IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බැදුම්කර සිද්ධිය ගැන සොයන්න පත් කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පියවර රැසක්

(රංජන් කස්තුරි)

ආන්දෝලනාත්මක බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව මුදල් නීති පනතට සහ සුරැකුම් අාඥා පනතට මේ වන විට සංශෝධන සකස්කරමින් තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

භාණ්ඩාගාර බැදුම්කර සඳහා නව  වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දී තිබෙන අතර භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරයි.

මීට අමතරව බැදුම්කර වෙන්දේසි  දින දර්ශනය කල්තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නොගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමක් සිදුකර ඇතැයිද එම බැංකුව සඳහන් කරයි.

තවද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පියවරක් ලෙස සේවක අර්ථ සාධක අරමුදලේ කළමනාකරණ කාර්යය හා සම්බන්ධ අභ්‍යන්තර  පාලන ක්‍රමවේද වැඩි දියුණු කර අවධානම් අවමකිරීම සහ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශ වඩාත් ශක්තිමත් කිරීමට සහ  සම්පත් වැඩිකිරීමට පියවර ගෙන ඇති අතර තවත් ආරක්ෂක පියවර රැසක් ගෙන තිබෙන බවද මහ බැංකුව සඳහන් කරයි.

මීට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස ලබාගත් ලාභ නැවත අයකර ගැනීම සඳහා සිවිල් නඩු පවරා තිබෙන අතර මහ බැංකුවේ පැමිණිල්ලක් මත් නීති අංශ නීතිමය ක්‍රියාදාමයක් ආරම්භ කර තිබේ.

 



අදහස් (7)

බැදුම්කර සිද්ධිය ගැන සොයන්න පත් කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පියවර රැසක්

සතයපාල Monday, 15 October 2018 04:00 PM

එතකොට ඔක්කොම හරිද ? මේකට සම්බන්ධ මහා බැංකුවෙයි අනිත් රාජය බැංකුවලයි ඉන්න නිළධාරින්ට නඩු පවරන්නේ නැතෙයි !

:       0       61

කමල්Monday, 15 October 2018 06:03 PM

මම හිතන්නේ එක කරන්න ඕන පොලිසිය.ඒකට අදාල පැමිණිල්ලක් මීට කාලෙකට කලින් පොලිසියේ දැම්ම වගේ මතකයි. එකයි මේගොල්ලො සිවිල් නඩු ගැන විතරක් කතා කරන්නේ. ඕක හරියටම ඇද්දොත් පරණ ලොක්කන්ගෙ සෙල්ලම් බලා ගන්නත් පුළුවන්.

:       1       1

SLMonday, 15 October 2018 06:03 PM

මහා බැංකුවෙයි අනිත් රාජ්‍ය බැංකුවලයි ඉන්න නිළධාරින් කලේ තමන්ට ඉහලින් ආපු නියෝග පිලිපැදපු එක. ඉස්සෙල්ලා මේකේ මහ මොළකාරයාට නඩු දාන්න.

:       101       4

පිටිගල මිලානෝ Monday, 15 October 2018 05:20 PM

ඉක්මනින්ම දඬුවම් දෙන්න.

:       0       0

Samathasena A . Aluthgamage. Tuesday, 16 October 2018 02:49 AM

බැඳුම්කර සිද්ධියට අනිවාර්යයෙන්ම නිසි පියවර ගත යුතුයි.ඒත් එයට විතරද කොමිසම් අවශ්‍ය නිල්පාට හා සම්බන්ධ කප්පරක් වැරදි, වංචා හා දුෂණ වලට කොමිසම් තියා වචනයක් හෝ විරුද්ධව කියන්නේ නැහැ. හොරකම නම් කව්රු කරත් හොරකම... ඒත් මේ රටේ කොමිසම් දාන්නේ, වැරදි හොයන්නේ තමන් අකමැති අයට විතරයි.

:       0       103

saliya Tuesday, 16 October 2018 03:14 AM

මෑත දී සියලුම බැඳුම් කර වලදී සිදුවී ඇති අකටයුතු කම් වාර්තා ගත විය යුතුය . විවිධ පුද්ගලයින් ගණන් හිලවු අවශ්‍ය පරිදි අඩු වැඩි කර කීම ද අකටයුත්තකි.

:       0       0

Sinhalaya Tuesday, 16 October 2018 05:58 AM

වැඩේ ගොඩින් ෂේප් නේද.?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 163 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 66 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 130 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 77 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 533 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 898 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 195 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site