IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර පෞද්ගලික බස්වලට නීති දැඩි වෙයි

(ශාන්ත කුලරත්න)

බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රයත් නිකුත් කිරීම හා මගියාට හිමි ඉතුරු මුදල් ලබා දීම අනිවාර්ය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි.

එසේ නොකරන බස් රථ වෙතොත් ඔවුන්ට එරෙහිව විනයානූකූලව හා නීත්‍යානූකූලව පියවර ගෙන අදාළ බස් රථවල මාර්ග බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියයි.

ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා බත්තරමුල්ල ‘රන්මඟපාය‘ ප්‍රධාන කාර්යාලය හෝ බැස්ටියන් මාවත ,බොරුල්ල,හෝමාගම බස්නැවතුම්පොළවල පිහිටි කාර්යාලවලට දැනුම් දෙන ලෙස ඒ මහතා ප්‍රකාශ කරයි.

ඊට අමතරව කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයට හෝ රත්මලාන,ගම්පහ සහ මිරිස්වත්ත හන්දියේ පිහිටි කාර්යාලවලට ද දැනුම් දිය හැක.

එසේත් නොමැතිනම් 011 5 559 595 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරීමට හැකි බවද ඒ මහතා පවසයි.



අදහස් (16)

බස්නාහිර පෞද්ගලික බස්වලට නීති දැඩි වෙයි

nipuna seneviratne Thursday, 20 July 2017 03:24 PM

මේ සියලුම කතා අපි හැමදාම අහල තියෙනවා. එත් කවදාවත්ම ක්‍රියාත්මක වෙලා නැහැ. නිකන් බොරු බයිලා ගහනවා විතරයි. දැන් කෝ නිල ඇඳුම් ? දැන් කෝ රේඩියෝ හරි සද්දේ අඩුකලාද? රුපියලක් වැඩි කරගත්ත කියල මහජනයාට සතයක වැඩිපුර සේවයක් වෙනවද?

:       18       266

himalFriday, 21 July 2017 03:59 AM

විෂමාචාර ගැන මඟීන් පැමිණිලි කරන්නෙ නැත්නම් වැඩක් නෑනේ. අනික ඔය රේඩියෝ සහ හෝන් වල ශබ්දය පරීක්ෂා කරන්න නම් ධාවනය වන අතරතුර පරීක්ෂා කරන්න ඕන. ඒත් ඒවට මගීන්ම විරුද්ධ වෙච්ච අවස්ථා පහුගිය කාලේ වුනා.

:       0       1

ඩී. ජයදේව Thursday, 20 July 2017 05:40 PM

විහිළු

:       48       224

නුමා Thursday, 20 July 2017 09:59 PM

විධිමත් ආරක්ෂිත ධාවනය, සංගීත/රේඩියෝ තහනම වගේ දෙයක් නම් හිතාගන්න පුළුවන්. අපැහැදිලි "ඉතිරි මුදල් ලබාදීම අනිවාර්යය කිරීම" කියන එකයි. මෙපමණ කාලයක් අනිවාර්යය දෙයක් නොවෙයිද? බස්නාහිර පළාතෙන් පිට ඉතිරි මුදල් ලබාදීම අනිවාර්යය දෙයක් නොවේද?

:       0       0

හේමපාල ලියනගේ Thursday, 20 July 2017 11:08 PM

පුද්ගලික බස් පාලනයකරන්නේ ඒවායෙ කොන්දොස්තර හා රියැදුරායි.ඒඅයට අමාත්‍යාංශයත් බස්හිමියොත් බයයි.

:       0       0

mahesh denipitiya Friday, 21 July 2017 12:18 AM

ලගදීම ගාස්තු වැඩිකරන්න හදන්නෙ එකඊ ඔය කතා. බස් ගැමුණුගේ මොලේ.

:       0       0

ratnamalala Friday, 21 July 2017 12:27 AM

මේවා අමු විහිළු. උසාවි නියෝගයක් තියෙනවා අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවන. සියලුම මගීන්ට ටිකට් දෙන්න, නිල ඇදුමක් අදින්න. මේවා මොනවත් කරන්නේ නැහැ. දැන් කියනවා පැමිණිලි කරන්නලු. පානදුර පිටකොටුව බස් එකකට ගොඩවෙලා බැලුවනම් කෙරුවාව බලාගන්න පුළුවන්.

