IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

පොලිස් නිළ ඇදුමින් ගොස් කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු ජූලි  මස 6 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ රත්නායක මහතා අද (23) නියෝග කළේය.

කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින්ම ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

එම කාන්තාව එම නිලධාරියාට පොල්ලකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා පොලිස් සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

ඔහු දැනට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත් හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතාගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි  විජිත් අල්විස් මහතා කටයුතු කළේය.

කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේය.

හදගල රලපනාවේ කාන්තාවක පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී ඇත. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා තිබේ.

ඉන්පසුව එම කාන්තාවගේ නිවසට ඉකුත් 21 වැනි දා ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර ඇත.
සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.

පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දන්වා තිබේ.



අදහස් (0)

බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 766 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 142 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 970 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 999 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1317 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1180 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site