IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බැතිමතුන් තිදෙනාගේ මරණ පිළිබඳ තානාපති මට්ටමේ පරීක්ෂණ

( තිළිණි ද සිල්වා )
දඹදිව වන්දනාවේ නිරතව සිටියදී ලාංකික බැතිමතුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් තානාපති කාර්යාල මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලය හරහා ඒ පිළිබදව තොරතුරු ලබාගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දඹදිව වන්දනා කිරීමේ අරමුණ ඇතිව, පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ වන්දනා නඩයක සිටි තිදෙනා මියගොස් ඇත්තේ අධික සීතල හේතුවෙන් බවට තොරතුරු ලැබුණද එය නිශ්චිතව ඔවුන්ගේ මරණයට හේතුවද යන්න ගැන දැන ගැනීම සඳහා  නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා කරුණු ලබා ගැනීමට අපේක්ෂා කරන බවද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය. 
මියගොස් ඇත්තේ  මීට සති දෙකකට පෙර දඹදිව වන්දනාවේ ගිය එකම කණ්ඩායමක තිදෙනකු බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනකු ද වන බවත් කියති.  මියගිය ශ්‍රීලාංකිකයින් තිදෙනා ඇතුළු මෙම ලාංකික වන්දනා නඩය කෑගල්ල ප්‍රදේශයේ වන්දනා චාරිකා ආයතනයක් මාර්ගයෙන්  ඉකුත් 13 වැනිදා  ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
කුරුණෑගල - දඹරගොල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 20 වනදා ජීවිතක්ෂයට පත්වූවාය. එම වන්දනා නඩයේම සිටි කුරුණෑගල ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් පසුගිය 22 වැනිදා මියගොස් ඇති අතර එදිනම මාතර - වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.



අදහස් (1)

බැතිමතුන් තිදෙනාගේ මරණ පිළිබඳ තානාපති මට්ටමේ පරීක්ෂණ

jagath Sunday, 26 March 2017 03:45 PM

ඉන්දියාවට යාමට සුදුසු කාලය ගැන වන්දනාකරුවන්ට දැන්වීම රජයේ වගකීමක්. හදවත් ආබාධ සහිත පුද්ගලයන්ට අධික ශීතල ඔරොත්තු දෙන්නේ නැහැ .වන්දනාකරුවන් ගෙනයන ආයතන මේවා ගැන වන්දනාකරුවන්ව නිසි පරිදි දැනුවත් කරන්නේ නැහැ.. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ වාසිය ගැන විතරයි.

:       27       51

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 58 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1337 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 391 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 830 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 123 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 84 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site