:       0       8

rocky Friday, 21 July 2017 12:56 AM

ඔවුන්ගේ බස්වල කසිකබල් සින්දු වාදන කරච්චලය තහනම් කරන්න! ඒවා අහන්න හැකි සින්දු නොවෙයි.

:       0       120

ගයාන් Friday, 21 July 2017 01:57 AM

ඔය කන පෙළෙන්න සිංදු දාලා යන බස් වලට නම් නීතිය කරන්න ඕනි. 99 වාගේ දුර ගමන් යන බස් වල පැය 8-9 යනකොට කන් දෙකට හරිම අමාරුයි .කිව්වා කියලා සද්දෙ අඩු කරන්නෙත් නෑ එයාල

:       0       12

ජනක Friday, 21 July 2017 02:34 AM

දැන් රුපියල් 4 ඉතුරු දෙන්න තිබ්බත් හිමිහිට මග අරිනව. මෙවට දෑඩි ක්‍රියා මාර්ග ගන්න වෙනව.

:       0       7

sachith Friday, 21 July 2017 03:23 AM

තියෙන නීති ටිකවත් ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ අලුත් ඒවා දැම්ම කියල වෙනසක් වෙන්නේ නැනේ. මම දැන් පුළුවන් හැම වෙලාවේම දුම්රිය පාවිච්චි කරන්නේ. පෞද්ගලික බස් නැතුව හැම වෙලාවේම ලංගම බස් වල යන්නේ.

:       0       292

Nalin Friday, 21 July 2017 03:54 AM

බස් වල රුපියල් දාස් ගණන් දීල රේඩියෝ ඩී වී ඩී tv හයි කරනවා. ඒත් හරියට බෙල් එකක් හයි කරලා තියෙන්නේ කීයකද? උස නැති අය වයසක අය කොච්චර අමාරුවෙන්ද බෙල් එක හොයල ගහන්නේ. හරියට මැදින් හයි කරලා තියෙනවනම් කොච්චර සෙනග හිටියත් කාටත් කරදරයක් නැතුව ගහන්න පුළුවන්. මේ ගැනත් අවදානය යොමුකරන්න. Electric බෙල් එක නැතුව ඉන්දියාවෙන්ම හයි කරලම ගෙන්වන්න

:       0       1

දිලුම් Friday, 21 July 2017 03:56 AM

බස්වල කැසට් නම් පුදුම කරුමයක් තමයි. හදිසියකට කෝල් එකක් ගන්න බෑ ඇහෙන්නේ නෑ. අපි ඔක්කොම වැඩ අත්හැර බස් එකෙන් බහිනකම් එක එකාගෙ ඇඩියාව අහගෙන යන්න ඕන. දවසෙම මැරිල මැරිල ගෙදර යන මිනිස්සුන්ට ඒක තවත් පීඩනයක්. අහන්න පුළුවන් අමරදේව මහත්මයාගෙ වගේ සින්දු නම් තව කමක් නෑ. පපුව දෙදරනවා ඒ සින්දුවල ඩ්‍රම් සද්දෙට. හරිම හිරිහැරයක්. ඒ සම්බන්ධව මොකක් හරි විසදුමක් දෙන්න පුළුවන් නම් ලොකු සේවයක්.

:       0       134

Abdul Friday, 21 July 2017 06:28 AM

මුලින්ම පැරණි නීති හරියට ක්‍රියාත්මක කරන්න.

:       0       0

sanju Friday, 21 July 2017 08:29 AM

මගී ප්‍රවාහන අංශයට සම්බන්ධ රජයේ හෝ පුද්ගලික අංශයේ බස් වල යන මගියෙක් විදිහට බස් වල ඇති අධික ශබ්ද විකාශන ගැන කතාකළ යුතුමයි.

:       0       0

LANKA Monday, 24 July 2017 03:50 AM

කැසට් සද්දේ මදිවට කොන්දොස්තරගේ සද්දේ ඊට එහා. සෙනග අස්සේ හැප්පි හැප්පි බස් එක පුරාවට දුවන හැටි.. කිසිම ගරුසරුවක් නැතිව මිනිසුන්ට කෑගහන එක පුදුම කරදරයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 286 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 125 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 190 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 236 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 369 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 841 4

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site