IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බාලිකා විදුහලට පැන්න සිසුවාට ඇප

(නිමන්ති රණසිංහ)

කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයට ඇතුළු වී තිදෙනකුට පහර දී පාසලේ දේපලවලට හානි කළැයි රිමාන්ඩ් කර මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කොළඹ ජනප්‍රිය පාසලක 12 වැනි වසරේ ශිෂ්‍යයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය.

ක්‍රීඩාව ඇත්තේ පහත් අවශ්‍යතාවන් සන්තර්පනය කිරීමට නොව, විනයගරුක මෙන්ම ශික්ෂණයකින් හෙබි පුරවැසියකු බිහිකිරීමට බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. තම දරුවා කරන්නේ කුමක්දැයි දෙමාපියන් සොයා බැලිය යුතු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා දෙමාපියන්ට තරයේ අවවාද කළේය.



අදහස් (5)

බාලිකා විදුහලට පැන්න සිසුවාට ඇප

aravinda Friday, 24 March 2017 11:30 AM

අද පාසල් විනය බින්දුවට බැස තිබෙන්නේ සිසු විනය උල්ලංගනය කරනවුන්ට නිසි දඬුවම් නොදීමයි. මෙවැනි විනය උල්ලංගනය කරනවුන්ගේ පසු පස ප්‍රදේශයට කෝටු පහර දෙකක් දීමෙන් මේ දේවල් දුර දිග නොයා නවත්වා ගත හැකියි.

:       27       159

palitha Friday, 24 March 2017 11:34 AM

මේ අයට ඔහොම කරල හරියන්නේ නැහැ. දැන්මම මතක හිටින දඬුවමක් දෙන්න ඕන.

:       6       115

rocky Friday, 24 March 2017 02:25 PM

මොකක්ද මේ අශිෂ්ට නහරකාරයාගේ විදුහල? ඇයි ඒකේ නම දාලා නැත්තේ? මොහු විදුහලෙන් වහාම අස් කල යුතුයි.!

:       6       32

chandra weerasinghe Saturday, 25 March 2017 12:54 AM

කොලුකමට කරන දේවල් ගණන් ගන්න එපා!! ඒත් සීමාව ඉක්මවා කරන්න ගියොත් වැඩේ ජෝන් බාස්ට ගිහින් අධ්‍යාපනයත් අඩාල වේවි!! මුල්ගුරු

:       5       0

menna Sunday, 26 March 2017 04:09 AM

දඬුවම් දීල නතර කරන්න පුළුවන් දේවල් නෙවේ ඕව. ලංකාවේ ක්‍රමය හින්ද ඇතිවෙලා තියෙන අසහනයයි ඔය එලියට එන්නේ. කොහේ ගියත් තරඟය. පාසලෙත් තරඟය. දේශපාලනය කරලා ජනතාවට හොරෙන් තමාගේ සහ තමාගේ පවුලේ මඩිය තර කරගැනීම. මනුෂ්‍යයෝ හැටියට ජිවත් වෙන ක්‍රමයක් උගන්වන්නේ නැහැ. එක එක රටවල් වලින් ඇවිල්ල ඇඟිලි ගහනව. වරායවල් වල පාලනය 99 අවුරුද්දකට දෙනවා. පාසල් ළමයින්ගේ මනසට වැටෙන්නෙත් ඔය වගේ දේවල් තමයි. තවත් එකෙක්ගේ තැනකට හොරෙන් පැනල හරි විකාරයක් කරන්න. ලොකු තැන් පිරිසිදු කරන්නේ නැතිව කොහොමද පොඩි තැන් පිරිසිදු කරන්නේ. මෙන්න ලංකාවේ අනාගතය. අදට වඩා පිරිහුණු ලංකාවක් තම ඉදිරියටත් එන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 940 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 184 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1091 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1131 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1408 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1251 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site