(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ - හැටන් ප්‍රධාන මාර්ගයට පින්නවල ප්‍රදේශයේදී පස්කන්දක් කඩාවැටීමෙන් සහ මාර්ගයට ගල් පෙරලීමෙන් අද (19) පැය කිහිපයක් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.
ඉඔුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ඉඔුල්පේ ප්‍රාදේශීය සභාව සහ පින්නවල පොලිසිය එක්ව බැකෝ යන්ත්‍ර යොදා එම පස්කන්ද සහ මාර්ගයට පෙරළුණු ගල් මාර්ගයෙන් ඉවත්කිරීමට කටයුතු කරන ලදී. එහෙත් අද (19) සවස ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග යළි එම ස්ථානයෙන්ම මාර්ගයට පස් කඳු කඩා වැටී ඇත.
පවතින අධික වර්ෂාව හේතුවෙන් බලන්ගොඩ - හැටන් මාර්ගයට පින්නවල ප්‍රදේශයේ පස් කඳු කඩාවැටීම සහ ගල් පෙරලිම තවදුරටත් සිදු විය හැකි බැවින් විමසිලිමත්ව එම මාර්ගය භාවිතා කරන මෙන් ඉඔුල්පේ ප්‍රදේශීය ලේකම් බී.එම්.බී.එම්.ඒ. බටුගෙදර මහතා ජනතාවට දැනුම් දෙයි. මේ අතර මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්වත් කළ බවත් එම නිලධාරීන් මෙම ස්ථානය පරික්ෂා කිරීම සඳහා පැමිණීමට නියමිත බවද ඉඔුල්පේ ප්‍රාදේශීය ලේකම් බටුගෙදර මහතා වැඩිදුරටත් පැවැසීය.
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බලන්ගොඩ - හැටන් මාර්ගයට පස් කඳු කඩාවැටෙයි