IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බ්‍රිතාන්‍යයෙත් දේශපාලන අර්බුද - ජනපති


 
ශ්‍රී ලංකාවේ පමණක් නොව බ්‍රිතාන්‍යයේ ද දේශපාලන අර්බුද තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 
 
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කීය.
 
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සිටින රාජ්‍ය නායකයන් හමුවීමට නියමිතව සිටි බවත් එරට තිබෙන දේශපාලන වාතාවරණය නිසා එම හමුව අවලංගු කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීවේය. 
 
“දේශපාලන අර්බුද තිබෙන්නේ අපේ රටේ පමණක් බව ඇතැම් අය සිතනවා. බ්‍රිතාන්‍යයේත් දේශපාලන අර්බුද තිබෙනවා. බ්‍රිතාන්‍යය අගමැතිනිය අඟහරුවාදා දිනයේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගී වි සිටින රාජ්‍ය නායකයන් හමු වීමට නියමිතව තිබුණා. එහෙත් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ උද්ගත වී තිබෙන තත්ත්වය නිසා අගමැතිනි තෙරේසා මේ එම හමුව අවලංගු කළා. 
 
ජපානයේදීත් අපි එවන්නැක් දුටුවා. මමත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාත් පසුගිය දිනක ජපානයේ සංචාරය කළා. එහිදි ජපාන අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලමින් අගමැතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට 2,000කට ආසන්න පිරිසක් විරෝධතාවක නිරත වුණා. 
 
ශ්‍රී ලංකාවෙන් පිරිසක් ජපානයට ඇවිත් කියලා මට මොහොතකට සිතුනා. අපි අගමැතිවරයා සමඟ සාකච්ඡාව අවසන් වෙලා එළියට එද්දි විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව 5,000ක් දක්වා වැඩි වී තිබුණා. අද වන විට මේ ආකාරයේ දේශපාලන සහ ආර්ථික අර්බුද, ගැටුම් හා විරෝධතා බොහෝ රටවල සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. 
 
ශ්‍රී ලංකාවේ තිරසරත්වය තහවුරු උදෙසා ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු සාර්ථකව අවසන් වෙමින් තිබෙනවා. ඒ වගේම අපේ ජාත්‍යන්තර සබඳතා ද පසුගිය කාලයේදී ශක්තිමත් වී තිබෙනවා. 
 
“ජනාධිපති නිසා නෙමෙයි මෙම මේ දේ කියන්නේ. අපි හැමෝගෙම හදවත් දිනාගන්න පුළුවන්. අපට සමබර සහ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්න පුළුවන්. අපිට අපේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගන්න පුළුවන්. අද හැමෝම අපිට උදව් කරනවා වගේම හොඳින් සලකනවා. අපි රට දෙස ධනාත්මක දෙසින් බැලිය යුතු” යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කීය. 
 
ඩේලිමිරර් 055



අදහස් (4)

බ්‍රිතාන්‍යයෙත් දේශපාලන අර්බුද - ජනපති

Raveendra Friday, 20 April 2018 03:09 AM

ඔව් සුද්දෝ දේශපාලන අර්බුදයක ඉන්න නිසා අපිත් හැමදාම එවලේ හිටියට කමක් නැහැ. "මගේ රෝස්පාන් මොලේ නිකං අසුචි මොලයක් වග "පරිවර්තනය වෙලා වගේ... සුද්දෝ තමන්ගෙන් අඩුපාඩුවක් වුනාම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. එතකොට අපේ ඉන්න " මූසල අම්බරුවන් 225 ගෙන්" මොන නියෝජිතයාද එසේ තනතුරෙන් "ඉල්ලා අස්වුනේ? අඩු තරමින් මහජන බදුමුදල් වලින් පිනට කන බත්පතටවත් වැඩක් කරන්න.

:       0       0

dasun Friday, 20 April 2018 05:36 AM

"බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සිටින රාජ්‍ය නායකයන් හමුවීමට නියමිතව සිටි බවත් එරට තිබෙන දේශපාලන වාතාවරණය නිසා එම හමුව අවලංගු කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීවේය". ඒ වුනාට වෙන රටවල නායකයන් හමුවුණු බවට එංගලන්තයේ සහ අනික් රටවල පුවත්පත් කියනවා. ලංකාවේ වගේ පරිප්පුවක් ඒ රටවල නැහැ. ඒ නිසා තෙරේසා මේ බයවෙන්න ඇති ලංකාවේ නායකයා එක්ක කතා කරන්න.

:       0       15

Hafeel Friday, 20 April 2018 07:51 AM

ජනාධිපතිතුමනි එහෙම කියල ඇඟ බෙරගන්නද හදන්නේ? ඒ රටේ වංචා, දුෂණ එහම තියනවද? ඒ රටේ මහා බැංකු පරිස්සමින් තියනවද බව බලාගන එන්න.

:       0       0

Raman Friday, 20 April 2018 01:00 PM

මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනියේ ප්‍රවෘත්ති පෙන්නුවා. තෙරේසා මේ ඕස්ට්‍රේලියා සහ අගමැතිවරුන් සමග සාකච්ඡා පවත්වනවා. ඇයි මේ බොරු කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 149 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1396 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 204 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 413 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site