නොවෙයි.
විමල් වීරවංශ මහතා
භාෂා ත්‍රීත්වයම තිබුණනම් වඩා වටින බව පිළිගන්නවා මේ වාර්තා දෙකෙන් එකයි සිංහලෙන් එවලා තියෙන්නේ ග බැඳුම්කර වාර්තාවේ ඉංග්‍රීසි පිටපත් දිලා තියෙනවා . ඒ නිසා සිංහලෙන් පමණක් දීපු ඒත් ඉංග්‍රීසියෙන් තියෙන බැඳුම්කර කොමිසමේ වාර්තාව විවාදයට ගන්න පුලුවන් නේද
කතානායක
දෙකම එකට ගන්න පක්ෂ නායක රැස්වීමේදි තිරණය කළේ . අපි නැවත රැස්වුණාම මගේ අදහස මම ඉදිරිපත් කරන්නම්
විමල් වීරවංශ මහතා
ඕන පොඩි ළමයකුට වුණත් තේරෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන වාර්තාව විවාදයට ගන්න පුලුවන්ද කියලා.
වාසුදේව නානායක්කාර මහතා
කතානායකතුමා රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව මත යැපිලා මේක පරිවර්තනය කර ගන්න යනවානම් ඒ සඳහා බොහෝ දීර්ඝ කාලයක් ගත වෙයි , ඒකේ ධාරිතාවය මම දන්න නිසා කියන්නේ , මේ සඳහා වෙනත් පරිවර්තකයෙක් සොයා ගැනීම වඩාත් සුදුසුයි .
බැඳුම්කර වාර්තාව විවාදයට ගැනීම වැළැක්වෙන ආකාරයට පරිවර්තන ගැටලුවක් මෙහෙම ආරම්භ කිරීම ඉතාම අසාධාරණයි.
විශේෂයෙන්ම අගමැති තුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් තියෙන වෙලාව
කතානායක
මාසයක් ඇතුළත දෙන්න සලස්වනවා කියලා ජනාධිපති ලේකම් වරයා දන්වා තිබෙනවා අපි බලමු.
විමල් වීරවංශ මහතා
මේ වාර්තා දෙකම විවාද කිරීමට ඉතාම ඉක්මනින් අත්‍යාවශ්‍යයි . තමන් කරපු හොරකම් තියෙන වාර්තා පස්සේ කතා කරන්නයි , වෙන අය කරපු හොරකම් ගැන වාර්තාව අද කතාකරන්නයි කීම සාධාරණ නැහැ දෙකම දැන්ම කතා කරන්න ඕන.
ඒ නිසා කතානායකතුමා රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවටම යවන්නේ නැතුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හරි යොදවලා ඒක කරන්න.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බැඳුම්කර - බරපතල වංචා දුෂණ විවාදය මාසයකින් කල්යයි