IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


බයිඩන්ගෙන් සුබ පැතුම්

සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දකුණු ආසියාතිකයන්ට සුබ පැතුම් එක් කර ඇති සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබිණි.

ධුරයේ සිටින ජනාධිපතිවරයකු සිංහල බසින් ශ්‍රී ලංකාකියන්ට සුබ පැතුම් එක් කළ පළමු අවස්ථාව මෙය විය හැකි යැයි ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

හින්දු ජාතිකයන් ඊයේ සහ අද නවරාත්‍රී සහ වයිසාකී වැනි උත්සව ද තායි වැසියෝ සොංක්‍රන් උත්සවය ද සමරති. මෙම උත්සව බෙහෙවින් සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සව වේ.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ද සුබ පැතුම් එක් කර තිබිණි.

“මේ සතියේ දී අලුත් අවුරුද්ද සහ වයිසාකි, නවරාත්‍රී, සොංක්‍රන් උත්සව සමරන දකුණු ආසියාතිකයන්ට සහ අග්නිදිග ආසියාතිකයන්ට මම සහ ජිල් (ජනාධිපතිවරයාගේ බිරිඳ) උණුසුම් සුබ පැතුම් එක් කරනවා. බෙංගාල, කාම්බෝජ, ලාඕස, මියන්මාර, නේපාල, සිංහල, දෙමළ, තායි සහ විෂු සුබ අලුත් අවුරුද්දක්!.” යනුවෙන් එහි දැක්විණි.



අදහස් (3)

බයිඩන්ගෙන් සුබ පැතුම්

Amara Wednesday, 14 April 2021 11:33 AM

අපි එහෙම එකක් දැක්කේ නෑනේ... ට්විටර් එම්බෙඩ් කරන්ඩ පුලුවන්... වෙබ් පේජ් වල හරියටම දාන්න නිකං බොරු නොදා ...

:       0       0

බද්රානි Wednesday, 14 April 2021 08:17 PM

මේ රටේ අමනයින්ට ඕනා කරන්නේ, ඇමරිකාවේ සුබ පැතුම් නොවේ, චීනයේ ගිනි පොළී ණය විතරයි. සුබ පැතුමෙන් හරි කමක් නැහැ, කොමිස් එකක් ලැබෙනවා නම් අපේ අයට ඒ හොඳටම ඇති??

:       0       0

siri Thursday, 15 April 2021 08:15 AM

ඇති යාන්තන්. එයාගේ සුභ පැතුමේ ආනිසංශයෙන් අපේ ප්‍රශ්න සේරම විසඳෙයි එහෙනං. චීනයේ බලපෑම් දුරුවේවා කියල ලියල නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 289 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 100 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 988 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 492 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 579 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1042 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site