IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යයේ මුස්ලිම් පල්ලියකට වෑන්රියක් කඩාවැදීමෙන් අයෙක් මරුට

(ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පල්ලියක සිටි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (19) අළුයම එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 
 
මෙම ක්‍රියාව ඉස්ලාම් ආගම කෙරෙහි බියක් තිබෙන බව පෙන්වීමට කරන ලද උත්සහයක් යැයි බ්‍රිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය සඳහන් කළේය.
 
ලන්ඩන් නුවර ෆින්ස්බරි පාක් මුස්ලිම් පල්ලියේ සිට නැවත යන පිරිසක් වෙතට වෑන් රථය ධාවනය කර තිබෙන අතර මෙය බ්‍රිතාන්‍යයේ තිබෙන විශාලතම පල්ලිව ලින් එකක් යැයි බ්‍රිතාන්‍යය මුස්ලිම් කවුන්සිලය නිවේදනය කළේය. මුස්ලිම්වරුන්ගේ රාමදාන් මාසය තුළ මෙම ප්‍රහාරය එල්ල වූ අතර රාත්‍රී යාච්ඤා සඳහා පැමිණ යමින් සිටි පිරිසක් වෙත වෑන් රථය කඩා වැදී තිබේ. 
 
පොලිසිය මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළාය. සිදුවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා විය. 
 
මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු බව පැවසේ. තවත් කිහිපදෙනකු පොලිස් භාරයේ සිටින බව ද වාර්තා විය. දෙදෙනකුට සිදුවීම වූ ස්ථානයේදීම ප්‍රතිකාර කළ බවත් තවත් අට දෙනකු රෝහල වෙත රැගෙන ගිය බවත් ලන්ඩන් ගිලන් රථ සේවය වාර්තා කළේය. 
 
“මේ සිදුවීම ඇසීමෙන් මම මහත් පුදුමයටත් කනගාටුවටත් පත්වුණා” යැයි විපක්ෂ නායක සහ කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් පැවැසීය. 
 
055



අදහස් (1)

බ්‍රිතාන්‍යයේ මුස්ලිම් පල්ලියකට වෑන්රියක් කඩාවැදීමෙන් අයෙක් මරුට

tarzan Monday, 19 June 2017 08:34 AM

දැන් බලමු මේක ත්‍රස්තවාදී වැඩක් වෙනවද කියලා? මේකට සමස්ත ජාතියටම වගකීම දෙනවද කියලා?

:       5       119

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 217 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 293 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 80 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 994 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 266 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 308 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site